කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
ක්‍රිකට්
බස්නාහිර උතුර සහ දකුණුට ජය

බස්නාහිර උතුර – 221/09 (පන්දු වාර 50): මහේෂ් තීක්ෂණ 74, ලහිරු අත්තනායක 34, සජිත් සමීර 31, විමුක්ති කුලතුංග 3/21, ලක්ෂිත මුණසිංහ 2/39
බස්නාහිර මධ්‍යම – සියල්ලන්ම දැවී 208 (පන්දු වාර 46.2): සන්තුෂ් ගුණතිලක 55, පසිඳු සූරියබණ්ඩාර 39, සංජුල අබේවික්‍රම 35, ලක්ෂිත මුණසිංහ 20, අසේල සිගේරා 3/28, මහේෂ් තීක්ෂණ 2/34
බස්නාහිර දකුණ – සියල්ලන්ම දැවී 268 (පන්දු වාර 49.5): කමිල් මිශාර 105, කවිදු උමයංග 65, නිශාන් මදුශ්ක 54, ප්‍රමුදිත මදුභාශ් 2/28, චතුර මහේල 2/34, ශසික දුල්ෂාන් 2/42
ඌව – 225/09 (පන්දු වාර 50): ශසික දුල්ෂාන් 75, නවීන් හසරංග 33, ආධිත්‍යය සදරුවන් 22, ටශික පෙරේරා 3/42, රොහාන් සංජය 2/42, අශාන් දිල්හාර 2/48
සම්පූර්ණ ලිපිය: ශතකයක් හා අර්ධ ශතක හතක්
නව වේග පන්දු පුහුණුකරුවෙක්

හිටපු දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ඇලන් ඩොනල්ඩ් එළඹෙන ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ගේ විශේෂඥ පුහුණුකරු ලෙස පත්කර ඇත. මෙම ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේ දී හා වේල්සයේ දී පැවැත්වේ.
.
.
සම්පූර්ණ ලිපිය: වේගපන්දු පුහුණුකරු ලෙස ඇලන් ඩොනල්ඩ්
හර්බට් කුසලානය ගුවන් හමුදාවට
සාන්ත මයිකල්ස් විදුහල් පරිශ්‍රයේ පැවති 6 වන හර්බර්ට් අනුස්මරණ පැසිපන්දු තරගාවලිය අතිඋත්කර්ෂවත් අයුරින් නිමාවට පත්විය. කණ්ඩායම් 7ක් දින 3ක් පුරාවට මඩකලපුව නගරය උණුසුම් කරන්නට සමත් වූ අතර අවසන් මහා තරගයට ඉන් යුද හමුදා කණ්ඩායම හා වත්මන් ජාතික ශූර ගුවන් හමුදා කණ්ඩායම තේරී විය. සුපුරුදු පරිදි ශූරතාවය දිනා ගන්නට ගුවන් හමුදාව සමත් විය.
සම්පූර්ණ වාර්තාව: හර්බර්ට් කුසලානය ගුවන් හමුදාවට
රන් සහ ලෝකඩ පදක්කම්
ආසියානු ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ තෙවැනි හා අවසාන අදියර ඊයේ (30) තායිපේ නගරයේ දී නිමාව දුටු අතර එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් දෙකක් සහ එක් ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් තරගාවලිය අවසන් කරන්නට සමත් විය.
.
සම්පූර්ණ ලිපිය: ඉඳුනිල්ට සහ ගයන්තිකාට රන් පදක්කම්













