ගෙවුණු දවස නොවැම්බර් 04 – හිටපු බංග්ලාදේශ පුහුණුකරු ලංකාවට

370

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ක්‍රිකට් 

තිලාන් සමරවීර ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ධූරයට

හිටපු ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු තිලාන් සමරවීර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් කර ඇති බව අතිශය විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් ThePapare.com වෙත වාර්තා වේ. තිලාන්ගේ පත්වීම 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් වන තුරු බලපැවැත්වෙනු ඇත.

එළඹෙන සඳුදා මෙරටට පැමිණීමට නියමිත තිලාන් එතැන් පටන් තම නව තනතුරේ වැඩ ආරම්භ කිරීමට සූදානම් වන අතර ඔහුගේ පළමු අභියෝගය වන්නේ තවත් දින කිහිපයකින් ඇරඹෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයට පිතිකරුවන් සූදානම් කිරීමයි. එම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට්, එක්දින සහ පන්දු වාර 20 ක්‍රිකට් තරග 3 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තනතුර තිලාන් සමරවීරට


ජයග්‍රහණය ආනන්ද විදුහලට

වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ තරග 6ක් ඊයේ (04) දිවයින පුරා ක්‍රීඩාංගණ කිහිපයක දී ක්‍රියාත්මක විය.

ඒ ප්‍රථම දිනයට ක්‍රියාත්මක වූ තරග 2ක් සහ දෙවැනි දිනයට ක්‍රියාත්මක වූ තරග 4ක් වශයෙනි. එහි දී ඊයේ වාර්තා වූ එකම පූර්ණ තරග ජයග්‍රහණය හිමිකර ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට හැකි විය. ඒ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය පරදවමිනි.

ආනන්ද විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 297 (පන්දුවාර 61.2): දමින්ද රෙශාන් 100, ශමල් හිරුශාන් 89*, කළණ විජේසිරි 37, ලහිරු හිරන්ය 24, බ්‍රයන් කරුණානායක 4/62, දුලාජ් රණතුංග 2/56, මධුරංග නවීන් 2/70.

මලියදේව විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 203 (පන්දුවාර 84): සංජීවන් ප්‍රියදර්ශන 54*, මුදිත ප්‍රේමදාස 36, ගයන්ත වික්‍රමාරච්චි 27, සුපුන් නිස්සංක 25, කමේෂ් නිර්මාල් 4/63, ශාමල් හිරුශාන් 2/07, සනත් දසනායක 2/37.

ආනන්ද විද්‍යාලය (දෙවැනි ඉනිම) – එක් කඩුල්ලක් දැවී ලකුණු 10 (පන්දුවාර 5)

සම්පූර්ණ වාර්තාව: වේල්ස් කුමරුවන් පරදා සාන්ත තෝමස් විදුහලට තියුණු ජයක්!


පාපන්දු –

ටජිකිස්ථානය හමුවේත් පරාජය

2018 වසර සඳහා වන වයස අවුරුදු 19න් පහළ ආසියානු පාපන්දු ශූරතාවලියට තේරීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ සත්කාරක ටජිකිස්ථානය අතර B කාණ්ඩයේ තරගය ටජිකිස්ථානයේ දුශාන්බේ නුවර ‘Republican Central Stadium’ හිදී පැවති අතර එහි දී ගෝල 6-0ක ජයග්‍රහණයක් වාර්තා කර ගන්නට ටජිකිස්ථාන කණ්ඩායම සමත් විය.

සම්පූර්ණ කාලය: ටජිකිස්ථානය 6 – 0 ශ්‍රී ලංකාව

ගෝල ලාභීන්

ටජිකිස්ථානය – අබ්දුල්ලොව් ඇතැම්ජන් 31’, 33P’ & 86’, ශරිපෝ උමර්ජන් 75’, යොද්ගොරෝව් ඩේලර් 79’, සැමෙව් ශාරූම් 83’

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකාවට තවත් පරාජයක් 


රග්බි –

හැව්ලොක් සහ මහනුවර ප්‍රථම තරග ජය ගනී

ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලියේ 2017/18 තරග වාරය ඊයෙන් (04) ආරම්භ විය. ප්‍රථම තරග සතියේ තරග දෙකක් ඊයේ හැව්ලොක් ක්‍රීඩා පිටියේ දී සහ තුරඟ තරග පිටියේ දී පැවති අතර එම තරගවලින් මහනුවර කණ්ඩායම විසින් CH & FC කණ්ඩායම 23-06ක් ලෙසත් හැව්ලොක් කණ්ඩායම විසින් පොලිස් කණ්ඩායම 36-00ක් ලෙසත් පරාජය කරනු ලැබීය.

ප්‍රථම තරග සතියේ තවත් තරග ද්විත්වයක් අද (05) පැවැත්වෙන අතර එහි දී ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ CR & FC ක්‍රීඩා සමාජය අතර තරගය රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාපිටියේ දීත්, නාවික සහ යුධ හමුදා ක්‍රීඩා සමාජවල තරග වැලිසර දීත් පැවැත්වේ. තරග සියල්ල ThePapare.com හරහා සජීවීව නැරඹිය හැක.

සම්පූර්ණ තරග වාර්තා සඳහා පිවිසෙන්න

දිනයක අවසානය