රාජකීය ක්‍රීඩකයින්ගේ පළමු පෙළ සිහිනය බොඳවී යයි

1280
Schools Cricket

පාසල් මහා ක්‍රිකට් උන්මාදය ක්‍රමයෙන් නිමා වෙමින් පැවතිය ද අදත් (20) පළමුපෙළ හා දෙවනපෙළ පාසල් ක්‍රිකට් අවසන් වටයේ තරග කිහිපයක් ක්‍රියාත්මක විය.

ඒ අතරින් සුපිරි 16 දෙනාගේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වූ එක් තරගයක් කඩුලු 7කින් ජයග්‍රහණය කළ මහින්ද විද්‍යාලය සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. එම තරගයේ දී කැපී පෙනෙන පිතිකරණයක නිරතවන්නට හංසික වැලිහිඳ සමත් විය.

පී. ඩී. එස්. කුලරත්න කුසලානය නාලන්දාවට; සිගේරා දක්ෂ පිතිකරණයක

වසර 100කට අධික

සීමිත පන්දුවාර සුපිරි 16 තරග වටය

මහින්ද විද්‍යාලය හා සාන්ත සෙබස්තියන් විද්‍යාලය

කාසියේ  ජයග්‍රහණය කළ මොරටු පුරයේ ප්‍රසිද්ධ පාසලක් වන සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දෙන ලදි.

ගාලු තණතීරුව සිය සත්කාරක තණතීරුව බවට පත්කරගත් මහින්ද විද්‍යාල පන්දු යවන්නන් හමුවේ නිෂිත අභිලාෂ් සාන්ත සෙබස්තියන් විද්‍යාල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ ලකුණු 48ක් ලබා ගනිමිනි.

මීට අමතරව මලින්ත පීරිස් හා ටශික් පෙරේරා පිළිවෙළින් ලකුණු 40ක් හා 37ක් ලබා ගැනීමට සමත් විය. අවසානයේ සාන්ත සෙබස්තියන් විද්‍යාලය පන්දුවාර 49යි පන්දු 2ක් තුළ සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 209ක් පමණි.

ලකුණු 210ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි මහින්ද විද්‍යාලය වෙනුවෙන් ඉවසිලිමත්ව තාක්ෂණයෙන් සපිරුණු ඉනිමක් ගොඩනැංවූ හංසික වැලිහිඳ (104*) ශතකයක් ලබාගෙන මහින්ද විද්‍යාලය සුපිරි 8 වටයට කැඳවා ගෙන යන ලදි. ඔහු හට අනගි සහයක් දැක්වූ කේ. කේ. කෙවින් ලකුණු 46යි.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 209 (49.2): නිෂිත අභිලාෂ් 48, මලින්ත පීරිස් 40, ටශික් පෙරේරා 37, තරුෂ ප්‍රනාන්දු 21, කේ.කේ. කෙවින් 2/20, සුබානු රාජපක්ෂ 2/34.

මහින්ද විද්‍යාලය – 212/3 (45.4): හංසික වැලිහිඳ 104*, කේ. කේ. කෙවින් 46.


දෙදින සුපිරි 8 වටය

නාලන්ද විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය

පළමු දිනයට ක්‍රියාත්මක වූ මේ තරගයේ අද දිනය අවසන් වන විට කාසියේ වාසිය දිනාගත් ත්‍රිත්ව විද්‍යාලයට එදිරිව සිය පිළිතුරු පළමු ඉනිම දියත් කරන නාලන්ද විද්‍යාලය කඩුලු 2ක් දැවී 21ක් ලකුණු ලබාගෙන සිටියි.

ජෙෆ් වීරසිංහ හා එක්වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තිසරු රශ්මික මනරම් අර්ධ ශතක ඉනිම් දෙකක් ත්‍රිත්ව විද්‍යාල ලකුණු පුවරුවේ සටහන් කළේය. අවසානයේ ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම ලකුණු 267කට සීමා විය. පන්දු යැවීමේ දී මදුශාන් හසරංග හා කවීෂ් මදුරප්පපෙරුම නාලන්ද විද්‍යාලය වෙනුවෙන් කඩුලු 3 බැගින් දවා ගන්නා ලදි.

ත්‍රිත්ව විද්‍යාලය – 267 (75.2): ජෙෆ් වීරසිංහ 62, තිසරු රශ්මික 56, ට්‍රෙවෝන් පර්සිවෙල් 32, පුබුදු බණ්ඩාර 27, හසිත බෝයගොඩ 22, මදුශාන් හසරංග 3/53, කවීෂ් මදුරප්පපෙරුම 3/56

නාලන්ද විද්‍යාලය (පළමු  අවසානයේ) – 21/2 (5.1)


දෙවන පෙළ දෙදින සුපිරි 8 වටය

රාජකීය විද්‍යාලය හා කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය

සාන්ත අන්තෝනි විද්‍යාලය මෙම තරගයේ පළමු ඉනිම ජයග්‍රහණය කිරීමත් සමඟින් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගන්නා ලදි. තරගය කුරුණෑගල මලියදේව පිටියේ දී පැවැත්විය.

ඊයේ (19) ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් සත්කාරක සාන්ත අන්තෝනි විද්‍යාලය පන්දුවට දීමට කළේ මලියදේව තණතීරුව පිතිකරුවන් හට පාරාදීසයක් වූ බැවිනි.

සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 411 දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට අවශ්‍ය මූලික අඩිතාලම සැකසුවේ 5 වැනි වසරේ වර්ණලාභී ක්‍රීඩකයෙක් වන නායක ජනිඳු හිම්සර විසිනි. ඔහු විසින් එහි දී නොදැවී ලකුණු 85*ක් රැස්කර ගන්නා විට නවෝද්‍ය විජයකුමාර් හා තමාශණ අබේකෝන් අර්ධ ශතක අතරට පිවිසියහ. කමිල් මිශාර කඩුලු 3යි.

පිළිතුරු පළමු ඉනිම දියත් කළ රාජකීය විද්‍යාල ඉනිම ලකුණු 117කට සීමා කළ කල්හාර සේනාරත්න ඇතුළු සාන්ත අන්තෝනි විද්‍යාලය, රාජකීය විද්‍යාලයට ලබන වසරේ දී පළමු පෙළ කණ්ඩායම් අතරට එක්වීමට තිබූ අවස්ථාව අහිමි කරන ලදි. පිත්තෙන් දස්කම් දැක්වූ කමිල් මිශාර ලකුණු 41*යි. පන්දු යැවීමේ දී කල්හාර කඩුලු 5ත් දවා ගන්නා ලදි.

සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිම – 411/9d (110.5): ජනිඳු හිම්සර 85*, නවෝද්‍ය විජයකුමාර් 63, තමාෂණ අබේකෝන් 57, සුනෙර ජයසිංහ 48, මොහොමඩ් කමිල් 41, කල්හාර සේනාරත්න 30, මොහොමඩ් අෆ්සාර් 25, කමිල් මිශාර 3/57, පසිඳු සූරියබණ්ඩාර 2/27, මනුල පෙරේරා 2/111.

රාජකීය විද්‍යාල පළමු ඉනිම – 117 (29.4): කමිල් මිශාර 41*, කවිඳු මදාරසිංහ  26, කල්හාර සේනාරත්න 5/16, තමාෂණ අබේකෝන් 2/04.

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරගය හෙට (21) දෙවන දිනයටත් ක්‍රියාත්මක වෙනු ඇත.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<