කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ක්‍රිකට් –
ශ්‍රී ලංකා පොඩ්ඩෝ ඉන්දියාවට වැඩ පෙන්වයි

තරගයේ පළමු දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 253ක් ලබාගෙන සිටියි. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම් නායක කමිල් මිශාර පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය වූ නායක මිශාර හා අශේන් ප්‍රනාන්දු පන්දුවාර 10ක් තුල ලකුණු 40ක තරමක් සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැගීමට සමත් විය. දකුණතින් පිත්ත ක්‍රියාත්මක කළ අශේන් ප්‍රනාන්දු ලකුණු 15කට දැවී ගියේ පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ සබඳතාවයට තිත තබමිනි.
සම්පූර්ණ වාර්තාව: ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා පොඩ්ඩෝ වැඩ පෙන්වති
ශ්‍රී ලංකාව සාර්ථකව දෙවැනි දිනයත් නිමා කරයි

දිනය අවසන් වෙද්දී ඇන්ජලෝ මැතිව්ස් පන්දු 48කට මුහුණ දෙමින් ලකුණු 14ක් ද, රොෂේන් සිල්වා පන්දු 14ක දී ලකුණු 10ක් ද ලබා ගනිමින් නොදැවී පිටියේ රැඳී සිටිති. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මේ වෙද්දී සංචාරක ක්‍රීඩකයන්ට වඩා ලකුණු 227ක් ඉදිරියෙන් සිටී.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 287ක් රැස් කළ අතර සංචාරක ක්‍රීඩකයන්ට පළමු ඉනිමට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 126ක් පමණි.
සම්පූර්ණ වාර්තාව: අප්‍රිකානු නායකයාගේ උපන් දිනයට ලක්මාල්ගෙන් රිදෙන තෑග්ගක්
දිනයක නිමාව
අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින්





















