උදෑසනකමකාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.
ශ්‍රී ලංකාවෙන් අසාර්ථක ආරම්භයක්

පෙර දිනයේ කඩුලු 6ක් දැවී ලකුණු 246ක් ලබා සිටිය දී දෙවැනි දිනයට ඉනිම ආරම්භ කළ කොදෙව්වෝ ඊයේ දිනයේ දී තම ලකුණු පුවරුව කඩුලු 8කට ලකුණු 414ක් දක්වා රැගෙන එමින් ඉන් සෑහීමකට පත්වූහ. ඔවුන් ඊයේ දිනයේ දී රැස් කරන ලද ලකුණු 168 වෙනුවෙන් පූජා කළේ කඩුලු 2ක් පමණි.
පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දිනය නිමා වෙද්දී ලබා සිටියේ කඩුලු 3ක් දැවී ලකුණු 31ක් පමණි.
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අවාසනාවට උර තබති
ආසියානු ශූරියන්ගෙන් දැවැන්ත අභියෝගයක්

ඉන්දීය කණ්ඩායම මේ තරගයට අවතීර්ණ වූයේ බංගලාදේශ කාන්තා කණ්ඩායම හමුවේ නොසිතූ පරාජයක් ලබා ගනිමිනි. එසේම ශ්‍රී ලංකා කණ්ඩායම ද ඊයේ (6) දිනයේ දී පකිස්තානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති තරගය ද ලකුණු 23කින් පරාජය වීම නිසා දෙපිලටම මේ තරගය ජය ගැනීම ඉතාමත් වැදගත් විය.
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකාව ආසියානු ශූරියන්ට කරට කර සටනක් දෙයි
කනිශ්ඨයින්ගේ ආරම්භය සාර්ථකයි

තරගාවලියේ ආරම්භක දිනය වූ ඊයේ දිනය ශ්‍රී ලංකාවට ඉතාමත් යහපත් හා සුබදායී දිනයක් බවට පත්වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම අවසන් මහා තරග සඳහා ඊයේ දිනයේ දී සුදුසුකම් ලබා ගැනීමට සමත් වීම නිසාවෙනි.
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා කනිෂ්ඨයින් ජපානයේ දී විශිෂ්ට දස්කම් දක්වයි





















