කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
මරීජා සංචිතයෙන් ඉවත් වෙයි

හොංකොං හිදී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර සඳහා පුහුණු වන සංචිතයට අත්දැකීම් බහුල මරීජාගේ දායකත්වය නොලැබේ. සිය පවුල සමඟ කාලය ගත කිරීමට අවශ්‍ය බැවින් ඒ තීරණය ගත් බවයි 32 හැවිරිදි ඔහු පවසන්නේ.
නායකයෙකු සහ ක්‍රීඩකයෙකු ලෙස මරීජාගෙන් වසර ගණනාවක් පුරා ලාංකික රග්බි ක්ෂේත්‍රයට ලැබුණු සේවය අතිමහත් ය. 2015 වර්ෂයේදී නායකත්වයට පත්වීමෙන් පසුද ඔහු සුපුරුදු උද්යෝගයෙන් ක්‍රීඩා කළ අතර එම වසරේදී හොංකොං වලදි පැවති ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගවලට ශ්‍රී ලංකාව සහභාගී විය.
සම්පූර්ණ වාර්තාව: අත්දැකීම් බහුල මරීජා සංචිතයෙන් ඉවත් වේ
ජාතික තලයට ගිය යෞවනයෝ

ශ්‍රී ලංකා 20න් පහළ යෞවනයන් පසුගියදා අවසන් වූ ආසියානු 20න් පහළ රග්බි තරගාවලියේ අනුශූරතාවය දිනාගත් අතර එහිදී ඔවුන් පරාජය වූයේ හොංකොං කණ්ඩායම හමුවේ පමණි. පසුගිය වසරේ එහි ශූරතාවය දිනා ගැනීමට සමත් වූයේද ශ්‍රී ලංකා කණ්ඩායම වීමෙන් ආසියානු 20න් පහළ රග්බි තලය තුළ ශ්‍රී ලංකාව පසුවන මට්ටම ගැන පැහැදිලි ප්‍රතිබිම්බයක් අප හට දැක ගත හැකි විය.
සම්පූර්ණ වාර්තාව: රග්බි යෞවනයන් කිහිප දෙනෙක් ජාතික කණ්ඩායමට
ටෙස්ට් තරගය දින තුනෙන් නිමා වෙයි

ඒ දීර්ඝ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු කණ්ඩායමට ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය තරග 3-0ක් ලෙස බන්දේසියක තබා පිළිගැන්වීම මඟිනි. ඊයේ නිමාවට පත්වූ තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය ඔවුන් ජය ගත්තේ දින 3ක් ගෙවී යාමටත් මත්තෙනි.
සම්පූර්ණ වාර්තාව: වාර්තා රැසක් සමඟින් ඉන්දියාවට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්!
චන්දිමාල් පරාජයට හේතු දක්වයි

“මං කියන්න කැමතියි, අපිට විශාලම ගැටලුව ඇති වුනේ ආබාධ තත්වයන් නිසයි. ඕස්ට්‍රේලියානු තරගාවලියේ දී අපේ සියලුම ක්‍රීඩකයින් හොඳ ශාරීරික යෝග්‍යතාවයකින් සිටියා. කිසිම විදිහක ආබාධයක් තිබුණේ නෑ. සෑම දෙනාම තමන්ගෙ උපරිමය දුන්නා. මෙවර තරගාවලියෙ දී නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, රංගන හේරත් වගේම අසේල ගුණරත්නත් ආබාධවලට ලක්වෙලයි හිටියේ. ගෙවුණු මාස 6 දී ඔවුන් ඉතාමත් හොඳින් ක්‍රීඩා කළ අය. ඒකයි ප්‍රධානම ප්‍රශ්නය වුනේ. මට නිදහසට කරුණු දැක්වීමට අවශ්‍ය නෑ. අපි ඉදිරියේ දී මීට වඩා හොඳින් ක්‍රීඩා කළ යුතුයි.” චන්දිමාල් කියා සිටියි.
සම්පූර්ණ වාර්තාව: “පිට පිටම ඇතිවූ ආබාධ පරාජයට මූලික හේතුවයි” – දිනේෂ් චන්දිමාල්






















