කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
නාවිකයින්ට කුසලානය මග හැරේ

සුපිරි ක්‍රීඩක ෆාසිල් මරීජා හට සුපිරි සමුදීමක් ලබා දීමේ අරමුණින් මහනුවර ක්‍රීඩා සමාජය ගයාන් වීරරත්නගේ මෙහෙය වීමෙන් පිටියට පිවිසි අතර ලීග් තරගාවලියේ ගිලිහී ගිය ශූරතාව වෙනුවට ක්ලිෆර්ඩ් ශූරතාව දිනා ගැනීමේ අධිෂ්ඨානයෙන් නාවික හමුදා කණ්ඩායම දුලංජන විජේසිංහ විසින් මෙහෙයවනු ලැබීය.
සම්පූර්ණ වාර්තාව: ක්ලිෆර්ඩ් කුසලාන ජයත් සමඟින් ෆාසිල් මරීජා පිටියෙන් සමුගනී
13න් පහළ ශූරතාවය ඩී. එස්. ක්‍රීඩකයින්ට

අවසන් මහා තරගය පැවතියේ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර කොළඹ වෙස්ලි විද්‍යාලයීය පිටියේ දී ය. මෙම තරගය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අතර මග දී නතර කරන්නට යෙදුණ අතර තරගයේ ජයග්‍රහණය ලබා ගන්නා ලද ප්‍රසාද ලකුණු මත තීරණය කෙරුණි.
සම්පූර්ණ වාර්තාව: ඩී. එස්. පොඩ්ඩෝ 13න් පහළ ශූරතාව දිනයි
ගාල්ල මහින්ද විදුහලත් අවසන් 8 දෙනා අතරට

නාලන්ද විද්‍යාලය හා රාහුල විද්‍යාලය අතර පැවැත්වූ තරගය ද ජය පරාජයෙන් තොරව අවසන් වුවත් එහි පළමු ඉනිමේ වාසිය දිනා ගැනීමට නාලන්ද විද්‍යාලයට හැකි විය.
ගුරුකුල විද්‍යාලය – 229 (78.4): පැතුම් මහේෂ් 58, ලසිඳු අරෝශ 56, කෙමිර නයනතරු 32, නුවන් චානක 26, පසන් පෙතනගොඩ 5/98.
මහින්ද විද්‍යාලය – 265/8 (78.3): කවිඳු එදිරිවීර 66*, කේ. කේ. කෙවින් 40, හංසික වැලිහිඳ 39, විනුර දුල්සර 23, නුවන් චානක 3/51, පෘථිවි රූසර 3/57.
සම්පූර්ණ වාර්තාව: දකුණු ලක පාසලකට සුපිරි අටට වරම්
නිරෝෂන් දික්වැල්ලගෙන් 60ක්

එසේම නිරෝශන් දික්වැල්ල හා ලසිත් මාලිංගගේ දස්කම් නිසාවෙන් පොලිස් ක්‍රීඩා සමාජයට එදිරිව ලකුණු 39ක ජයක් ලබා ගැනීමට එන්. සී. සී කණ්ඩායම සමත් විය. ඊට අමතරව දිනේශ් චන්දිමාල්, උපුල් තරංග ද ලකුණු අතරට පිවිසියේය.
එන්. සී. සී – 206/6 (20): නිරෝශන් දික්වැල්ල 60, දිනේශ් චන්දිමාල් 44, උපුල් තරංග 28, භානුක රාජපක්ෂ 24, බුද්ධික සංජීව 2/45.
පොලිස් ක්‍රීඩා සමාජය – 167/7 (20): මහේෂ් ප්‍රියදර්ශන 61, සමිත් දුශ්ශන්ත 50, ලසිත් මාලිංග 3/31, චතුරංග ද සිල්වා 2/38.
සම්පූර්ණ වාර්තාව: බදුරලිය හමුවේ ද එස්. එස්. සී අසරණ වෙයි





















