ගෙවුනු දවස ජුනි 14 – බලාපොරොත්තු කඩවුනු සනත්

1053
Sri lanka sports news last day summary june 14

කෙළිබිම උණුසුම් කල පුවත් ඔබ වෙත සැකැවින් ගෙන ඒමේ අරමුනින් ජුනි පළමු දින සිට ගෙවුනු දවස නමින් ලිපි මාලාවක් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. ඔබටත් පසුගිය දින මඟ හැරුනු පුවත් එකම තැනකින්, සිංහලෙන්ම කියවීමට ඉඩ ප්‍රස්තාව ලබා දීම මෙහි අරමුණයි.

– ක්‍රිකට්

අපි බලාපොරොත්තු වුනේ නැහැ මෙහෙම දෙයක් – සනත්

එංගලන්ත ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ලැබුණ ප්‍රතිඵලය බලාපොරොත්තු වූ ප්‍රතිඵලය නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය සඳහන් කරයි. කෙසේවෙතත් තරගාවලියෙදී ධනාත්මක සලකුණු කිහිපයක් දැකගත හැකිවූ බවද සභාපතිවරයා සඳහන් කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය2-0ක් ලෙස එංගලන්ත කණ්ඩායම ජයගනිමින් ඊයේ (13දා) ලෝඩ්ස් පිටියේ පැවැති තරගයෙන් අවසන් විය.

මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් ජයසූරිය ඉහත අදහස් දැක්වීය. එංගලන්ත ටෙස්ට් තරගාවලියේ පටන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් ධනාත්මක දේවල් සිදු කිරීම් ආරම්භ කරනු ඇති බව තමා විශ්වාස කරන බවත් ඔහු පවසයි.

සම්පූර්ණ ලිපිය: “බලාපොරොත්තු වූ ප්‍රතිඵලය නොවෙයි“ – සනත් ජයසූරිය

– දැල් පන්දු

හිටපු නායිකාව අතිරේක ලැයිස්තුවට

තායිලන්තයේදී පැවැත්වෙන 10 වැනි ආසියානු දැල්පන්දු තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීමට අදාළව පැවැති පරීක්‍ෂණයෙන් පසුව අතිරේක ක්‍රීඩිකාවන් තිදෙනකු ඇතුළුව ක්‍රීඩිකාවන් 15 දෙනකුගෙන් යුත් නව සංචිතයක් ප්‍රකාශයට පත්කර තිබේ.

සංචිතය: දර්ශිකා අබේවික්‍රම, හසිතා මෙන්ඩිස්, ගයංජලී අමරවංශ, තිළිණි වත්තෙගෙදර, සුරේඛා කුමාරි, දීපිකා දර්ශනී, ගයනි දිසානායක, තිවංකා පෙරේරා, රුවිනි යටිගම්මන, ශ්‍යාමලී රත්නායක, කාංචනා ජයවීර, දුලංජි ධනංජනී

අතිරේක – සේමිණී අල්විස්, විරාජි චාමරිකා, පූර්ණිමා ලක්මාලි

සම්පූර්ණ ලිපිය: නිල දැල්පන්දු සංචිතය: හිටපු නායිකා සේමිණි අතිරේක ලැයිස්තුවට

දවසේ නිමාව