කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
වෙස්ලි ක්‍රීඩකයින්ට තවත් ජයග්‍රහණයක්

තරමක අඳුරු කාලගුණයක් යටතේ ධර්මරාජයේ පා පහරින් තරගය ආරම්භ විය. ආරම්භයේ දී දෙපිලම තරමක ආරක්ෂාකාරී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන බවක් පෙනෙන්නට වූ අතර වෙස්ලි ක්‍රීඩකයින් තම උපක්‍රම ක්‍රියාත්මක කරමින් පිටියේ මැද අන්තයේ සිට දිගු පන්දු හුවමාරු කිරීම් කිහිපයක් සිදු කරනු දක්නට ලැබුණි. එම උත්සාහය සාර්ථක කරමින් පළමු උත්සාහක දිනුම වෙස්ලි විද්‍යාලය වෙත දිනා දෙන්නට රයන් සැමුවෙල් සමත් විය. එහි ප්‍රවර්තනය මුශිත් ශුබේන් සාර්ථක කර ගත්තේය. (07-00)
සම්පූර්ණ වාර්තාව: කල්ගිය තරගයේ ජය වෙස්ලි විද්‍යාලයට
දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය අදයි

ThePapare.com අප මලල ක්‍රීඩා පිටිය ද අතික්‍රමණය කරමින් මෙම තරගාවලිය සජීව ලෙස ඔබට සමීප කරන්නට සූදානම්. කැමරා 6ක තාක්ෂණයක් සමඟින් නවමු ආකාරයක සජීව අත්දැකීමක් ඔබ දැකබලා ගැනීමට අද සහ හෙට හැකියාව ලැබෙන අතර තරගාවලියේ Live Text Commentary සඳහා ද පිටුවක් අප විවෘත කර ඇත. ඉතිං රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පුවත් වාර්තාකරණයේ ප්‍රමුඛයා ThePapare.com සමඟින්.
Live Text Commentary – දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය 2018 – Live Updates Day 1






















