කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරය ජයග්‍රහණය කිරීමේ අරමුණ ඇති ක්‍රීඩකයින් ඉලක්ක කර ගනිමින් පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලානය පළමු පෙළ දෙදින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් පවතින අයහපත් කාලගුණික තත්ත්වය බාධාවක් නොකරගෙන ඊයේත් (8) පැවැත්විය.
ඩී. එස්. සේනානායක විද්‍යාලය පළමු ඉනිම – 172/10 (50.1): විහාන් ගුණසේකර 60, ටුවින් නිලක්ශන 31*, පසිඳු ආධිත්‍යය 24, හචිත තිමාල් 4/30, ජනිඳු ජයවර්ධන 3/19.
බණ්ඩාරනායක විද්‍යාලය පළමු ඉනිම – 136/10 (35.4): සිසිත මදනායක 63, මෙතුශාන් කුමාර 6/35.
ඩී. එස්. සේනානායක විද්‍යාලය දෙවන ඉනිම – 184/8 dec (51): විහාන් ගුණසේකර 61, චමත් යටවර 45, ජනිඳු ජයවර්ධන 5/61.
බණ්ඩාරනායක විද්‍යාලය දෙවන ඉනිම – 128/10 (40.5): සසිත මදනායක 20, විහාන් ගුණසේකර 3/37, මෙතුශාන් කුමාර 2/42.
සම්පූර්ණ වාර්තාව: ඩී. එස්. සේනානායක විද්‍යාලයට පූර්ණ ජයක්

නොවැම්බර් මස 4 වැනිදා සිට දෙසැම්බර් 12 වනදා දක්වා බංග්ලාදේශයේ දී පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ, ඊයේ පැවැත්වූ තරගයෙන් ලකුණු 33ක ජයක් ලබා ගැනීමට Sylhet Sixers කණ්ඩායමට හැකි විය.
Sylhet Sixers – 205/6 (20): උපුල් තරංග 50, ඇන්ඩෘ ෆ්ලෙචර් 48, ධනුෂ්ක ගුණතිලක 42, රොස් වයිට්ලි 25, කෙස්රික් විලියම්ස් 2/39.
රාජ්ශාහී කිංග්ස් – 172/8 (20): ලූක් රයිට් 56, ජේම්ස් ෆ්‍රෑන්ක්ලින් 35, මොමිනුල් හක් 24, අබුල් හසන් 3/22, ලියම් ප්ලන්ක්ට් 3/29.
සම්පූර්ණ වාර්තාව: ගුණතිලක හා තරංග ශීලාත් පිටිය දෙවනත් කරති
පාසල් රග්බි ලීගය මාර්තුවේ

පද්ධතියේ වෙනස්කම් පිළිබඳව සාකච්ඡා සැප්තැම්බර් මස මුල දී ආරම්භ වූ අතර, පැවැත්වූ දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව ඉදිරිපත් වූ යෝජිත සංශෝධන ඊයේ (7) පැවැත්වූ මහා සභා රැස්වීමේ දී සම්මත නොවීය. එය සම්මත වූයේ නම්, කාණ්ඩ 4ක් යටතේ කණ්ඩායම් 16ක සහභාගීත්වයෙන් ලබන වසරේ පාසල් රග්බි ලීගයේ තරග ක්‍රියාත්මක වීමට තිබුණි.
සම්පූර්ණ වාර්තාව: පාසල් රග්බි ලීගය ලබන මාර්තුවේ; ආකෘතියේ වෙනසක් නැහැ
පළමු දිනයේ දී නව තරග වාර්තා 3ක්

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පැරණිතම මලල ක්‍රීඩා තරගාවලියෙන් පැවත එන මෙම තරගාවලිය අඛණ්ඩව 48 වන වසරටත් සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසිනි. දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි පොළොන්නරුව, හංවැල්ල සහ නාවලපිටිය යන ප්‍රදේශ තුළ පවත්වනු ලැබූ මූලික වටයේ තරග වට 3 දී ඉහළ දක්‍ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ (08) ආරම්භ වූ සමස්ත ලංකා මට්ටමේ අවසන් වටයේ තරග සඳහා සුදුසුකම් ලැබීය. ඒ අනුව තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් 1500ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12,000ක් පමණ සහභාගී විය.
ඒ අනුව තරගාවලියේ පළමු දිනය වූ ඊයේ දිනයේ දී කනිෂ්ඨ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉතා උද්වේගයෙන් තරග කරන ආකාරය දැක ගත හැකි වූ අතර අද පවත්වනු ලැබූ අවසන් තරග සංඛ්‍යාව 10කට අධික ය. එමෙන්ම අද දිනයේ පවත්වනු ලැබූ තරග ඉසව් තුළින් නව තරගාවලි වාර්තා 3ක් බිහිවූ අතර එම වාර්තා තුනටම හිමිකම් කීවේ බාලිකා තරගකාරිනියන් තිදෙනෙකි.
සම්පූර්ණ වාර්තාව: පළමු දිනය අවසානයේ නව තරගාවලි වාර්තා 3ක්






















