කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.
ලසිත් පන්දුවෙන් අයර්ලන්තය මෙල්ල කරයි

පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 153ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ තම පළමු ඉනිමට ලකුණු 303ක් ලබා ගත් හ. ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 155ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි අයර්ලන්ත ක්‍රීඩකයෝ තරගයේ දෙවැනි දිනයට බේල්ස් ඉවත් කෙරෙන විට ලබා සිටියේ කඩුලු 9ක් දැවී ලකුණු 182කි. ඒ අනුව ඔවුන් මේ වන විට සත්කාරකයන්ට වඩා ඉදිරියෙන් පසුවෙන්නේ ලකුණු 27කිනි.
සම්පූර්ණ වාර්තාව: ලසිත් ඇඹුල්දෙනිය අයර්ලන්තය මෙල්ල කරයි
සැරසන්ස් ඉනිමේ කඩුලු 10 මාලින්දට

ඔහු මේ වෙනුවෙන් ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 37ක් පමණි. ඔහු පන්දුවාර 18.4ක් යැවූ අතර නොඉඳල් පන්දුවාර 5ක් ද ඊට ඇතුළත් විය.
මේ අතර ඊයේ අවසන් වූ තරගවලින් එස්. එස්. සී, යුද හමුදාව, සී. සී. සී. සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.
සම්පූර්ණ වාර්තාව: මාලින්ද පුෂ්පකුමාර ඉනිමක කඩුලු 10ම සතු කර ගනී

2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ තමන් මුහුණ දුන් පළමු තරගයේ දී ද තම අපරාජිත බව රඳවා ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. මෙහි දී ඔවුන් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමඟ තරග වැදුණු අතර උද්වේගකර සටනකින් පසු ලකුණු 52-22ක් ලෙස තරගය පහසුවෙන් ජය ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. තරගය ඊයේ (06) නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.
සම්පූර්ණ වාර්තාව: අපරාජිත වාර්තාව තවදුරටත් මහනුවර යටතට
2018/19 ‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවැනි අදියරේ පළමු සතියේ තරගයක් ලෙස පැවති CH&FC කණ්ඩායම සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය ඊයේ (06) කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වූයේ කරට කර තරගයකින් අනතුරුව CH&FC කණ්ඩායම ලකුණු 31-28ක් ලෙස තරගයේ ජයග්‍රහණය තහවුරු කරගනිමිනි.
සම්පූර්ණ වාර්තාව: දෙවැනි අර්ධයේ දී CH පෙරමුණ ගනී























