කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.
දෙවැනි තරගය ජය පරාජයෙන් තොරයි

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණයත් සමඟින් ටෙස්ට් තරගාවලියේ 1-0ක් සේ ඉදිරියෙන් සිටින කොදෙව්වෝ මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 297ක ඉලක්කයක් හඹා ගිය ද තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත වේලාසනින් අවසන් වන විට ලබා සිටියේ කඩුලු 5ක් දැවී ලකුණු 147ක් පමණි.
තරගයේ ලකුණු පුවරුව දැක්වුණේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලකුණු 253ක් ලෙසත් කොදෙව්වන්ගේ පිළිතුරු ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 300ක් ලෙසිනි. අනතුරුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී 342ක් ලබා ගත්හ.
සම්පූර්ණ වාර්තාව: ජයග්‍රහණය වෙනුවෙන් හඹා ගිය ඉනිම වර්ෂාවට බිලි වේ
බ. උතුර සහ වයඹට ජයග්‍රහණය

එම තරග ප්‍රතිඵල ද්විත්වයත් සමඟ මෙම වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තවදුරටත් පෙරමුණ ගැනීමට බස්නාහිර උතුර කණ්ඩායම සමත් විය. තවද ඊයේ (17) දිනය අවසන් වන විට එම ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි තැන සිටි උතුරු පළාත ඊයේ දිනයේ අවසානයේ දී දෙවැනි තැන සිටි වයඹ අභිබවා පෙරට එන ලදි.
සම්පූර්ණ වාර්තාව: වයඹ අභිබවා උතුර පෙරට එද්දී බ. උතුරට පළමු තැන
ඉසිපතන ක්‍රීඩකයින් පරදා වෙස්ලි අවසන් පූර්ව වටයට

තරගය පුරා කරට කර ක්‍රීඩා විලාසයක් පෙන්වීමට කණ්ඩායම් දෙකම සමත් වූ නමුත් අවසාන මොහොතේ සේශාන් ජයවර්ධන හා මෝහන්දාස් පරනිදරන් වෙස්ලි විද්‍යාලයට අවසන් පූර්ව තරගයේ අසුන වෙන් කරන්නට සමත් විය.
සම්පූර්ණ වාර්තාව: ඉසිපතන ක්‍රීඩකයින්ට ජනාධිපති කුසලානයේ දොරටු වැසේ





















