AFC කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට 32 සංචිතයක්

355
Sri Lanka U19 Football

2018 19න් පහළ AFC පාපන්දු ශූරතාවය සඳහා සහභාගී වීමට ක්‍රීඩකයින් තිස්දෙදෙන‍ෙකුගෙන් සමන්විත කණ්ඩායමක් තෝරා ගැනීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සමත් වී ඇත. ඒ පසුගිය දා පැවති තෝරා ගැනීම් තරගවලින් අනතුරුවයි.

ආරම්භක මට්ටමේ තෝරා ගැනීම් තරග ජුනි මස 13 සහ 20 යන දිනවල කොළඹ සිටි පාපන්දු ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. උතුරු නැගෙනහිර, මධ්‍යම සහ උතුරු මැද පළාත් සඳහා වන තේරීම් තරග ජුනි මස 13 වැනිදා පැවති අතර දකුණු සහ බස්නාහිර පළාත් සඳහා තේරීම් තරග පැවතියේ ජුනි මස 20 වැනිදායි. තෝරා ගැනීම් තරගවල දී වැඩි දස්කම් දැක්වූ ක්‍රීඩකයින් තෝරා අවසන් තේරීම් තරග සඳහා සහභාගී කරවිය. එම තරග ඉකුත් 29 වැනිදා පැවත්විය.

මේ වන විට තෝරා ගෙන ඇති සංචිතයේ ගෝල රකින්නන් 6 දෙනෙක්, ඩිෆෙන්ඩර්ස් ක්‍රීඩකයින් 8 දෙනෙක් සහ මිඩ්ෆීල්ඩර්ස් ක්‍රීඩකයින් 11 සිටියි.

30 දෙනෙකුගේ සංචිතය තෝරා අවසන්

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 16න් පහළ ආසියානු පාපන්දු ශූරතාවලියට (AFC) සුදුසුකම්…

උතුරු සහ නැගෙනහිර පළාත්වලින් ක්‍රීඩකයින් 4 දෙනෙකු තෝරා ගෙන ඇති අතර චන්ද්‍රසේකරන් සජේන්දන් (යාපනය මහා විදුහල), තන්ගරාසා අජිත් (සාන්ත හෙන්රි විද්‍යාලය, යාපනය), සසිකුමාර් කනුජන් (යාපනය මහජන විදුහල) සහ මොහොමඩ් අශ්රාස් (ත්‍රිකුණාමලය කින්නියා මහා විදුහල) එම ක්‍රීඩකයින් වේ.

2016 කොත්මලේ 19න් පහළ පාසල් පාපන්දු ශූරතාවලිය සහ 2016 වයස අවුරුදු 19න් පහළ පළමු කාණ්ඩයේ පාපන්දු ශූරතාවලියේ දස්කම් දැක්වූ අමාන් ෆයිසර්, මොහොමඩ් අකීබ්, අසේල මධුෂාන් සහ මොහොමඩ් සාජිඩ් යන ක්‍රීඩකයින් ද සංචිතයට ඇතුළත් කර ඇත.

සංචිතය සඳහා බම්බලපිටිය සාන්ත පීතර විදුහලෙන් ක්‍රීඩකයින් තිදෙනෙක් සහ හමීඩ් අල් හුසෙයිනි, මරදාන සහිරා සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලවලින් ක්‍රීඩකයින් දෙදෙනා බැගින් ක්‍රීඩකයින් 6 දෙනෙකු සංචිතයට ඇතුළත්ව ඇත.

සංචිතය (ක්‍රීඩකයින් 32)

අංකය. නම පාසල/ ක්‍රීඩා සමාජය ස්ථානය
1. චන්දුසේකරන් සජේන්දන් යාපනය මධ්‍ය මහා විද්‍යාලය DF
2. තන්ගරාසා අජිත් සාන්ත හෙන්රි විද්‍යාලය, යාපනය DF
3. සසිකුමාර් කනුජන් යාපනයේ මහජන විද්‍යාලය FW
4. මොහොමඩ් අශ්රාස් කින්නියා මධ්‍ය මහා විද්‍යාලය, ත්‍රිකුණාමලය GK
5. මොහොමඩ් රිෆ්ලාන් ඌව විද්‍යාලය, බදුල්ල GK
6. නෙත්ම මල්ෂාන් සාන්ත ජෝසප් විද්‍යාලය, අනුරාධපුරය FW
7. පැතුම් විමුක්ති කිංස්වුඩ් විද්‍යාලය, මහනුවර FW
8. සල්මන් අහමඩ් නූරනිය ම.ම.වි, මාවනැල්ල FW
9. ඉෂාර සඳරුවන් වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විදුහල MF
10. ජව්වර් හුසෙර් සහිරා විද්‍යාලය, පුත්තලම GK
11. අමාන් ෆයිසර් හමීඩ් අල් හුසේනි විදුහල MF
12. හනීෆා සෆීක් සෆ්රාන් හමීඩ් අල් හුසේනි විදුහල GK
13. මොහොමඩ් නාසික් මරදාන සහිරා විද්‍යාලය DF
14. මොහොමඩ් අකීබ් මරදාන සහිරා විද්‍යාලය MF
15. ශහන් යස්මිල කොළඹ සාන්ත පීතර විද්‍යාලය MF
16. මොහොමඩ් ෂාබීර් කොළඹ සාන්ත පීතර විද්‍යාලය FW
17. ශෙහාන් තිවංක කොළඹ සාන්ත පීතර විද්‍යාලය FW
18. චමත් රෂ්මිත් මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය MF
19. අසේල මධුෂාන් මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය FW
20. නුවන් ගිම්හාන මරදාන නාලන්ද විද්‍යාලය GK
21. පසිඳු කාවින්ද වෙස්ලි විද්‍යාලය FW
22. අයි. මිතුර්ෂන් කොළඹ විවේකානන්ද විද්‍යාලය GK
23. මොහොමඩ් මව්ලානා ලුම්බිණි ම.වි. කොළඹ DF
24. සසංග දිසාර ජයසේකර කොළඹ සාන්ත ලුසියා විද්‍යාලය FW
25. ක්‍රිස්ටි ඇන්තනි දුල්ෂාන් වැලිසර කරුණාරත්න බෞද්ධ විද්‍යාලය DF
26. මොහොමඩ් සාජිඩ් මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය MF
27. මොහොමඩ් මුෂ්නි බස්නාහිර ක්‍රීඩා සමාජය DF
28. මොහොමඩ් මුර්ෂිත් පානදුර ජීලණි මුස්ලිම් විද්‍යාලය FW
29. මොහොමඩ් නජ්මාන් මුස්ලිම් විද්‍යාලය, කළුතර MF
30. සුරේෂ් පුෂ්පකුමාර සුගත් විදුහල, කළුතර FW
31. විකුම් අවිශ්ක කවිඳු සියලු සාන්තුවරුන්ගේ විද්‍යාලය, ගාල්ල DF
32. ලහිරු විදුරංග විද්‍යාලෝක මහා විද්‍යාලය, ගාල්ල DF

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට