කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
මහනුවර, යුධ සහ නාවික සමාජවලට ජය

ඒ අනුව සිව්වැනි සතිය නිමා වන විටත් අපරාජිතව මහනුවර කණ්ඩායම පෙරමුණේ පසුවන අතර තරගාවලියේ අපරාජිතව සිටින එකම කණ්ඩායම වන්නේ ද මහනුවර කණ්ඩායමයි.
ලකුණු තත්වය
- CR & FC 10 (2T) – 24 (4T,2C) යුධ හමුදා ක්‍රීඩා සමාජය
- මහනුවර ක්‍රීඩා සමාජය 55 (9T, 5C) – 11 (1PT, 2P) යුධ හමුදා ක්‍රීඩා සමාජය
- නාවික හමුදා ක්‍රීඩා සමාජය 31 (5T, 3C) – 24 (3T, 3C, 1P) පොලිස් ක්‍රීඩා සමාජය
සම්පූර්ණ තරග වාර්තා සඳහා මෙතනින් පිවිසෙන්න
දසුන් වරද පිළිගනියි

ඊයේ (25) දිනය අවසානයේ දී සිදු කළ වරද සහ ඩේවිඩ් බූන් විසින් ඒ සඳහා නිර්දේශ කරන ලද දඬුවම දසුන් ශානක විසින් පිළිගෙන ඇත.
සම්පූර්ණ වාර්තාව: දසුන් ශානකට දඩ; තරග තහනමකට අවදානමක්
ඉන්දීය පිතිකරුවෙන්ගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාව හති වැටේ

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටිය පුරා දුවවමින් ඔවුන්ට වෙහෙස කර පුහුණු සැසියක් සංවිධානය කළා වූ ඉන්දීය පිතිකරුවෝ නාග්පූර් පිටිය වර්ණවත් කරමින් දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය (25) නිමා කළේ කඩුලු 2ක් දැවී ලකුණු 312ක් ව තිබිය දීයි.
සංචාරක කණ්ඩායම පළමු ඉනිමට ලබා ගත් ලකුණු 205ට එරෙහිව කඩුල්ලක් දැවී ලකුණු 11ක් ලබා සිටිමින් දෙවැනි දිනයට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ කිසිදු අපහසුවකින් තොරව පළමු ඉනිමේ ගෞරවය දිනා ගැනීමට සමත් වූහ. ඔවුන් මේ වන විට කඩුලු 8ක් අතැතිව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට වඩා ලකුණු 107ක් ඉදිරියෙන් සිටී.
ශ්‍රී ලංකාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 205 (79.1): දිමුත් කරුණාරත්න 51, දිනේෂ් චන්දිමාල් 57, නිරෝෂණ දික්වැල්ල 24, දිල්රුවන් පෙරේරා 15, සුරංග ලක්මාල් 17, ඉෂාන්ට් ෂර්මා 3/37, රවිචන්ද්‍රන් අශ්වින් 4/67, රවින්ද්‍ර ජඩේජා 3/56
ඉන්දියාව; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 312 (98.0): පළමු දිනය නතර කරන විට පන්දුවාර 8.0ක දී කඩුල්ලක් දැවී 11) මුරලි විජේ 128, චෙචෙස්වර් පුජාරා නොදැවී 121, විරාත් කෝලි නොදැවී 54
සම්පූර්ණ වාර්තාව: ඉන්දීය පිතිකරුවන්ගෙන් ශ්‍රී ලංකාවට වෙහෙසකර පුහුණු සැසියක්






















