කල්ගිය තරගයේ ජය වෙස්ලි විද්‍යාලයට

1040

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ දී මහනුවර පැවති කලබලකාරී තත්වය හේතුවෙන් කල්ගිය තරගයක් අද (04) කොළඹ වෙස්ලි විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර පැවැත්වූයේ CR & FC ක්‍රීඩා පිටියේ දීයි. එහි දී ලකුණු 23-15ක් ලෙස ජයග්‍රහණය හිමි කර ගැනීමට වෙස්ලි ක්‍රීඩකයින් සමත් විය.

47 වන අබ්දුල් ජබ්බාර් පලිහ කා හට ද?

සම්ප්‍රදායික ප්‍රතිවාදීන් වන කොළඹ ඉසිපතන විදුහල හා තර්ස්ටන් විදුහල අතර අබ්දුල් ජබ්බාර් පලිහ සඳහා…..

තරමක අඳුරු කාලගුණයක් යටතේ ධර්මරාජයේ පා පහරින් තරගය ආරම්භ විය. ආරම්භයේ දී දෙපිලම තරමක ආරක්ෂාකාරී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන බවක් පෙනෙන්නට වූ අතර වෙස්ලි ක්‍රීඩකයින් තම උපක්‍රම ක්‍රියාත්මක කරමින් පිටියේ මැද අන්තයේ සිට දිගු පන්දු හුවමාරු කිරීම් කිහිපයක් සිදු කරනු දක්නට ලැබුණි. එම උත්සාහය සාර්ථක කරමින් පළමු උත්සාහක දිනුම වෙස්ලි විද්‍යාලය වෙත දිනා දෙන්නට රයන් සැමුවෙල් සමත් විය. එහි ප්‍රවර්තනය මුශිත් ශුබේන් සාර්ථක කර ගත්තේය. (07-00)

ඉන්පසු නැවතත් පිටියේ එක්වූ වෙස්ලි ක්‍රීඩකයන් ඇසිල්ලකින් ලද පන්දුව ධර්මරාජ ආරක්ෂක වළල්ල අතික්‍රමණය කරමින් කාවින්දන පෙරේරාට භාර කළේ පිටියේ කෙළවර අන්තයෙන් එය උත්සාහක දිනුමකට පරිවර්තනය කරවමිනි. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (12-00)

ඉන් මිනිත්තු කිහිපයකට පසු වෙස්ලි ධවල රේඛාවට යාර 20ක සීමාව අසල දී අනිසි බලපෑමකට ලක්වන්නට වෙස්ලි ක්‍රීඩකයින් සිදු වූ අතර ධර්මරාජයෙන් ලද බලපෑමෙන් මුශිත් ශුබේන් සාර්ථක දඬුවම් පහරකට ඉඩ හසර වෙන් කර ගත්තේය. ඒ සමඟින් වෙස්ලි ලකුණු පුවරුව 15ක් දක්වා වර්ධනය විය.

වෙස්ලි ක්‍රීඩකයින්ගේ පීඩනය මැඩලමින් ධර්මරාජ විද්‍යාලය ඉදිරි පා පහරකින් පන්දුවේ හිමිකාරිත්වය ලබා ගත්ත ද වෙස්ලි ආරක්ෂක වළල්ලෙන් ලද අනිසි බලපෑමකින් එය ව්‍යර්ථ වී ගියේය. ඒ නිසාම විනිසුරු එය දඬුවම් උත්සාහක දිනුමක් ලෙස නම් කළේ ධර්මරාජ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමිනි. (15-07)

ප්‍රථම අර්ධයේ අවසානය පෙනෙන මානයේ දී දඩුවම් පහර දෙකක් පාසල් දෙකටම හිමි වූ අතර පිළිවෙළින් වෙස්ලි විද්‍යාලය වෙනුවෙන් මුශිත් (18-07) හා ධර්මරාජ විද්‍යාලය වෙනුවෙන් බවන්ත උඩන්ගමුව ඒවා සාර්ථක කර ගැනීමට සමත් විය. (18-10)

පළමු අර්ධය: වෙස්ලි විද්‍යාලය 18 – 10 ධර්මරාජ විද්‍යාලය

දෙවන අර්ධයේ ආරම්භයේ දී ම වෙස්ලි විද්‍යාලයට කහ කාඩ්පතක් හිමි විය. ඉන්පසු ධර්මරාජ විද්‍යාලයේ ඉදිරිපෙළ ක්‍රීඩකයින් සුක්ෂමව වෙස්ලි විද්‍යාලයෙන් පන්දුව උදුරා ගනිමින් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූයේ හුකර් ක්‍රීඩක මනුක හේරපිටිය විසිනි. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (18-15)

A කාණ්ඩයට පියමන් කිරීමේ වටය ඇරඹේ

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවන හා අවසාන අදියර එළඹෙන මැයි මස ආරම්භ වීමට ……

ඉන්පසු මිනිත්තු කිහිපයක් ගතවෙත්ම වෙස්ලි ආරක්ෂක වළල්ල දිගින් දිගටම තර වන්නට වූ අතර ඒ නිසාම වෙස්ලි විද්‍යාලයෙන් අනිසි බලපෑමක් ධර්මරාජ ක්‍රීඩකයින්ට සිදු විය. ඒ නිසාවෙන් රයන් සැමුවෙල් හට කහ කාඩ්පතක් විනිසුරු විසින් නියම කළේය.

තරගයේ අවසන් මිනිත්තු කිහිපය ගතවෙත්ම වෙස්ලි විද්‍යාලයේ ජයග්‍රහණය තහවුරු කරමින් කාවින්දන සිය දෙවැනි උත්සාහක දිනුම ජයග්‍රහණය කළ නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථක විය. මනරම් පන්දු පාලනයත්, දක්ෂ පන්දු හැසිරවීමත් නිසා වෙස්ලි විද්‍යාලයට තවත් ජයග්‍රහණයක් අත් කරදෙමින් තරගය අවසන් විය. (23-15)

අවසන් ලකුණු තත්වය: වෙස්ලි විද්‍යාලය 23 (3T,1C,2P) – 15 ධර්මරාජ විද්‍යාලය (2T,1P)

ThePapare.com තරගයේ වීරයා: බවන්ත උඩන්ගමුව (විද්‍යාලය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්:

  • වෙස්ලි  විද්‍යාලය – රයන් සැමුවෙල් 1T, කාවින්දන පෙරේරා 2T, මුශිත් ශුබේන් 1C,2P
  • ධර්මරාජ විද්‍යාලය – මනුක හේරපිටිය 1T, බවන්ත උඩන්ගමුව 1P

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<