කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.
C කාණ්ඩයේ තරගයක් ලෙස ආරම්භ වූ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය හා කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක ඩී. එස්. සේනානායක විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 269කට සීමා විය.
එහි දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මුල් පෙළ පිතිකරුවෙක් වන මුදිත ලක්ෂාන් ලකුණු 113ක් ලබාගත් අතර පන්දු යැවීමේ දී දඟපන්දු යවන ක්‍රීඩක රුවින් සෙනෙවිරත්න ලකුණු 72කට කඩුලු 6ක් දවා ගත්තේය.
ඩී. එස්. සේනානායක විද්‍යාල පළමු ඉනිම – 269 (83.4): මුදිත ලක්ෂාන් 113, රුවින් සෙනෙවිරත්න 6/72.
සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 21/0 (9):
සම්පූර්ණ වාර්තාව: අවිශ්ක, කමේෂ් හා මුදිත ශතක ලාභීන් බවට පත්වේ
පසුගිය වසර පුරාවට ලෝක ක්‍රිකට් පිටියේ විශිෂ්ට දස්කම් පෑ ක්‍රීඩකයින් මෙන්ම ක්‍රීඩාවේ ජීවගුණය ඉහළ මට්ටමකින් පවත්වා ගෙන යාමට තම දායකත්වය ලබා දුන් විනිසුරුවරුන් ඇගයීම පිණිස සංවිධානය කරනු ලබන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සම්මාන රාත්‍රිය සඳහා වන ජයග්‍රාහකයින්ගේ නාමාවලිය මේ දිනවල එළිදක්වමින් පවතියි.
එහි දී වසරේ හොඳම විනිසුරුවරයා වෙනුවෙන් පිරිනමන ඩේවිඩ් ශෙපර්ඩ් කුසලානය තමන් සතුකර ගැනීමට හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක කුමාර් ධර්මසේන මහතා සමත් විය.
සම්පූර්ණ වාර්තාව: යලිත් වරක් අංක එකේ විනිසුරු වූ ‘උනන්දුවා’
ICC ටෙස්ට් කණ්ඩායමට දිමුත්

මෙම කණ්ඩායම් දෙකේම නායකත්වය හිමිව ඇත්තේ ගෙවුණු 2018 වසර ඉතාමත් සාර්ථක ලෙස නිමා කළ ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලිටයි. මෙම කණ්ඩායම් තෝරා ගැනීමේ පිරිසට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම මාධ්‍යවේදීන් ද ඇතුළත් විය.
සම්පූර්ණ වාර්තාව: දිමුත් වසරේ ටෙස්ට් කණ්ඩායමට!

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය මෙම මස 29 වැනිදා සිට පෙබරවාරි මස 18 වැනිදා දක්වා පැවැත්වෙන අතර එයට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අනුමැතිය ලබා දී තිබේ.
මෙවර ද ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය හිමිවී ඇත්තේ අත්දැකීම් බහුල ක්‍රීඩිකාවක වන චමරි අතපත්තු හටයි. තවද තාරිකා සෙව්වන්දි මෙම තරගාවලියේ දී තම ප්‍රථම ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ක්‍රීඩා කරනු ඇත. 21 හැවිරිදි ඇය වමතින් වේගපන්දු යවන්නියකි.
සම්පූර්ණ සංචිතය: දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කෙරේ























