කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
දිමුත් ද්විත්ව ශතකය ආසන්නයේ දී දැවී යයි

එහි දී හෙට (08) දිනයේ පාකිස්තානු පිතිකරුවන් සහ ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතර ඇතිවෙන උණුසුම් ගැටුම අවසානයේ තරගයේ දිශානතිය පිළිබඳ දළ අවබෝධයක් ලබා ගැනීමට හැකිවනු ඇත.
ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 482 (පන්දුවාර 159.2): දිමුත් කරුණාරත්න 196, දිනේෂ් චන්දිමාල් 62, දිල්රුවන් පෙරේරා 58, නිරෝෂන් දික්වැල්ල 52, සදීර සමරවික්‍රම 38, කෞෂාල් සිල්වා 27, යසීර් ෂා 6/184, මොහොමඩ් අබ්බාස් 2/100.
පාකිස්තානු (ප්‍රථම ඉනිම) – කිසිවෙකු නොදැවී ලකුණු 51 (පන්දුවාර 18): සැමී අස්ලාම් 30*, ශාන් මසූඩ් 15*.
සම්පූර්ණ වාර්තාව: දිමුත්ගේ ශතකයෙන් හැඩවුණු ඉනිම පාකිස්තානුවන් හඹායාම අරඹයි!
ජෝන් කීල්ස් අවසන් සටනට

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (B) – 149/10 (44.5): කවීන් බණ්ඩාර 39, රවිඳු කොඩිතුවක්කු 24, ලහිරු ප්‍රනාන්දු 5/29, දසුන් සෙනෙවිරත්න 3/15.
පවර් ටෙක් – 151/3 (21.3): මලිදු මදුරංග 50, දිනෙත් තිමෝද්‍ය 39, මනෙල්ක ද සිල්වා 28*, දසුන් සෙනෙවිරත්න 20*, සසිඳු පෙරේරා 2/47.
සම්පූර්ණ වාර්තාව: මලිදු මදුරංග පවර් ටෙක් කණ්ඩායම අවසන් තරගයට රැගෙන යයි
සමස්ත ලංකා ජය ඉසිපතනයට

ඒ අනුව විද්‍යා විද්‍යාලය තරගාවලියේ දෙවන ස්ථානය දිනා ගත් අතර මොරටුව මොරටු මහා විද්‍යාලය තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය. ඉසිපතන විද්‍යාලයේ නදීෂ් චාමින්ද තරගාවලියේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස සම්මානය පාත්‍ර විය.
සම්පූර්ණ වාර්තාව: විද්‍යා ක්‍රීඩකයින් අසරණ කරමින් ශූරතාවය ඉසිපතනය ඩැහැ ගනී





















