කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
හැව්ලොක් නාවිකයින්ට යට වෙයි

අවසන් ලකුණු තත්වය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 25 (3T, 2C, 1DG, 1P) – 14 (2T, 2C) හැව්ලොක් ක්‍රීඩා සමාජය
ThePapare.com තරගයේ වීරයා: සුපුන් පීරිස් (නාවික හමුදාව)
සම්පූර්ණ වාර්තාව: නාවිකයෝ හැව්ලොක් මෙල්ල කරති
ශ්‍රී ලංකාව ටෙස්ට් ජයක් අභියස?

මේ වන විට තම පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකාව කඩුලු 6ක් අතැතිව ඉන්දීය කණ්ඩායමට වඩා ලකුණු 7ක් පමණක් පිටුපසින් සිටින්නේ හෙට දිනයේ හොඳ ලකුණු පුවරුවක් ගොඩ නැගීමේ අරමුණ පෙරදැරිවයි.
සම්පූර්ණ වාර්තාව: මැතිව්ස් – තිරිමාන්න සබඳතාවය ටෙස්ට් ජයක බලාපොරොත්තු දල්වයි!
තුන්කොන් තරගාවලියක් ලබන මාර්තුවේ
ඉන්දියාව, බංගලාදේශය සහ ශ්‍රී ලංකාව යන රටවල සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත “2018 නිදහස් කුසලාන” තුන් කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන දින වකවානු සහ ක්‍රීඩාංගණය ඊයේ (18) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කරන ලදි.
ඒ අනුව එළඹෙන මාර්තු මස 8 වැනිදා සිට 20 වැනි දා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී විස්සයි විස්ස තරග ලෙස මෙම තරගාවලිය පැවැත්වීමට තීරණය කර ඇත.
සම්පූර්ණ වාර්තාව: ක්‍රිකට් පිටිය උණුසුම් කරන තුන්කොන් සටනක් ලබන මාර්තුවේ
ආධුනික අංශයේ ජය යුධෝපකරණ සහ සිරි පැරකුම්ට

සම්පූර්ණ වාර්තාව: යුධෝපකරණ බලකාය හා සිරි පැරකුම් ශූරතා දිනති
ගුවන් හමුදාව සහ විදුලිබල මණ්ඩලය ශූරතා දිනති

ලකුණු තත්වය –
- විදුලිබල මණ්ඩල ක්‍රීඩා සමාජය 25-21, 25-17, 25-20 යුධ හමුදා ක්‍රීඩා සමාජය
- ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 21-25, 25-18, 35-33, 25-15 යුධ හමුදා ක්‍රීඩා සමාජය
තරග වාර්තා සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට











