කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ශ්‍රී ලංකාව තවත් අගාධයට

උඳුවප් සීතලේ වෙළෙමින් ලොවක් අවදියෙන් නත්තල සපැමිණෙන තුරු බලා සිටිය දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ කිසිදු ලෝබකමක් නොමැතිව දෙරට අතර පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය 3-0ක් සේ ඊයේ (24) ඉන්දීය ක්‍රීඩකයන් වෙත මුම්බායි හි දී ප්‍රදානය කළහ.
දෙරට අතර පැවති තෙවැනි සහ අවසාන විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිට් ශර්මාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 135ක් ලබා ගත්හ. පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ පන්දු වාර 19.2ක දි කඩුලු 5ක් දැවී ලකුණු 139ක් ලබා ගත්තේ කඩුලු 5ක ජයග්‍රහණයක් තමන් සන්තක කර ගනිමිනි.
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට නත්තල් තෑග්ගක්
නිපුන් සහ මනෝජ් ගෙන් ශතක දෙකක්

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 263 (පන්දුවාර 83.4): ලහිරු ජයකොඩි 86, ලහිරු සමරකෝන් 34, නිපුන් හග්ගල්ල 25, අදීශ නානායක්කාර 23, සචිත්‍ර සේනානායක 7/82, කසුන් මධුශංක 2/43.
සිංහල ක්‍රීඩා සමාජය – කඩුලු 3ක් දැවී ලකුණු 464 (පන්දුවාර 96): කෞෂාල් සිල්වා 202*, දිමුත් කරුණාරත්න 143, ශම්මු අශාන් 66, මිලින්ද සිරිවර්ධන 28*, නිපුන් කරුණානායක 2/59.
බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 277 (පන්දුවාර 74): නිපුන් කරුණානායක 122, නිසල් ෆ්‍රැන්සිස්කෝ 61, අදීශ නානායක්කාර 57*, සචිත්‍ර සේනානායක 2/79.
තරග සියල්ලේම වාර්තාව: කෞෂාල්ගේ සුපිරි ඉනිම ද්විත්ව ශතකයක් බවට පෙරළෙයි!






















