කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ගුවන් මෙහෙයුම CH හමුවේ අසාර්ථකයි

පළමු අර්ධය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 09 – 10 CH & FC
අවසන් ලකුණු තත්වය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 12 (4P) – 28 (3T, 2C, 3P) CH & FC
ThePapare.com තරගයේ වීරයා – අවිශ්ක ලී (CH & FC ක්‍රී .ස.)
සම්පූර්ණ වාර්තාව: අගනුවර රග්බි ක්‍රීඩකයෝ ගුවන් භටයන් බිම දමති
සචිත් පතිරණ නැවතත් දස්කම් දක්වයි

කෙසේ වෙතත් ඊයේ (12) බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට එරෙහිව පැවති තරගයක දී විශිෂ්ට ශතකයක් ලබා ගනිමින් තේරීම් කමිටුවේ මෙම තීරණය සාධාරණීකරණය කිරීමට සචිත්ට අවස්ථාව උදා විය. මීට අමතරව ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A ශ්‍රේණියේ තවත් උණුසුම් තරග 5ක් ඊයේ ආරම්භ විය.
සම්පූර්ණ වාර්තාව: ප්‍රවේගකාරී ශතකයක් සමඟින් සචිත් පතිරණ චෝදනා වලට පිළිතුරු දෙයි!
මනුලගෙන් රාජකීයයින්ට කඩුලු වර්ෂාවක්

එසේම ඊයේ දිනයේ ආරම්භ වූ තරගවල දී රාජකීය විද්‍යාලයේ මනුල පෙරේරා, සාන්ත අන්තෝනි විද්‍යාලයේ නවෝද්‍ය විජේකුමාර, තීක්ශ ගුණසිංහ හා සාන්ත තෝමස් විද්‍යාලයේ මන්තිල විජේරත්න වැඩි දස්කම් දැක්වීමට සමත් විය.
සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම – 178/10 (49.2): නිපුන් සුමනසිංහ 48, දුනිත් වෙල්ලාලගේ 47, යෙසිත් රූපසිංහ 34, ලක්ෂාන් ගමගේ 23, මනුල පෙරේරා 6/26.
රාජකීය විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 93/3 (30): භාග්‍ය දිසානායක 41, පසිඳු සූරියබණ්ඩාර 34*.
සම්පූර්ණ වාර්තාව: ජෝසප් වාස්, මහින්ද හා සාන්ත තෝමස් පූර්ණ ජයක් ලබයි






















