ක්ලිෆර්ඩ් කුසලාන ජයත් සමඟින් ෆාසිල් මරීජා පිටියෙන් සමුගනී

762

2018 ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසාන මහා තරගය මහනුවර ක්‍රීඩා සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර අද (25) කොළඹ CR & FC ක්‍රීඩාංගණයේ දී පැවති අතර තියුණු තරගයකින් පසු ලකුණු 21-08ක් ලෙස 2018 ක්ලිෆර්ඩ් කුසලානය දිනා ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.

මහනුවර උපක්‍රම හමුවේ CRට අවසන් තරගය අහිමි වේ

ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (21) මහනුවර ක්‍රීඩා සමාජය හා CR & FC කණ්ඩායම අතර ………

සුපිරි ක්‍රීඩක ෆාසිල් මරීජා හට සුපිරි සමුදීමක් ලබා දීමේ අරමුණින් මහනුවර ක්‍රීඩා සමාජය ගයාන් වීරරත්නගේ මෙහෙය වීමෙන් පිටියට පිවිසි අතර ලීග් තරගාවලියේ ගිලිහී ගිය ශූරතාව වෙනුවට ක්ලිෆර්ඩ් ශූරතාව දිනා ගැනීමේ අධිෂ්ඨානයෙන් නාවික හමුදා කණ්ඩායම දුලංජන විජේසිංහ විසින් මෙහෙයවනු ලැබීය.

තරගය ආරම්භයේ මහනුවර ක්‍රීඩා සමාජය ප්‍රබල ලෙස නාවික හමුදා කණ්ඩායම සිය ග්‍රහණයට ගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස තරගයේ තෙවන මිනිත්තුවේ දී සිය පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩකයෝ සමත් වූහ. ’Line Out’ අවස්ථාවක් අලංකාර ලෙස ග්‍රහණය කර ගත් මහනුවර කණ්ඩායම, පන්දුව ගයාන් වීරරත්න වෙත යොමු කළ අතර ඔහු නාවික හමුදා ක්‍රීඩකයින් මුලා කරමින් උත්සාහක සීමාව අසලටම ගොස් අවසාන මොහොතේ අලංකාර පන්දු හුවමාරු කිරීමකින් පන්දුව ධනුෂ්ක රන්ජන් වෙත ලබා දීමෙන් අනතුරුව රන්ජන්ගේ සුරතින් එම උත්සාහක දිනුම වාර්තා විය. නයිජල් රත්වත්ත එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට අසමත් විය. (මහනුවර 05-00 නාවික)

අනතුරුව සිය සුපුරුදු ක්‍රීඩා රටා විලාසයෙන් මිදී මහනුවර ක්‍රීඩා සමාජයේ වේගවත් ක්‍රීඩා විලාසයට අභියෝග කළ නාවික හමුදා ක්‍රීඩකයෝ ඉතා දක්ෂ ක්‍රීඩා විලාසයක නිරත වූ අතර ඔවුන්ට ලකුණු රැස්කර ගැනීමට තිබූ අවස්ථා සියල්ල අහිමි කිරීමට ඔවුන් සමත් විය.

නාවිකයින්ට ලකුණු රැස්කර ගැනීමට නොහැකිවුවත් මහනුවර ක්‍රීඩා රටාව හඳුනා ගෙන ඔවුන්ගේ ලකුණු රැස්කිරීමේ අවස්ථා සියල්ල නිෂ්ඵල කිරීමට ඔවුන් සමත් විය. මේ ක්‍රීඩා සමය පුරා පළමු අර්ධයේ ඉහළ ලකුණු ප්‍රමාණයක් රැස් කර ගැනීම පුරුද්දක් කරගෙන සිටි මහනුවර කණ්ඩායමට දෙවන වරට ලකුණු රැස් කිරීමට අවස්ථාවක් හිමි වන විට මිනිත්තු 33ක් ගත වී තිබුණි.

නයිජල් රත්වත්ත 33 වන මිනිත්තුවේ දී දඬුවම් පහරක් සාර්ථක කර ගත් අතර පළමු අර්ධය අවසානයේ මහනුවර කණ්ඩායම ලකුණු 08-00ක් ලෙස ඉදිරියෙන් පසුවිය.

පළමු අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 08 – 00 නාවික හමුදා ක්‍රීඩා සමාජය

ලකුණු රැස්කිරීමේ අරමුණින්ම පිටියට පිවිසි නාවික හමුදා ක්‍රීඩකයෝ දෙවැනි අර්ධය ආරම්භ වී තත්පර කිහිපයක් ගතවත්ම මහනුවර සුපිරි ක්‍රීඩක ෆාසිල් මරීජාගේ අතපසුවීමකින් මනා ප්‍රයෝජන ලබා ගත් මොහොමඩ් අබ්සල් නාවික හමුදාව වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. තිළිණ වීරසිංහ එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් විය. (මහනුවර 08-07 නාවික)

කණ්ඩායම් දෙකම විශිෂ්ට ලෙස කරට කර තරගයකට පිවිසුණ අතර 43 වන මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට මහනුවර කණ්ඩායමේ නයිජල් රත්වත්ත අසමත් විය. පිටියේ පවතී දැඩි සුළං තත්වය නිසා පන්දුවට පහර දීමේ දැඩි අපහසු වාතාවරණයක් පැවතීම කණ්ඩායම් දෙකටම අවාසියක් විය.

සිල්වෙස්තර තුරඟුන් අලුත් මුහුණුවරකින් මෙවර රග්බි පිටියට

ජ්‍යෙෂ්ඨ මෙන්ම නවක මුහුණු රැසක් ද සමඟින් විද්‍යාර්ථයට එරෙහිව පී. එම්. එල්. බණ්ඩා හා බර්ටි නිල්ලේගොඩ අනුස්මරණ මහා රග්බි තරගය……………

නැවතත් සුපුරුදු රිද්මයට පිවිසුණු මහනුවර කණ්ඩායම 60 වන මිනිත්තුවේ දී සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. දනුෂ්ක රන්ජන් දිනයේ දෙවන වරටත් ලකුණු රැස් කිරීමට සමත් වූ අතර තිළිණ විජේසිංහ හට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට නොහැකි විය. (මහනුවර 13-07 නාවික)

61 වන මිනිත්තුවේ දී මහනුවර කණ්ඩායමේ තිළිණ විජේසිංහ ඩ්‍රොප්ගෝල දිනුමක් සඳහා උත්සහ කළ අතර එය අසාර්ථක වූ නමුත් 62 වන මිනිත්තුවේ ලද දඬුවම් පහර සාර්ථක කර ගැනීමට ඔහු සමත් විය. (මහනුවර 16-07 නාවික)

නාවික හමුදා කණ්ඩායමට නැවත සිහි කැඳවා ගැනීමටවත් ඉඩ නොදුන් මහනුවර කණ්ඩායමේ ක්‍රීඩකයෝ 66 වන මිනිත්තුවේ සිය තෙවන උත්සාහක දිනුම වාර්තා කර ගැනීමට සමත් විය. ෆාසිල් මරිජාගේ අලංකාර පා පහරින් ඉහළ නැගුණු පන්දුව ෂෙහාන් පතිරණ රැකගෙන උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යාමෙන් එම උත්සාහක දිනුම වාර්තා විය. තිළිණ විජේසිංහ එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට සමත් වූයේ නැත. (මහනුවර 21-07 නාවික)

ගිලිහී ගිය අභිමානය නැවත දිනා ගන්නට සහිරා ක්‍රීඩකයෝ සැරසෙති

දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන සහිරා විද්‍යාලයීය රග්බි කණ්ඩායම සියතින් ගිලිහි ගිය ගෞරවය යලි දිනා ගැනීමේ අරමුණින් මෙවර පාසල් රග්බි ලීග් තරගාවලියට පිවිසෙනු ඇත……………

ගිලිහී යන ජයග්‍රහණය රැක ගැනීමට නාවික හමුදා ක්‍රීඩකයින් කෙතරම් උත්සහ කළ ද මහනුවර ක්‍රීඩකයින්ගේ ප්‍රතිරෝධය හමුවේ ඔවුන්ගේ එම උත්සාහය සාර්ථක කර ගැනීමට ඔවුන්ට නොහැකි විය. මහනුවර කණ්ඩායමේ නායක ගයාන් වීරරත්න ThePapare.com තරගයේ වීරයා ලෙස නම් කරද්දී ලකුණු 21-08ක් ලෙස 2018 ක්ලිෆර්ඩ් කුසලාන ශූරතාව දිනා ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.

අවසන් ලකුණු තත්වය: මහනුවර ක්‍රීඩා සමාජය 21 (3T,2P) – 07 (1T, 1C) නාවික හමුදා ක්‍රීඩා සමාජය

ලකුණු රැස්කර ක්‍රීඩකයින්

  • මහනුවර: ධනුෂ්ක රන්ජන් (2T), ෂෙහාන් පතිරණ (1T), නයිජල් රත්වත්ත (1P), තිළිණ විජේසිංහ (1P)
  • නාවික හමුදාව: මොහොමඩ් අබ්සාල් (1T), තිළිණ වීරසිංහ (1C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<