කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
මලියදේව, සාන්ත ජෝසප්, විද්‍යා සහ රාජකීය ජය ලබයි

කෙසේ නමුත් වැස්ස බාධාවක් කර නොගනිමින් ක්‍රීඩා කර රග්බි ක්‍රීඩකයින් අතරින් රාජකීය ක්‍රීඩකයින් විසින් ඉසිපතන ක්‍රීඩකයින් පරාජය කරමින් මේජර් මිල්රොයි ප්‍රනාන්දු කුසලානය හිමි කර ගැනීමට සමත් විය.
තවද පලිහ කාණ්ඩයේ තරග කරනු ලබන පෙරළිකාර පාසලක් වන ගල්කිස්ස විද්‍යා විද්‍යාලය විසින් ලුම්බිණි විදුහල පරාජය කරනු ලැබුවේ 65-10ක් ලෙසයි.
සාන්ත පීතර විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය අතර පැවති තරගයේ දී මෙතෙක් අපරාජිත වාර්තාව රැකගෙන සිටි සාන්ත පීතර ක්‍රීඩකයින්ට එම කිරුළ අහිමි වී ගියේ 10-05ක් ලෙස සාන්ත ජෝසප් ක්‍රීඩකයින් හමුවේ පරාජය වෙමිනි.
කන්ද උඩරට ද උණුසුම් කරමින් පැවති රග්බි තරගයකින් විද්‍යාර්ථ සත්කාරකයින්ට හොඳ හැටි සැලකූ ආගන්තුක ක්‍රීඩකයින් වන මලියදේව විද්‍යාලය ලකුණු 26-22ක් ලෙස තියුණු ජයක් ලබා ගැනීමට සමත් විය.
තරග වාර්තා සියල්ල සිංහලෙන් කියවන්න පිවිසෙන්න – රග්බි පිටුවට
බොක්සිං නවකයෝ ශූරතා දිනති

තරග ආරම්භ වුණේ පස්වරු 3.00ට පමණ ය. පෙර වසරේ මෙන් ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළ මට්ටමක නොතිබුණත් තරගාවලිය ඊයේ හොඳින් අවසන් විය.
සම්පූර්ණ වාර්තාව: නවක බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් නවකභාවය නිමා කරයි






















