කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.
සුභසිංහගෙන් අර්ධ ශතකයක්

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 118 (පන්දුවාර 39): මොහොමඩ් අල්ෆාර් 47, සුනෙර ජයසිංහ 28, මොහොමඩ් අබ්සාර් 20, දිලීප ජයලත් 4/16, කවිශ්ක අංජුල 2/06
කොළඹ ආනන්ද විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 6ක් දැවී ලකුණු 244 dec (පන්දුවාර 48.3): දුශාන් හෙට්ටිගේ 76, කවිශ්ක අංජුල 59, සහන් සුරවීර 39, අසේල සිගේරා 35, කවිදු ගිම්හාන 27
මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 6ක් දැවී ලකුණු 153 (පන්දුවාර 42): මොහොමඩ් අබ්සාර් 63, තීක්ෂ ගුණසිංහ 26*, දිලීප ජයලත් 5/42
කොළඹ රාජකීය විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 8ක් දැවී ලකුණු 312 dec (පන්දුවාර 91.2): හේලිත විතානගේ 115*, හිමේශ් රාමනායක 38, මදාර තල්දූව 34, රොනුක ජයවර්ධන 33, ජනුශ්ක ප්‍රනාන්දු 3/50, ජනුශ්ක ප්‍රනාන්දු 3/50, නවීන් ගුණවර්ධන 3/97
කොළඹ තර්ස්ටන් විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 7ක් දැවී ලකුණු 136 (පන්දුවාර 31): උමේෂ් විරංග 65, කුශේන් ගුණරත්න 3/13
සවිස්තර වාර්තාව: සුභසිංහ වෙස්ලි විද්‍යාලයට පළමු ඉණිමේ ජයක් ගෙන එයි
ලසිත් ප්‍රනාන්දු නොදැවී 100

කළුතර භෞතික සංස්කෘතික ක්‍රීඩා සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 390 (පන්දුවාර 103): මනෝජ් දේශප්‍රිය 89, කාවින්ද විමළධර්ම 87, අමල් පීරිස් 77, දමිදු අශාන් 67, ගයාන් සිරිසෝම 7/131, නිමේෂ් කාරියවසම් 2/74
පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 2ක් දැවී ලකුණු 180 (පන්දුවාර 45): ලසිත් ප්‍රනාන්දු 100*, හසන්ත ප්‍රනාන්දු 47*
සවිස්තර වාර්තාව: පානදුරේ ලසිත් ප්‍රනාන්දු නොදැවී 100*
ජයග්‍රහණය යොවුන් ක්‍රීඩකයින්ට
දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගය ඊයේ (24) ස්ටැලන්බොශ් හිදී නිමාවට පත්විය. එහිදී ලකුණු 240ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කරගත් ශ්‍රී ලංකා යෞවනයින් අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව උදාකර ගත්හ.
ශ්‍රී ලංකා යොවුන් පිළ – කඩුලු 6ක් දැවී ලකුණු 303 (පන්දුවාර 45): අවිශ්ක ප්‍රනාන්දු 108, විශ්ව චතුරංග 103, ක්‍රිෂාන් සංජුල 58, මනෙල්කාර් ද සිල්වා 19, ජේඩන් ශැඩන්ඩෝෆ් 2/50.
සිම්බාබ්වේ යොවුන් පිළ – සියල්ලන්ම දැවී ලකුණු 63 (පන්දුවාර 19.3): ටිනාශි ජුලියන් 11, ඩැනියෙල් විඩ්සායි 10, මනෙල්කාර් ද සිල්වා 3/24, ප්‍රවීන් ජයවික්‍රම 2/2, මිශේන් සිල්වා 2/10, හරීන් බුද්ධිල 2/15.
සවිස්තර වාර්තාව: විශිෂ්ට ජයක් සමඟින් ශ්‍රී ලංකා යෞවනයින් අවසන් මහා තරගයට
ODI නායකත්වය උපුල් තරංගට
සත්කාරක දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව ලබන ජනවාරි 28 වනදා ආරම්භ වන තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා වැඩ බලන එක්දින නායකයා ලෙස තේරීම් කමිටුව විසින් උපුල් තරංගව නම් කර ඇත.
දෙවන විස්සයි විස්ස තරගය අතරතුරදී නිත්‍ය නායක ඇන්ජෙලෝ මැතිව්ස් කලව ආබාධයකට ලක්වීම හා පෞද්ගලික කාරණාවක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වූ අතර ඔහුගෙන් හිස්වුනු නායකත්වයට දිනේෂ් චන්දිමාල් පත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරුණි. නමුත් අත්දැකීම් අතින් වැඩි උපුල් තරංගට මෙවර එම අවස්ථාව හිමිව තිබේ. සිම්බාබ්වේ හිදී ඔක්තෝබර් මාසයේදී පැවති තුන්කොන් එක්දින තරගාවලියට චන්දිමාල් සහ මැතිව්ස් දෙදෙනාම සහභාගි නොවුනු බැවින් එහිදී ද නායකත්වය දරන ලද්දේ උපුල් තරංග විසිනි.
සම්පූර්ණ සංචිතය: තරංග ODI නායකත්වයට; වීරක්කොඩි සහ මධුශංක ප්‍රථම වරට සංචිතයට























