කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
අසේල නැවතත් ක්‍රිකට් පිටියට

මෙම තරගයේ දී අසේල, ඔහු යොමු කළ පන්දුවාර 10 තුළ ලකුණු 43ක් ලබා දෙමින් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය. මෙහි දී යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක තරිඳු දර්ශන කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූ අතර ඒ අනුව ලංකන් ක්‍රිකට් සමාජ කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 200ක් පමණි.
සම්පූර්ණ වාර්තාව: අසේල ගුණරත්න නැවතත් ක්‍රිකට් පිටියට

19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඊයේ (15) සාන්ත පීතර විද්‍යාලය හා ඉසිපතන විද්‍යාලය අතර පැවැත්විය. තරගයේ පළමු දිනය අවසානයේ ඉසිපතන විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 131ක් ලබාගෙන සිටියි.
සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම – 204/10 (62.5): සන්තුෂ් ගුණතිලක 48, ශාලිත් ප්‍රනාන්දු 30, සුලක්ෂණ ප්‍රනාන්දු 26, දිනිත් අංජුල 25, මදුශික සඳරුවන් 4/57, අනූපම හේරත් 3/8, ලහිරු ඩිල්ශාන් 3/35.
ඉසිපතන විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 131/4 (32): සංජුල අබේවික්‍රම 39*, තෙවිඳු දම්සර 27, අයන සිරිවර්ධන 26, සචින් සිල්වා 2/44.
සම්පූර්ණ වාර්තාව: ඉසිපතන හා සාන්ත පීතර විද්‍යාල කරට කර සටනක
රමිත් රඹුක්වැල්ලගෙන් නොදැවී 97ක්

එහි දී ජයග්‍රහණ වාර්තා කර ගත්තේ MAS යුනිචෙලා, ජෝන් කීල්ස්, ඩිමෝ සහ හේලීස් යන කණ්ඩායම් හතරයි. ඊයේ දිනයේ සිදුවුණු සුවිශේෂීම සිදුවීම වන්නේ තරග හතරේම ජයග්‍රහණය, කාසියේ වාසිය දිනාගෙන මුලින් පන්දු යැවීම තෝරාගත් කණ්ඩායමට හිමි වීමයි!
සම්පත් බැංකුව – කඩුලු 8ක් දැවී ලකුණු 139 (පන්දුවාර 20): හසන්ත ප්‍රනාන්දු 53, දිනුක් වික්‍රමනායක 30, දුමිඳු තිලකරත්න 2/22, ඉෂාර අමරසිංහ 2/26, ෆර්වීස් මහරූෆ් 2/33.
MAS යුනිචෙලා කණ්ඩායම – කඩුලු 2ක් දැවී ලකුණු 140 (පන්දුවාර 8.5): රමිත් රඹුක්වැල්ල 97*, ෆර්වීස් මහරූෆ් 29*.
කොමර්ෂල් ක්‍රෙඩිට් – කඩුලු 9ක් දැවී ලකුණු 129 (පන්දුවාර 20): සනිත ද මෙල් 37, මාලින්ද පුෂ්පකුමාර 24, චාමිකර එදිරිසිංහ 2/28.
ජෝන් කීල්ස් – කඩුලු 8ක් දැවී 130 (පන්දුවාර 17): භානුක රාජපක්ෂ 37, විකුම් සංජය 27*, ලහිරු මිලන්ත 20, , මාලින්ද පුෂ්පකුමාර 2/26, අසිත ප්‍රනාන්දු 2/42.
සම්පූර්ණ වාර්තාව: වෙළඳසේවා සටනක් අතරතුරේ දී රමිත් රඹුක්වැල්ලගෙන් පෙරළියක්!





















