කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
හතුරුසිංහ සිය ඉල්ලා අස්වීම භාර දෙයි

විශ්වාස කටයුතු ක්‍රිකට් ආරංචි මාර්ග වෙතින් ThePapare.com වෙත වාර්තා වන්නේ චන්දික හතුරුසිංහ ලබන වසරේ ජනවාරි මාසයේ සිට වසර තුනක කාලයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර භාර ගැනීමට සූදානම් බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර පසුගිය ජුනි මාසයේ සිට පුරප්පාඩු වී පවතින්නේ ග්‍රැහැම් ෆෝඩ් එම තනතුර හැර යාමත් සමඟයි.
සම්පූර්ණ වාර්තාව: බංගලියන්ට හතුරු වූ හතුරුසිංහ ලංකාවට මිතුරු වෙයිද?
ඇන්ජී ස්ථානය මාරු වන ලකුණු

ශ්‍රී ලංකාව තුල මෑත කාලයේ දී බිහි වූ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන මැතිව්ස්, මහේල ජයවර්ධන හා කුමාර සංගක්කාර ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට පසුව ශ්‍රී ලංකාව තුල බිහි වූ දක්ෂ පිතිකරුවෙකි. තවද ඔහු හට මැදපෙළ හා පසුපෙළ එක් කරමින් හොඳ සබඳතාවයක් පවත්වා ගැනීමට ද හැකියාවක් ඇත.
සම්පූර්ණ වාර්තාව: හිටපු නායකයාට අලුත් තැනක්

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා උරගා බැලීමට හොඳම තෝතැන්නක් බඳු 2017/18 සිංගර් කුසලාන පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් දිනයක් ඊයේ (9) ක්‍රියාත්මක විය.
රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිම – 226/9 dec (64.5): අවිඳු තීක්ෂණ 64, ආධිත්‍යය සිරිවර්ධන 44, දිළුම් සුධීර 29*, තවීශ අභිශේක 22, සවන ප්‍රභාෂ් 2/25, නිපුන් ලක්ෂාන් 2/37.
තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිම – 132/2 (31.3): යෙශාන් වික්‍රමාරච්චි 66, යොහාන් සචිත 29, නිමේෂ් පෙරේරා 26, දිළුම් සුධීර 2/31.
සම්පූර්ණ වාර්තාව: යෙශාන්, මිතිල හා සාලිය අර්ධ ශතක අතරට

ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසන් තරග ඊයේ (09) දෙවන දිනටත් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.
තරගාවලියේ පළමු දිනය වූ 08 වැනිදා නව තරගාවලි වාර්තා 03ක් පිහිටුවීමට ක්‍රීඩිකාවන් සමත් වූ අතර ඊයේ තවත් නව තරගාවලි වාර්තා 08ක් බිහිවනු දැක ගත හැකි විය.
සම්පූර්ණ වාර්තාව: දෙවන දිනයේ දී තවත් තරගාවලි වාර්තා රැසක් අලුත් වේ





















