කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.
බෝගම්බර ගිය සහිරා ක්‍රීඩකයින් හිස් අතින් කොළඹට

තරගය අවසාන වන තෙක් තම සටන්කාමීත්වය පවත්වා ගත්ත ද සහිරාවන්ට දෙවැනි අර්ධයේ දී කිසිදු ආකාරයක ලකුණක් ලබා ගැනීමක් නොහැකි වූ අතර පළමු අර්ධයේ ලැබූ උත්සාහක දිනුමෙන් පමණක් සෑහීමකට පත් වන්නට ඔවුන්ට සිදු විය.
සම්පූර්ණ වාර්තාව: කන්ද උඩරට ජවය හමුවේ සහිරාවන් පසු බසී
ධනංජය ශ්‍රී ලංකා සංචිතය සමඟ එකතු වේ

එම තරගාවලිය වෙනුවෙන් නම් කරන ලද ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට ඇතුළත්ව සිටි ධනංජය ද සිල්වා හට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව ගිය දිනයේ දී දිවයිනෙන් පිටව යාමට නොහැකි වූයේ ධනංජයගේ පියා වූ රංජන් ද සිල්වා (62) මහතා පසුගිය 24 වැනිදා හදිසියේ ජීවිතක්ෂයට පත්වීම නිසාවෙනි.
සම්පූර්ණ වාර්තාව: සුබවාදී බලාපොරොත්තු සමඟින් ධනංජය කොදෙව් දේශයට
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ආසියානු කුසලානයේ පළමු තරගය ජය ගනී

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟින් ක්වාලාලම්පූර් නගරයේ දී පැවති මෙම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 6ක් ජයක් වාර්තා කළේ තවත් පන්දු 33ක් ඉතිරිව තිබිය දී ය.
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ මේ දක්වා පැවති තරගාවලි අතරින් සිව්වරක් අනුශූරතාව දිනා ඇති ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මෙම ජයග්‍රහණත් සමඟින් මෙවර තරගාවලි කුසලානයේ තමන්ට හිමි තැන පිළිබඳව අනෙකුත් කණ්ඩායම්වලට අනතුරු ඇඟවීමක් කළේ තමන් සන්තකයේ ඉතාම සටන්කාමී කණ්ඩායමක් සිටිනා බැව් පෙන්වමිනි. කෙසේ වෙතත් මේ දක්වා පැවති තරග අතරින් ඉන්දියාව සහ පාකිස්තානය ද තරගය බැගින් ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාව හා කරට කර ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම රැඳී සිටී.
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමු තරගයෙන්ම ආසියානු කුසලානයට ඉව අල්ලති






















