කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
යොවුන් ක්‍රීඩකයින්ගෙන් හොඳ දස්කම්

කෙසේ වෙතත් දෙරට අතර පැවති තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඉන්දීය ක්‍රීඩකයෝ ලබා ගත් ජයග්‍රහණය හේතුවෙන් 1-0ක් ලෙසින් තරගාවලිය ජය ගැනීමට සත්කාරක ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ.
ඉන්දියාව; පළමු ඉනිම කඩුලු 7ක් දැවී ඉනිම අත්හිටවූවා 536 (127.5): මුරලි විජේ 155,ශිකර් ධවාන් 23, චෙටෙස්වර් පුජාරා 23, විරාත් කෝලි 243, රෝහිට් ෂර්මා 65, ලක්ෂාන් සඳකැන් 4/167, ලහිරු ගමගේ 2/95
ශ්‍රී ලංකාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 373 (135.3): දිල්රුවන් පෙරේරා 42, ඇන්ජලෝ මැතිව්ස් 111, දිනේෂ් චන්දිමාල් 164, සධීර සමරවික්‍රම 33, මොහොමඩ් සමී 2/85, ඉෂාන්ට් ෂර්මා 3/98, රවින්ද්‍ර ජඩේජා 2/86, රවිචන්ද්‍රන් අශ්වින් 3/90)
ඉන්දියාව; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී ඉනිම අත් හිටවූවා 246 (52.2): ශිකර් ධවාන් 67, චෙටෙස්වර් පුජාරා 49, විරාත් කෝලි 50, රෝහිට් ෂර්මා නොදැවී 50
ශ්‍රී ලංකාව; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 299 (103.0): (සිව්වැනි දිනය නතර කරන විට පන්දු වාර 16.0ක් අවසානයේ කඩුලු 3ක් දැවී 3; ධනංජය ද සිල්වා නොදැවී 13, රවින්ද්‍ර ජඩේජා 2/05) ධනංජය ද සිල්වා නොදැවී පිටියෙන් ඉවත් වූවා 119, දිනේෂ් චන්දිමාල් 36, රොෂේන් සිල්වා නොදැවී 74, නිරෝෂාන් දික්වැල්ල නොදැවී 44, රවින්ද්‍ර ජඩේජා 81/3
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ කෝලිගේ සිහිනය බිඳ දමති
අළු බඳුනේ ඕස්ට්‍රේලියාව පෙරමුණේ

කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම් නායක ජෝ රූට් පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර පළමුව පිටියට පිවිසි ඕස්ට්‍රේලියානුවන් ඇඩිලේඩි තණතීරුව මත පළමුව සිය ඉනිම ගොඩනංවන ලදි. එහි දී ඔවුන්ගේ ඉනිමෙන් කිසිදු ශතක සබඳතාවයක් ගොඩනැගුනේ නැතත් ලකුණු 442ක් වැනි හොඳ ලකුණු මට්ටමකට යාමට ඔවුන්ට හැකියාව ලැබුණි.
ඕස්ට්‍රේලියාව පළමු ඉනිම – 442-8 dec (149): ෂෝන් මාෂ් 126*, ටිම් පේන් 57, උස්මාන් කවාජා 53, ඩේවිඩ් වෝනර් 47, පැට් කමින්ග්ස් 44, ක්‍රෙයිග් ඕවර්ටන් 3/105.
එංගලන්තය පළමු ඉනිම – 227-10 (76.1): ක්‍රෙයිග් ඕවර්ටන් 41*, ඇලස්ටයාර් කුක් 37, ක්‍රිස් වෝක්ස් 36, නේතන් ලයන් 4/60, මිචෙල් ස්ටාර්ක් 3/49.
ඕස්ට්‍රේලියාව දෙවන ඉනිම – 138-10 (58): මිචෙල් ස්ටාර්ක් 20, උස්මාන් කවාජා 20, ජේම්ස් ඇන්ඩර්සන් 5/43, ක්‍රිස් වෝක්ස් 4/36.
එංගලන්තය දෙවන ඉනිම – 233/10 (84.2): ජෝ රූට් 67, ජොනී බෙයර්ස්ටෝ 36, මාක් ස්ටෝන්මන් 36, ඩේවිඩ් මාලන් 29, මිචෙල් ස්ටාර්ක් 5/88.
සම්පූර්ණ වාර්තාව: මාෂ් – ස්ටාර්ක් සුසංයෝගයෙන් ඕස්ට්‍රේලියාව පෙරමුණට
රටට හරහා දිවීමෙන් ජාත්‍යන්තර ශූරතාවයක්

බාලිකා අංශයේ පළමු ස්ථානය චාමිනී හේරත් විසින් දිනා ගන්නා විට එහි දෙවැනි ස්ථානය ජයන්ති කනගරත්නත්, තෙවැනි ස්ථානය ප්‍රසංතී රත්නායකත්, සිව්වැනි ස්ථානය සුභාශිනී ප්‍රේමරත්නත් විසින් දිනා ගත් අතර එම අංශයේ හත්වැනි ස්ථානය ගිහන්ති ජයසිංහ විසින් දිනා ගන්නා ලදි. අදාළ ක්‍රීඩිකාවෝ සියලු දෙනාම වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරමින් මෙම තරගාවලියට ඉදිරිපත්ව තිබීම සුවිශේෂත්වයක්. එම අංශයේ 17 වැනි ස්ථානය මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ හසන්ති මධුමාලි විසින් දිනා ගන්නා ලදි.
සම්පූර්ණ වාර්තාව: වලල ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තරයේ දස්කම් දක්වති






















