මීළඟ පරපුරේ තාරකාවන් හට වේදිකාවක් තනාදීමේ බලාපොරොත්තුවෙන් සංවිධානය කෙරෙන ‘ThePapare’ පැසිපන්දු ශූරතාවලිය (TPBC) අඛණ්ඩව දෙවන වසරටත් පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානමින් ය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පාසල් 28ක කණ්ඩායම් එකම කිරුළක් වෙනුවෙන් තරගාවලියේ දී සටන් වදිනු ඇත.

ඩී. එස්. සේනානායක විද්‍යාලය නව බලාපොරොත්තු ඇතිව තරගාවලියට

මීළඟ පරපුරේ තාරකාවන් හට වේදිකාවක් තනාදීමේ බලාපොරොත්තුවෙන් සංවිධානය කෙරෙන ‘ThePapare’ පැසිපන්දු ශූරතාවලිය…

TPBC 2016 – සාරාංශයක්

ද ලාසාල් විද්‍යාලය පසුගිය වසරේ තරගාවලිය සඳහා A කාණ්ඩයෙන් තරග කළ නමුත් එහි දී ප්‍රතිවාදීන්ට එතරම් අභියෝගයක් වන්නට ඔවුන් අපොහොසත් විය. පළමු වටයේ දී ඔවුන් සහභාගී වූ තරග තුනම මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය, ආසියානු ජාත්‍යන්තර පාසල සහ ඩී. එස්. සේනානායක විද්‍යාලය හමුවේ ඔවුන් පරාජයට පත්විය.

Photos : TPBC17 | De La Salle College – Colombo| Boys Basketball Team

වැදගත් ක්‍රීඩකයින්

සිවකුමාර් රුක්ෂාන්

Key Player 01 - De La Salle Collegeකණ්ඩායමේ නායකත්වය දරන රුක්ෂාන් ‘Post’ ස්ථානයේ ක්‍රීඩා කරනු ලබයි. කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් වන ඉෂාර පියුමාල්ගේ සහයෝගය ද ඔහුට හිමිවනු ඇත. ලකුණු ලබාගැනීමේ අවස්ථාවන් මඟහැරුණු විට නැවතත් පන්දුව ලබාගැනීමට ඔහු දක්වන දක්‍ෂතාවය සහ ඒ සම්බන්ධයෙන් ඔහුට ඇති අත්දැකීම් ද ලාසාල් විද්‍යාලයීය කණ්ඩායමට තරගාවලියේ දී තරග ජයග්‍රහණය කරමින් ඉදිරියට යාමට බෙහෙවින් ඉවහල් වනු ඇත. සිය පැසිපන්දු දිවිය ආරම්භයේ සිටම දක්‍ෂතා දැක්වීමට සමත් වූ රුක්ෂාන් වයස අවුරුදු 15න් පහළ හා 17න් පහළ වයස් කාණ්ඩ වල වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මාන දිනා ගැනීමට ද සමත් වී ඇත.

කණ්ඩායම

මෙවර තරගාවලිය සඳහා එක්වන ද ලාසාල් විද්‍යාලයීය කණ්ඩායම ඉතා තරුණ කණ්ඩායමකි. කණ්ඩායම තුළ සිටින ක්‍රීඩකයින් බහුතරයක් කනිෂ්ඨ ක්‍රීඩකයින් වන අතර ඒ තුළ සිටින්නේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දෙදෙනෙක් පමණි. ඒ අනුව රුක්ෂාන්ට සහ ඉෂාර හට තරගාවලියේ දී විශාල පීඩනයක් එල්ල වනු ඇත. පසුගිය වසරේ දී කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් 5 දෙනෙක් මෙවර ක්‍රීඩා නොකරන අතර මෙවර තරගාවලියේ දී ක්‍රීඩකයින්ගේ සුසංයෝගය සහ ස්ථානගත කිරීම නිවැරදිව සිදුකිරීම කණ්ඩායමට තරගාවලියට මුහුණ දීමට අතිශය වැදගත් වනු ඇත. ඊට අමතරව කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාවය ඉහළ නංවාගැනීම කෙරෙහි මෙන්ම ක්‍රීඩකයින්ගේ උස ප්‍රමාණය අඩු මට්ටමක පැවතීම හේතුවෙන් දුර සිට ලකුණු ලබාගැනීම දියුණු කරගැනීමට ද ඔවුන්ට සිය අවධානය යොමුකිරීමට සිදුවේ.

‘ThePapare’ පැසිපන්දු ශූරතාවලිය සඳහා මෙවර එක්වන ද ලාසාල් විද්‍යාලයීය කණ්ඩායමේ අරමුණ වී ඇත්තේ වයස අවුරුදු 19න් පහළ වයස් කාණ්ඩයේ A කාණ්ඩයේ ක්‍රීඩා කිරීමේ අත්දැකීම් කණ්ඩායමේ කනිෂ්ඨ ක්‍රීඩකයින් හට ලබාදීමයි. ඒ අනුව ඔවුන්ගේ විශ්වාසය වී ඇත්තේ ඒ හරහා ඔවුන්ට ඉදිරි වසරවල දී ශූරතාවය ජයග්‍රහණය කිරීමට හැකියාවක් ලැබෙනු ඇති බවයි.

කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ඉදිරියේ දී විභාගවලට මුහුණ දීමට නියමිත වුවත් ඔවුන් සතියට දින 5ක් පුහුණුවීම් කටයුතු සඳහා වෙන්කිරීමට සමත්ව ඇත. තරගාවලියේ තරග කාලසටහන ඉදිරිපත් කිරීමට ආසන්න බැවින් ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු උදෑසන සහ සවස් වරු දෙක කරාම දීර්ඝ කෙරෙනු ඇත.

නායක සිවකුමාර් රුක්ෂාන්,

“අපිට සිටින්නේ ඉතාමත් තරුණ කණ්ඩායමක්. නමුත් අපි බලාපොරොත්තු වෙනවා අපිට හැකි උපරිමයෙන් ක්‍රීඩා කරලා අපිට පුළුවන් උපරිම ප්‍රතිඵලය කරා ළඟාවෙන්න. අපි මේ වෙනකන් ගොඩක් මහන්සි වුනා. ඒ වගේම තවත් දියණු කරගත යුතු අංශ කිහිපයක්ම තියෙනවා. නමුත් මම හිතනවා අපිට අනෙක් කණ්ඩායම්වලට හොඳ තරගයක් ලබාදෙන්න පුළුවන් වෙයි කියලා.”

ප්‍රධාන පුහුණුකරු බාතිය ප්‍රභාත්,

Coach`s Photo - De La Salle“අපිට සිටින්නේ ඉතාම තරුණ වගේම අත්දැකීම් අඩු කණ්ඩායමක්. ඒ නිසා මගේ බලාපොරොත්තුව ඔවුන්ට වයස අවුරුදු 19න් පහළ අංශයේ ක්‍රීඩා කරලා අත්දැකීම් ලබා දෙන්න. මම විශ්වාස කරනවා ඒක ප්‍රයෝජනයක් කරගෙන ඒ හරහා ඊළඟ අවුරුදු කිහිපයේ දී අපිට හොඳ අත්දැකීම් කණ්ඩායමක් හැදෙයි කියලා. නමුත් ඒකෙන් මම කියන්නේ නැහැ මේ කණ්ඩායමේ දක්‍ෂයින් නැහැ කියලා. මම හිතනවා ඔවුන්ට අවම වශයෙන් අර්ධ අවසන් පූර්ව වටයට හරි සුදුසුකම් ලබන්න හැකියාව තියෙනවා කියලා. මොකද ඔවුන්ට කවුරුත් නොසිතන අවස්ථාවල දී පවා ලකුණු රැස්කර ගැනීමේ හැකියාව තියෙනවා.”     

සංචිතය

සිවකුමාර් රුක්ෂාන් (නායක), තාරක පෙරේරා, මොහොමඩ් රිහාන්, ඉෂාර පියුමාල්, මාලක මදුෂාන්, තිලිණ සිල්වා,ෂෙහාන් තාරක, ඩේව් ඇඩම්ස්, බ්‍රයන් ෂේන්, අශේන් සංදීප, ප්‍රගීත් මල්ෂාන්, සංජුල මයන්ත, සසිකුමාර් ආනෝස්, රුමේෂ් දවිඳු, නිරංග හේරත්, නිමේෂ් දිල්රුක්ෂාන්

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට