ඊබට් සහ නිම්නක කන්ද උඩරටට වැඩ පෙන්වයි

715

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ දෙවැනි වටයේ අද (19) නිමා වූ තරග අතුරින් කන්ද උඩරට සිට පැමිණි ගිහාන් ඊබට් සහ නිම්නක ජයතිලක සුපිරි දක්ෂතා දැක්වීමට සමත් වූහ. 

සවිඳු සහ කළණ සාන්ත අන්තෝනුවන් අමාරුවේ දමයි

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අතර ඊයේ (18) නිමා වූ වයස අවුරුදු 17…

කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය (Group U)

කොටහේනේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 109ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සංචාරක සාන්ත අන්තෝනි විද්‍යාලය සමත් විය. 

කාසියේ වාසිය දිනා ගත් සංචාරක සාන්ත අන්තෝනි ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස කඩුලු 9ක් දැවී ලකුණු 220ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් නායක ගිහාන් ඊබට් සහ කවිඳු ශෙහාන් අර්ධ ශතක ලබා ගත්හ. 

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 111ක් පමණි. එම ඉනිම අසාර්ථක කිරීමේ දී සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ වමතින් දඟපන්දු යවන උප නායක නිම්නක ජයතිලක ලකුණු 22කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය.

සාන්ත අන්තෝනි විද්‍යාලය; කඩුලු 9ක් දැවී 220 (42) ගිහාන් ඊබට් 71, කවිඳු ශෙහාන් 50, දිව්යේශ් රාමයියා 21, චමිඳු විකුමසිංහ 20, අකිඳු කරුණාරත්න 3/42, හසිඳු කවිරත්න 2/29

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය; සියලුම දෙනා දැවී 111 (34.1) තේනුක නන්දලාල් 44, නිමේෂ් සොයිසා 34, නිම්නක ජයතිලක 5/22, ජයෝද දම්සර 2/11

පළමු ජයග්‍රහණයෙන් දිමුත් මුල් 10ට එද්දී අකිලත් උඩ යයි

ලෝක ටෙස්ට් තරගාවලිය සඳහා සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (18) සමත් වූයේ ලොව…

කොළඹ ඩී. එස්. සේනානායක  විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය (Group W)

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 82ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක ඩී. එස්. සේනානායක විද්‍යාලය සමත් විය.

කාසියේ වාසිය දිනූ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 193ක් ලබා ගත්තේය. එම ඉනිම වෙනුවෙන් මනින්ද ජයතිලක අර්ධ ශතකයක් ලබා ගත්තේය. ඔහු ඉනි නොනැවතී පන්දු යැවීමේ දී ද කඩුලු 2ක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය. 

Photos: D.S.Senanayake College v Maliyadeva College | U17 Cricket Tournament 2019 | 2nd Round

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි මලියදේව විද්‍යාලයීය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 111ක්  පමණි. 

ඩී. එස්. සේනානායක විද්‍යාලය; සියලුම දෙනා දැවී 193 (47.2) මනින්ද්‍ර ජයතිලක 50, පුමුදිත පෙරේරා 39, අභිශේක් ලියනාරච්චි 27, නිකිල ධර්මදාස 3/31, පසන් කහගල්ල 2/32

මලියදේව විද්‍යාලය; සියලුම දෙනා දැවී 111 (29.5) අනුපම ගජසිංහ 25, නිකිල ධර්මදාස 21, මනින්ද්‍ර ජයතිලක 2/07, පසිඳු දෙනිප්‍රිය 2/15

මොහොමඩ් ශේශාඩ් ගෙදර යවයි

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ විනය රීති මාලාව උල්ලංඝනය කරමින් කටයුතු කිරීම නිසා කඩුලු රකින…

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය (Group W)

ගල්කිස්සේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 93ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත තෝමස් විද්‍යාලය සමත් විය. 

කාසියේ වාසිය දිනා ගත් සංචාරක මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සත්කාරක සාන්ත තෝමස් විද්‍යාලය සියලුම දෙනා දැවී ලකුණු 167ක් ලබා ගත් අතර ප්‍රතිවාදී ඉනිම ලකුණු 74කට සීමා කිරීමට සත්කාරක ක්‍රීඩකයෝ සමත් වූහ.  

සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් අනුක් පලිහවඩන අර්ධ ශතකයක් ලබා ගත්තේය. 

සාන්ත තෝමස් විද්‍යාලය; සියලුම දෙනා දැවී 167 (45.2) අනුක් පලිහවඩන නොදැවී 68,  බ්‍රයන් ප්‍රනාන්දු 24, ගිහාන්  ද සිල්වා 3/14, සෙනේශ් ප්‍රනාන්දු 2/15, රවිඳු ඩිල්ශාන් 2/36

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය; සියලුම දෙනා දැවී 74 (26.5) රවිඳු ගුණසේකර 2/14,  යසිරු රොද්‍රිගෝ 2/11, විසුක් පෙරේරා 2/19

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<