Home Sinhala ශ්‍රී ලංකාව පළමු ජය ලබයි

ශ්‍රී ලංකාව පළමු ජය ලබයි

Pakistan Tour of Sri Lanka 2025

8
Tri Nations T20 Tournament

පාකිස්තානයේ පැවැත්වෙන තුන් කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් තෙවැනි තරගය අද (25) ක්‍රියාත්මක වුනා. 

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය සිම්බාබ්වේ නායකයා සතු වූ අතර, ඔහු විසින් පළමුව පන්දුවට පහර දීමේ වගකීම බාර ගැනීමට තීරණය කළා. 

මෙහි දී සිම්බාබ්වේ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඉඩ ලබා නොදුන් මහීෂ් තීක්ෂණ ලකුණු පුවරුවට ලකුණු 17ක් එක් වන විට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා. 

එමෙන්ම සිම්බාබ්වේ ඉනිමේ ලකුණු සංඛ්‍යාව 53ක් වන විට Brendan Taylor දවා ගැනීමට සමත් වූ අතර, ඉන් පසුව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් Sikandar Raza සහ Brian Bennett විසින් ලකුණු 39ක් එක් කිරීමට සමත් වුනා. මෙහි දී Brian Bennett විසින් වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේ Hit Wicket වීමෙන් දැවී ගිය අතර, ඒ වන විට ඔහු ලකුණු 36ක් ලබා ගැනීමට සමත් වී සිටියා. ඉන් පසුව නායක Raza ලකුණු 37ක් ලබා පිටියෙන් ඉවත් වූ අතර, එතැන් සිට Tashinga Musekiwa සහ Ryan Burl ඉනිමේ හය වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 42ක් එක් කිරීමට සමත් වුනා. මෙහි දී Ryan Burl නොදැවී ලකුණු 37ක් වාර්තා කිරීමට සමත් වුනා. 

සිම්බාබ්වේ ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 146ක් ලබා ගැනීමට සමත් වු අතර, වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුනා. 

මෙතෙක් තරගාවලිය තුළ ශ්‍රී ලංකා පරාජයන් සඳහා ප්‍රබලතම හේතුව වූ පිතිකරණ අංශයේ බිඳ වැටීම මෙවර වළක්වා ගැනීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය වූ පැතුම් නිස්සංක සහ කමිල් මිශාර පිටියට අවතීර්ණ වුනා. 

මෙහි දී ඔවුන් දෙදෙනා විසින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 59ක් එක් කළ අතර, එහි දී මිශාරගේ පිත්තෙන් වාර්තා වුනේ ලකුණු 12ක් පමණයි. කෙසේ වෙතත් මිශාර මෙහි දී පැතුම් නිස්සංකගේ ප්‍රවේගකාරී පිතිකරණයට සිය උපරිම සහය ලබා දීමට සමත් වූ අතර, මිශාරගෙන් පසුව පිටියට අවතීර්ණ වූ කුසල් මෙන්ඩිස් ද මිශාරගේ මග යමින් පන්දු 25ක් තුළ ලකුණු 25ක් ලබමින් පැතුම්ට අවශ්‍ය සහය ලබා දුන්නා. 

මෙහි දී පැතුම් සහ මෙන්ඩිස් අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 89ක් එක් වූ අතර, මෙම සබඳතාව සමඟ ඔවුන් පන්දුවාර 16 පන්දු 2ක් තුළ අදාළ ඉලක්කය සපුරා ගැනීමට සමත් වුනා. 

මෙම ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ට ඉනිමකින් දායක වූ පැතුම් නිස්සංක පන්දු 58ක් තුළ ලකුණු 98ක් ලබා ගැනීමට සමත් වූ අතර, මෙම ඉනිමට හතරේ පහර 11ක් සහ හයේ පහර 4ක් අන්තර්ගත වුනා. 

මේ අනුව ශ්‍රී ලංකාවට තරගයෙන් කඩුලු 9ක විශිෂ්ට ජයක් හිමි වුනා. එමෙන්ම පැතුම් නිස්සංක තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගැනීමට ද මෙහි දී සමත් වුනා. 

කෙසේ වෙතත් තවමත් ශ්‍රී ලංකාව තරගාවලි ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා. මේ අනුව ශ්‍රී ලංකාව වසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නම්  එළඹෙන බ්‍රහස්පතින්දා (27) ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරගයෙන් අනිවාර්යයෙන් ම ජයග්‍රහණයක් ලැබිය යුතුයි. 

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, එමෙන්ම තරගාවලියේ සියලු තරග ThePapare හරහා සජීවී ව නැරඹීමේ අවස්ථාව ද ඔබට හිමි වනු ඇති. රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න << 

Result
Sri Lanka
148/1 (16.2)
Zimbabwe
146/5 (20)
Batsmen R B 4s 6s SR
Brian Bennett hit-wicket b Wanindu Hasaranga 34 26 4 1 130.77
Tadiwanashe Marumani b Maheesh Theekshana 4 3 1 0 133.33
Dion Myers b Maheesh Theekshana 6 7 1 0 85.71
Brendan Taylor b Dasun Shanaka 14 16 2 0 87.50
Sikandar Raza c Kusal Perera b Wanindu Hasaranga 37 29 5 1 127.59
Ryan Burl not out 37 26 5 1 142.31
Tashinga Musekiwa not out 6 14 0 0 42.86
Extras 8 (b 1 , lb 4 , nb 1, w 2, pen 0)
Total 146/5 (20 Overs, RR: 7.3)
Bowling O M R W Econ
Maheesh Theekshana 4 0 23 2 5.75
Dasun Shanaka 4 0 36 1 9.00
Dushmantha Chameera 4 0 26 0 6.50
Wanindu Hasaranga 4 0 23 2 5.75
Eshan Malinga 4 0 33 0 8.25

Batsmen R B 4s 6s SR
Pathum Nissanka not out 98 58 11 4 168.97
Kamil Mishara  c Wellington Masakadza b Brad Evans 12 15 2 0 80.00
Kusal Mendis not out 25 25 1 1 100.00
Extras 13 (b 1 , lb 2 , nb 0, w 10, pen 0)
Total 148/1 (16.2 Overs, RR: 9.06)
Bowling O M R W Econ
Richard Ngarava 3.2 0 44 0 13.75
Tinotenda Maposa 2 0 29 0 14.50
Brad Evans 4 0 36 1 9.00
Sikandar Raza 4 0 17 0 4.25
Wellington Masakadza 3 0 19 0 6.33