කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
2019 ලෝක කුසලානය මැයි 30 වැනිදා

2017 සැප්තැම්බර් මස 30 වැනිදා වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව එහි පළමු ස්ථාන අටේ සිටි කණ්ඩායම් 8 නිතරගයෙන් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගත් අතර ඕස්ට්‍රේලියාව, බංගලාදේශය, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව ඒ සඳහා නිතරගයෙන් සුදුසුකම් ලැබූ රටවල් වේ.
සම්පූර්ණ වාර්තාව: ලෝක කුසලානයේ කාලසටහන නිකුත් වේ
වාර්තා 27ක් සමඟින් කනිෂ්ඨ ශූරතාවය අවසන්

සිව්වැනි හා අවසාන දිනය වූ ඊයේ (26) තරගාවලියේ උද්වේගකරම ඉසව් වූ බාලක බාලිකා මීටර 100 ධාවන තරග ඇතුළු ඉසව් කිහිපයක් පැවැත්විය. පෙර දිනවල මෙන්ම උෂ්ණාධික තත්ත්ව යටතේ වුවද, නවීකරණය කරන ලද සුගතදාස මංතීරු වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉතා හොඳින් ක්‍රීඩා කළ අතර ජවන හා පිටියේ ඉසව්වලින් අදත් නව තරග වාර්තා කිහිපයක් බිහි විය.
සම්පූර්ණ වාර්තාව: 400 වාර්තාව සමඟින් දක්ෂතම ක්‍රීඩකයා අරුණ






















