කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
සිංගප්පූරුවට සහ එංගලන්තයට හොඳ සංග්‍රහයක්

එහි දී ප්‍රථමයෙන් පැවති තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිංගප්පූරු කණ්ඩායම් තරග කළ අතර 15:10ක්, 18:07ක්, 19:14ක්, 13:14ක් ලෙස මුළු ලකුණු 65:45ක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජයග්‍රහණය වාර්තා කළේය.
දෙවැනි තරගය ශ්‍රී ලංකා සංවර්ධන සහ එංගලන්ත PStar කණ්ඩායම අතර පැවැත්විය. එහි දී ලකුණු 71-22ක් ලෙස පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට හැකි විය.
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකාව හමුවේ සිංගප්පූරුව හා එංගලන්තය පරදී
මෙවර ශූරතාවයත් ඉෂාන්ට

Mx250cc ඉසව්වේ වත්මන් ජාතික ශූරයා වන ඉශාන් දසනායක පිට පිට තෙවන වරටත් සීගිරිය ධාවන පථය සියතට ගැනීමට සමත් වූ අතර ඒ සමඟින් පසුගිය වසරේ දිනා ගත් හොඳම යතුරුපැදි ධාවකයා කුසලානය මෙවරත් හිමි කර ගැනීමට ඔහු සමත් විය.
සම්පූර්ණ වාර්තාව: තෙවන වරටත් ඉශාන් ශූරතාව රැගෙන යයි
[/vc_column_text]





















