කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ඇෆ්ගනිස්තානය අටට, ශ්‍රී ලංකාව නවයට

නවතම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් අනුව තවදුරටත් පෙරමුණේ රැඳී සිටින්නේ ප්‍රසාද ලකුණු 130ක් ලබා ගත් පාකිස්තාන කණ්ඩායම වන අතර පිළිවෙළින් එහි දෙවන හා තෙවැනි තැන දිනා සිටින්නේ ඕස්ට්‍රේලියාව (126) හා ඉන්දියාවයි (123).
නිමාවූ නිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට අපේක්ෂිත දස්කම්වලට පැමිණීමට නොහැකි වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම (85) විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල පෙර තිබූ ප්‍රසාද ලකුණුවලින් ලකුණු 4ක් අඩු විය.
සම්පූර්ණ වාර්තාව: නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාවට නව ස්ථානයක්
දිමුත්ට ආබාධයක්

සුපිරි පළාත් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දී දඹුල්ල කණ්ඩායමේ නායකත්වය හෙඹවූ දිමුත්, ඉනිම් හයක දී එක් අර්ධ ශතකයක් පමණක් වාර්තා කරගෙන ඇත.
සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ද දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සිටි දිමුත් හට එම තරගාවලිය මෙන්ම ඉදිරියේ දී පැවැත්වීමට නියමිත කොදෙව් සංචාරය ද මේ ආබාධය හේතුවෙන් අහිමි වී යෑමට ඉඩ ඇත.
සම්පූර්ණ වාර්තාව: දිමුත්ට කොදෙව් සංචාරය අහිමි වන ලකුණු
කොළඹ නුවර කණ්ඩායම් මංගල ජය වාර්තා කරයි

දිනයේ කැපී පෙනෙන පිතිකරු වූයේ නුවර කණ්ඩායමේ මහේල උඩවත්ත ය. ඔහු ගාල්ල කණ්ඩායමට එරෙහිව ශතකයක් වාර්තා කළේය. එමෙන්ම කොළඹ කණ්ඩායමේ ලහිරු තිරිමාන්න ද දඹුල්ල කණ්ඩායමට එරෙහිව නොදැවී ශතකයක් වාර්තා කළේය.
පන්දු යැවීමේ දී නුවර කණ්ඩායමේ ඉසුරු උදාන ගාල්ල කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.
සම්පූර්ණ වාර්තාව: උඩවත්ත නුවරටත්, තිරිමාන්න කොළඹටත් ශතක රැස් කරයි





















