යොවුන් ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

715

බංගලාදේශයේ දී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ඊයෙ (18) නම් කෙරිණි.

කණ්ඩායම් අටක් සහභාගී වන මෙම තරගාවලිය සැප්තැම්බර් 29 වැනිදා ආරම්භ වන්නේ ශ්‍රී ලංකාව හා සත්කාරක බංගලාදේශය අතර චිතගොන් හී පැවැත්වෙන තරගයෙනි.

නිශාන් සහ නුවනිඳුගේ අභියෝගය ඉන්දීය යෞවනයෝ ලෙහෙසියෙන්ම පසුකරයි

වරින්වර කඩා වැටුණ ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව ගෞරවනීය තැනක තැබූ නිශාන්…

හිටපු ශූරයින් වන ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව, එක්සත් අරාබි එමීර් හා නේපාලය A කාණ්ඩයේ තරග වදින අතර ශ්‍රී ලංකාව, සත්කාරක බංගලාදේශය, පකිස්ථානය හා හොංකොං B කාණ්ඩයේ තරග වදියි.  

  • A කාණ්ඩය – ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, එක්සත් අරාබි එමීර්, නේපාලය
  • B කාණ්ඩය – පකිස්ථානය, ශ්‍රී ලංකාව, බංගලාදේශය, හොංකොං  

තරගාවලියේ කාල සටහන

සැප්තැම්බර් 29 ඇෆ්ගනිස්තානය හා එක්සත් අරාබි එමීර් ෂෙයික් කමාල් ඇකඩමි ක්‍රීඩාංගණය
ඉන්දියාව හා නේපාලය ෂෙයික් කමාල් ඇකඩමි ක්‍රීඩාංගණය
පාකිස්තානය හා හොංකොං එම්. ඒ. අසිස් ක්‍රීඩාංගණය, චිතගොන්
බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව සහුර් අහමඩ් චෞද්රි ක්‍රීඩාංගණය, චිතගොන්   
සැප්තැම්බර් 30 ඉන්දියාව හා එක්සත් අරාබි එමීර්   ෂෙයික් කමාල් ඇකඩමි ක්‍රීඩාංගණය
හොංකොං හා ශ්‍රී ලංකාව සහුර් අහමඩ් චෞද්රි ක්‍රීඩාංගණය, චිතගොන්   
ඔක්තෝබර් 1 ඇෆ්ගනිස්තානය හා නේපාලය ෂෙයික් කමාල් ඇකඩමි ක්‍රීඩාංගණය
පාකිස්තානය හා බංග්ලාදේශය සහුර් අහමඩ් චෞද්රි ක්‍රීඩාංගණය, චිතගොන්   
ඔක්තෝබර් 2 නේපාලය හා එක්සත් අරාබි එමීර්   ෂෙයික් කමාල් ඇකඩමි ක්‍රීඩාංගණය
ඉන්දියාව හා ඇෆ්ගනිස්තානය ෂෙයික් කමාල් ඇකඩමි ක්‍රීඩාංගණය
පාකිස්තානය හා ශ්‍රී ලංකාව එම්. ඒ. අසිස් ක්‍රීඩාංගණය, චිතගොන්
බංග්ලාදේශය හා හොංකොං සහුර් අහමඩ් චෞද්රි ක්‍රීඩාංගණය, චිතගොන්   
ඔක්තෝබර් 4 අවසන් පූර්ව තරගය 1(A1 හා  B2) සහුර් අහමඩ් චෞද්රි ක්‍රීඩාංගණය, චිතගොන්   
ඔක්තෝබර් 5 අවසන් පූර්ව තරගය 2 (A2 හා B1) සහුර් අහමඩ් චෞද්රි ක්‍රීඩාංගණය, චිතගොන්   
ඔක්තෝබර් 7 අවසන් මහා තරගය සහුර් අහමඩ් චෞද්රි ක්‍රීඩාංගණය, චිතගොන්   

සංචාරක ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ එක්දින තරගාවලිය තරග 3-2ක් ලෙස පරාජය වුනත් ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලියේ දී දැක්වූ දක්ෂතා නිසා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ආසියානු කුසලානයට සහභාගී වන්නේ ඉහළ අපේක්ෂා සහිතවයි.

නවෝද් සහ නිපුන්ගේ උත්සාහයන් බිඳ වැටෙයි; ශ්‍රී ලංකාවට පරාජය

තරග පහකින් යුත් ඉන්දු – ලංකා යොවුන් එක්දින තරගාවලියේ තෙවැනි තරගය වෙද්දී තරගාවලියේ…

ශ්‍රී ලංකා සංචිතය

නිපුන් ධනංජය – නායක (වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය), පසිඳු සූරියබණ්ඩාර (රාජකීය විද්‍යාලය කොළඹ), නවෝද් පරණවිතාන (මහින්ද විද්‍යාලය ගාල්ල), කමිල් මිෂාර (රාජකීය විද්‍යාලය කොළඹ), නිශාන් මදුෂ්ක (මොරටු විද්‍යාලය), නුවනිදු ප්‍රනාන්දු (සාන්ත සෙබස්තියන් මොරටුව), දුනිත් වෙල්ලාලගේ (සාන්ත ජෝසප් විද්‍යාලය), ශෂික දුල්ශාන් (සාන්ත සර්වේශස් විද්‍යාලය මාතර), කල්හාර සේනාරත්න (සාන්ත අන්තෝනි විද්‍යාලය කටුගස්තොට), රොහාන් සංජය (තිස්ස මධ්‍ය මහා විද්‍යාලය කළුතර), සඳුන් මෙන්ඩිස් (රිච්මන්ඩ් විද්‍යාලය ගාල්ල), කලන පෙරේරා (සාන්ත තෝමස් විද්‍යාලය ගල්කිස්ස), නිපුන් මාලිංග (මහින්ද විද්‍යාලය ගාල්ල), නවීන් ප්‍රනාන්දු (මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය මීගමුව), සෙල්වරාසා මතුශාන් (යාපනය මධ්‍ය විද්‍යාලය)

අතිරේක ක්‍රීඩකයින්

ලක්ෂිත මනසිංහ (නාලන්ද විද්‍යාලය කොළඹ), මුදිත ලක්ෂාන් (ඩී. එස්. සේනානායක විද්‍යාලය කොළඹ), විජයකාන්ත වියසක්නාත් (යාපනය මධ්‍ය විද්‍යාලය), චිහාන් කළිඳු (සාන්ත සර්වේශස් විද්‍යාලය), චාමික ගුණසේකර (ආනන්ද විද්‍යාලය කොළඹ)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<