කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.
ධර්මාශෝකයට රවිදුගෙන් ශතකයක්
දක්ෂයින් අතර අතිදක්ෂයින් සොයා යන සිංගර් වයස අවුරුදු 19න් පහළ පළමු පෙල පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 5ක් ඊයේ (13) පළමු දිනයට පැවැත්විය. එහි දී ශතක ඉනිම් දියත් කිරීමට පැතුම් නිස්සංක (135) හා රවිදු රශන්ත (107*) සමත් විය.
ඩී.එස්. සේනානායක විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 184 (47.2): මුදිත ලක්ෂාන් 50, ශෙසාඩ් අමීන් 37, මෙත්සිත් ජයමාන්න 30, ලොහාන් ද සොයිසා 3/33, කවිඳු අදීශන 3/41, උශාන් ඉමන්ත 2/40
ධර්මාශෝක විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) –190/3 (43): රවිදු රශන්ත 107*, කසුන් මදුරංග 40, හර්ෂජිත් රෙශාන් 21
මහානාම විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 178 (47.3): දේශාන් හෙට්ටිආරච්චි 51, මලිදු මදුරංග 28, කවිඳු මුණසිංහ 21, කෙවින් කෙමිත 3/34, පසිදු දේශාන් 2/12, නිපුන් මාලිංග 2/36
මහින්ද විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 113/5 (45): රවිදු හංසික 39, විනුර හිරන්ජිත් 28, පැතුම් බොතේජු 2/16
සම්පූර්ණ ලකුණු වාර්තාව: පැතුම් හා රවිදු ශතක අතරට
ශ්‍රී ලංකා කාන්තාවෝ සුපිරි 6ට

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා කාන්තාවන් සුපිරි 6 දෙනාගේ වටයට
චන්ද්‍රගුප්තගෙන් බලාපොරොත්තුවක්

ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 153 (පන්දුවාර 53.3): රොන් චන්ද්‍රගුප්ත 48, ඩිලාන් ජයලත් 26, තරිඳු කෞෂාල් 18*, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 11, ටොම් හෙල්ම් 3/18, ටොම් කුරාන් 2/23, ක්‍රේග් ඕවර්ටන් 2/31.
එංගලන්ත ලයන්ස් කණ්ඩායම (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 279 (පන්දුවාර 69.1): ටොම් වෙස්ට්ලි 95, ලියාම් ලිවින්ග්ස්ටන් 84, සෑම් කුරාන් 24, කීතන් ජෙනින්ග්ස් 13, මලින්ද පුෂ්පකුමාර 3/82, විමුක්ති පෙරේරා 2/27, නිසල තාරක 2/60, තරිඳු කෞෂාල් 2/59.
ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම (දෙවන ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 182 (පන්දුවාර 57): රොන් චන්ද්‍රගුප්ත 91, ඉරෝෂ් සමරසූරිය 42, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 32*, නිපුන් කරුණානායක 5, හෂාන් ප්‍රභාත් 2*, රෝලන්ඩ් ජෝන්ස් 1/10, ටොම් කුරාන් 1/18.
සම්පූර්ණ තරග වාර්තාව: චන්ද්‍රගුප්තගේ සටන්කාමී ඉනිම ශ්‍රී ලංකාවට බලාපොරොත්තු ගෙනෙයි
නායකත්වය ධනංජය ද සිල්වාට

සම්පූර්ණ සංචිතය: ශ්‍රී ලංකා A කණ්ඩායමේ සුක්කානම ධනංජය ද සිල්වා
යුධ හමුදාව 05 – 00 නිව් යංග්ස්
ඊයේ (13) කැලණිය ක්‍රීඩාංගණයේ දී පැවති ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයේ තරගයක දී ගෝල 5-0ක් වශයෙන් නිව් යංග්ස් ක්‍රීඩා සමාජයට යන එන මං අහිමි කළ යුධ හමුදා ක්‍රීඩා සමාජය, තරගයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් විය.
- පළමු අර්ධය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 1-0 නිව් යංග්ස් ක්‍රීඩා සමාජය.
- සම්පුර්ණ කාලය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 5-0 නිව් යංග්ස් ක්‍රීඩා සමාජය.
- ThePapare.com තරගයේ වීරයා: සංක ධනුෂ්ක (යුධ හමුදාව)
දිනයක අවසානය
අද දිනයේ පුවත් සඳහා රැදී සිටින්න – මුල් පිටුව සමඟින්






















