කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
දෙදින ශූරතාවය ජෝසප්වරුන්ට

සාන්ත ජෝසප් විද්‍යාලය සිය පළමු ඉනිමට ලබාගත් ලකුණු 300ට එරෙහිව ත්‍රිත්ව විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත්තේ ලකුණු 173ක් නිසාවෙන් අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයක් ලබා ගත් සාන්ත ජෝසප් විද්‍යාලය දෙදින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා ලදි.
සම්පූර්ණ වාර්තාව: ජෝසප්වරුන් කුසලානය මරදානට රැගෙන යයි
සහය දිවීමේ කණ්ඩායම ආසියානු සංචිතයෙන් හැලේ

නිමා වූ දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී වසර විසිහතරකට පෙර සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශා, නිම්මි ද සොයිසා හා අමන්දා වනිගතුංග විසින් පිහිටුවා තිබූ වාර්තාවක් තත්පර 46.23කින් බිඳ දැමූ 4X100 බාලිකා සහය දිවීමේ කණ්ඩයමේ දක්ෂතා, එම කණ්ඩයම ජිෆු නුවරට පැවැත්වෙන ආසියානු ශූරතාවලියට තෝරා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවීම විමතියට කරුණකි.
සම්පූර්ණ වාර්තාව: සහය දිවීමේ ශූරියෝ ආසියානු කනිෂ්ඨ සංචිතයෙන් ඉවතට






















