කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
හංසිකගේ ශතකයෙන් මහින්ද විදුහල ඉදිරියට

ඒ අතරින් සුපිරි 16 දෙනාගේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වූ එක් තරගයක් කඩුලු 7කින් ජයග්‍රහණය කළ මහින්ද විද්‍යාලය සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. එම තරගයේ දී කැපී පෙනෙන පිතිකරණයක නිරතවන්නට හංසික වැලිහිඳ සමත් විය.
සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 209 (49.2): නිෂිත අභිලාෂ් 48, මලින්ත පීරිස් 40, ටශික් පෙරේරා 37, තරුෂ ප්‍රනාන්දු 21, කේ.කේ. කෙවින් 2/20, සුබානු රාජපක්ෂ 2/34.
මහින්ද විද්‍යාලය – 212/3 (45.4): හංසික වැලිහිඳ 104*, කේ. කේ. කෙවින් 46.
සම්පූර්ණ වාර්තාව: රාජකීය ක්‍රීඩකයින්ගේ පළමු පෙළ සිහිනය බොඳවී යයි

අයි. සී. සී. එක්දින කාන්තා ක්‍රිකට් ශූරතා තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (20) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවති ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 69ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සංචාරක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 6ක් දැවී 250 (50.0) ජවේරියා කාන් නොදැවී 113, නිඩා දාර් 34, සනා මිර් 27, නටාලියා පර්විස් නොදැවි 21, ශෂිකලා සිරිවර්ධන 2/40, චමරි අතපත්තු 2/42
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම; සියලුම දෙනා දැවී 181 (45.2) චමරි අතපත්තු 46, නිපුනි හංසිකා 18, ශෂිකලා සිරිවර්ධන 44, සනා මිර් 2/29,බිස්මා මාරූෆ් 3/17
සම්පූර්ණ වාර්තාව: ජවේරියා කාන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අමාරුවේ දමයි





















