කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ඩුබායි දේශයට

එක් කණ්ඩායමකට පන්දුවාර 40ක් පිරිනැමෙන මේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙම මස හය වැනිදා ඩුබායි බලා පිටත්ව යනු ඇත. ක්‍රිකට් ආයතනය දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පුහුණුවීම් වෙනුවෙන් එන්. සී. සී. ක්‍රීඩාංගණයේ පැති විකට්ටුව, මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ තණතිල්ල (මධ්‍ය විකට්ටුව) හා පුහුණුකරුවකුගේ සේවය ද සපයනු ලබයි.
සම්පූර්ණ වාර්තාව: ලෝක කුසලාන කණ්ඩායමේ නායකත්වය චන්දනට
සචිත්‍රගේ ශතකයෙන් හලාවත ඉදිරියෙන්

එමෙන්ම එම ක්‍රීඩා සමාජයේම පුලින තරංග පිත්තෙන් දක්ෂතා දක්වමින් ඊයේ දවසේ කැපී පෙණුන අතර පන්දු යැවීමේ දී බදුරලිය ක්‍රීඩා සමාජයේ අලංකාර අසංක සහ සිංහල ක්‍රීඩා සමාජයේ අකාෂ් සේනාරත්න ද දක්ෂතා දැක්වූහ.
මේ අතර ඊයේ ආරම්භ වූ අනෙක් තරගයේ දී කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායමේ වමත් පිතිකරු සංගීත් කුරේ ද අර්ධ ශතකයක් වාර්තා කළේය.
සම්පූර්ණ වාර්තාව: වසරේ පළමු ශතකය සචිත්‍ර සේරසිංහගෙන්
ඉසිපතනයේ දිනත්ගෙන් කඩුලු 6ක්

ඊයේ දිනය තුල දී සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ නිෂිත අභිලාෂ් (129) පිතිකරණයෙන් දස්කම් අතරට පිවිසෙන විට ඉසිපතන විද්‍යාලයේ දිනත් දිසානායක කඩුලු 6ක් දවා ගනිමින් දස්කම් අතරට පිවිසියේය.
ඉසිපතන විද්‍යාලය පළමු ඉනිම – 86/10 (31): සනිල් විදුෂ 4/34, අවිශ්ක තරිඳු 4/41
සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉනිම – 99/10 (30.4): යසිඳු ජයවීර 23, දිනත් දිසානායක 6/31
ඉසිපතන විද්‍යාලය දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) – 80/7 (21): එෂාන් ප්‍රනාන්දු 23*, සනිල් නිදුෂ 3/44
සම්පූර්ණ වාර්තාව: සාන්ත ජෝසප් හා සාන්ත සෙබස්තියන් කරට කර සටනක





















