කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
මනෝජ්ගේ ශතකයෙන් දෙවැනි දිනය වර්ණවත් වේ

දඹුල්ල කණ්ඩායමේ මනෝජ් සරත්චන්ද්‍ර ප්‍රතිවාදී කොළඹ ක්‍රීඩකයන්ට එරෙහිව ශතකයක් රැස් කරමින් තමන් වෙත අවධානය දිනා ගනිද්දී, ගාල්ල කණ්ඩායමේ නිශාන් පීරිස් ලකුණු 67කට කඩුලු 6ක් ලබා ගනිමින් නුවර ක්‍රීඩකයෝ අමාරුවේ දැමුවේය.
කොළඹ සහ දඹුල්ල අතර පැවති තරගයේ දී තම පළමු ඉනිමට දඹුලු ක්‍රීඩකයෝ ලකුණු 359ක් රැස් කළේ ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 149ක් ඉදිරියෙන් සිටිමිනි. දෙවැනි ඉනිමට පිටියට පිවිසි කොළඹ ක්‍රීඩකයෝ දිනය අවසානයේ දී කිසිවෙක් නොදැවී ලකුණු 37ක් ලබා සිටියහ.
ගාල්ල සහ නුවර අතර පැවති තරගයේ දී ගාල්ල ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 425ක් ලබා ගනිමින් ප්‍රතිවාදී නුවර ඉනිම ලකුණු 185කට සීමා කළහ. නැවත දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී ලකුණක් ලබා සිටී.
සම්පූර්ණ වාර්තාව: මනෝජ් සහ නිශාන් දෙවැනි දිනය වර්ණවත් කරයි
මහින්ද ක්‍රීඩකයින්ට අවසන් සටන මග හැරේ

අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අරමුණ පෙරදැරිව පිටියට අවතීර්ණ වූ සාන්ත පීතර විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාල නායකයන් ද්විත්වය අතරින් ඊයේ දිනයේ කාසියේ වාසිය දිනා ගත්තේ සංචාරක මහින්ද විදුහල් කණ්ඩායමයි.
සම්පූර්ණ වාර්තාව: තියුණු සටනකින් සාන්ත පීතර ක්‍රීඩකයින් අවසන් සටනට
විද්‍යා ක්‍රීඩකයෝ මහනුවර ක්‍රීඩකයින් පරාජය කරති

මෙම තරගයේ ජයග්‍රහණය හිමිකර ගන්නා කණ්ඩායමට තරගාවලියේ ‘B’’ කාණ්ඩයේ පළමු කාණ්ඩයේ පළමු ස්ථානය තහවුරු කර ගැනීමට අවස්ථාව හිමිවන හෙයින් මෙම තරගයේ ජයග්‍රහණය හිමිකර ගැනීම කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් විය.
සම්පූර්ණ වාර්තාව: විද්‍යා ක්‍රීඩකයෝ මහනුවර පරදා පළමු තැන දිනා ගනී
මහානාම ක්‍රීඩකයින් පරාජය කරමින් තර්ස්ටන් ඉදිරියට

තරගය ආරම්භ කිරීම විනාඩි 45ක් පමණ ප්‍රමාද විය. ඒ තරගය සඳහා අත්‍යවශ්‍ය වෛද්‍යවරයෙකු සූදානම් නොකර තිබීම නිසාය. මෙහි දී කෙසේ හෝ තරගය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මත දෙපිලේම ශාරීරික යෝග්‍යතාව පිළිබඳ නිලධාරීන්ගේ වගකීම තුලින් තරගය ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් විය. කෙසේ වෙතත් මෙම තත්වය ක්‍රීඩාවේ ආරක්ෂාව අතින් හොඳ තීරණයක් නොවුනත් තරගයක් සඳහා ඇති රුචිය තුල ක්‍රීඩාව ආරම්භ විය.
සම්පූර්ණ වාර්තාව: තර්ස්ටන්වරු හමුවේ මහානාමයට ප්‍රබල පරාජයක්






















