කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
අශේන් ගුණවර්ධනගෙන් ඉසිපතනයට ශතකයක්

සාන්ත මරියා විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 109 (පන්දුවාර 43.1): අකලංක දිනේෂ් 24, සුජිත් කුමාර 23, ජනිඳු වත්සල 3/24, දිනුෂ්ක ඉමේෂ් 2/03, අරෝෂ මධුෂාන් 2/14, හචිත තිමල් 2/19.
බණ්ඩාරනායක විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 74 (පන්දුවාර 29.3): ජනිඳු වත්සල 42, සුපුන් කුමාර 4/22, අකලංක දිනේෂ් 2/06, සජීව ජයමාල් 2/19.
සාන්ත මරියා විද්‍යාලය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 114 (පන්දුවාර 46.3): සුපුන් කුමාර 32, සචින් ෆොන්සේකා 22, දිනුෂ්ක ඉමේෂ් 2/06, ජනිඳු වත්සල 3/30, හචිත තිමල් 3/46, අරෝෂ මධුෂාන් 2/21.
බණ්ඩාරනායක විද්‍යාලය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 72 (පන්දුවාර 29): සයුරු රුෂේන් 25, සුපුන් කුමාර 5/40, සංජය ජයමාල් 3/15.
ඉසිපතන විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 183 (පන්දුවාර 68): අශේන් ගුණවර්ධන 84, ඉශාන් ප්‍රනාන්දු 29, කලීක් අමත් 30, විමුක්ති කුලතුංග 4/57, ගයාශාන් කරුණාරත්න 2/8.
ලුම්බිණි විද්‍යාලය – කඩුලු 4ක් දැවී ලකුණු 56 (පන්දුවාර 25): පූර්ණ සඳරුවන් 24.
සම්පූර්ණ වාර්තාව: චයිනමන් පන්දුවෙන් සාන්ත මරියා ජය සෙවූ පාසල් ක්‍රීඩකයා
මොබිටෙල් කණ්ඩායම MAS හමුවේ පරාජය වේ

මේ අතර දිනයේ වේලාසනින්ම නිමා වූ තරගය ලෙස වාර්තා වූයේ කොළඹ 7, වෙළඳසේවා ක්‍රිකට් සංගම් පිටියේ දී පැවති තරගයයි. ඒ DHT සිමෙන්ති සමාගම සහ ජෝන් කීල්ස් සමාගම අතර පැවති තරගයයි. එම තරගයෙන් ජෝන් කිල්ස් සමාගමට කඩුලු 9ක ජයග්‍රහණයක් හිමි විය.
වර්ෂාව හේතුවෙන් තරගයට බාධාවන් එල්ල වූව ද මග්ගොන සරේ විලේජ් ක්‍රිකට් පිටියේ දී පැවති තරගයේ දී සිංගර් ශ්‍රී ලංකා සමාගම පරදා ජයග්‍රහණය කිරීමට යුනිලිවර් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
සම්පූර්ණ වාර්තාව: MAS සිලුඒටා, ජෝන් කීල්ස් සහ යුනිලිවර් ජයග්‍රහණ වාර්තා කරයි
16න් පහළ රග්බි පිටිය උණුසුම් වේ

එහි දී විද්‍යා විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය, ඩී. එස් සේනානායක විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, මලියදේව විද්‍යාලය, පිළියන්දල මධ්‍ය විද්‍යාලය, සහිරා විද්‍යාලය හා ලලිත් ඇතුළත්මුදලි විද්‍යාලය යන පාසල් ජයග්‍රහණ ලබාගෙන අවසන් වටයට පිවිසීම සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදි.
සම්පූර්ණ වාර්තාව: ඉසිපතනය, විද්‍යා විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයක් අවසන් වටයට




















