ආනන්ද ක්‍රීඩකයින් පරදා සුමංගල ක්‍රීඩකයින් අගමැති අවසන් සටනට

2552

මයිලෝ අගමැති කුසලාන අවසන් පූර්ව වටයේ තවත් තරගයක් කොළඹ ආනන්ද විද්‍යාලය හා මහනුවර සුමංගල විද්‍යාලය අතර අද (24) සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. එහි දී ලකුණු  38–31ක්  ලෙස තරගය ජය ගැනීමට මහනුවර  සුමංගල විද්‍යාලය සමත් විය.

භානුක අවසන් මිනිත්තුවේ දී තෝමසුවන්ව අවසන් තරගයට රැගෙන යයි

මයිලෝ සභාපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරගයක් මාතලේ සාන්ත…

දෙපිලේම ක්‍රීඩා විලාසය තරමක් උද්වේගකර බවක් පෙනෙන්නට තිබුණු අතර මිනිත්තු කිහිපයක් ගත වූ තැන තරගයේ පළමු උත්සාහක දිනුම ඩී. බණ්ඩාරගේ විසින් සාර්ථක කර ගත්තේ සුමංගල විදුහලේ ලකුණු පුවරුව ඉහළ දමමිනි. එහි ප්‍රවර්තනය එම්. වීරකෝන් විසින් සාර්ථක කර ගත්තේය. (07-00)

ඉන් මිනිත්තු කිහිපයක් ගතවෙද්දී තරගයේ පීඩනයේ දිශානතිය වෙනස් කරමින් කේ. බැරී ආනන්ද විදුහල වෙනුවෙන් පළමු උත්සාහක දිනුම දිනා දුන්නේය. එහි ප්‍රවර්තනය එස්. තිලකරත්න විසින් සාර්ථක කර ගත්තේය. (07-07)

දෙපිලම කරට කර සංග්‍රාමයක් දියත් කරනු පෙනෙන්නට තිබුණු අතර නැවතත් පෙර ලෙසම සුමංගල අංක 5 සහ 15 සුසංයෝගය සිය පාසල වෙනුවෙන් පෙරමුණ ලබා දුන්නේ වාර්තා වූ උත්සාහක දිනුමේ ප්‍රවර්තනය ද සාර්ථක කර ගනිමිනි. ඒ. ඩී. බණ්ඩාර හා එම්. වීරකෝන්ගේ  උත්සාහක දිනුම සහ ප්‍රවර්තනය සාර්ථක කරගන්නා ලදි. (14-07)

සාන්ත ජෝසප් මෙහෙයුමෙන් කිංග්ස්වුඩ් බලාපොරොත්තු බිඳ වැටේ

මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (23) මරදාන…

ඉන්පසු තරමක් මන්දගාමී ස්වභාවයක් දෙපිලෙන්ම පෙනෙන්නට තිබුණේ දෙපිලේම ආරක්ෂක බැමි පෙරට වඩා උද්යෝගීමත්ව තම කාර්යභාරය ඉටු කරනු පෙනුණු නිසාවෙනි. ආරක්ෂක බැමි අතරින් රිංගා යමින් මීටර 22 සීමාව ආසන්නවත් ම මනරම් පන්දු හුවමාරුවකින් ආනන්ද විදුහලේ පී. කෞශල්‍ය දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. තිලකරත්න එහි ප්‍රවර්තනය සාර්ථක කර ගනිමින් ලකුණු තත්වය සම කළේය. (14-14)

පළමු අර්ධය: මහනුවර සුමංගල විද්‍යාලය 14 – 14 ආනන්ද විද්‍යාලය

දැඩි අව් රශ්මිය මධ්‍යයේ දෙපිලම තම දෙවන අර්ධය වෙනුවෙන් පිටියට අවතීර්ණ වූ අතර පෙරට වඩා වෙනස්ම වූ උපක්‍රම අනුගමනය කරමින් ආනන්ද ක්‍රීඩකයන් දිගින් දිගටම සුමංගල විද්‍යාලයට පීඩනය එල්ල කරන්නට විය.

ඒ අවසරයෙන් ආනන්ද විදුහල වෙනුවෙන් එස්. තිලකරත්න හා එම්. කාවින්දන උත්සාහක දිනුම් දෙකක්ම වාර්තා කළ අතර ඒ නිසාම තරගයේ පැහැදිලි ඉදිරිය ආනන්ද විදුහල වෙත නතු විය. (14-24)

ශ්‍රී සුමංගල ක්‍රීඩකයින් ද ජයග්‍රහණයක් වෙනුවෙන් පොර බදන්නට වූ අතර ඒ නිසාම ආනන්ද විදුහල වෙනුවෙන් ලකුණු ලබා ගැනීම තරමක් ප්‍රමාද කළේය. නමුත් උපක්‍රමශීලීව බාධා මැඩලමින් ආනන්ද විදුහලේ ඩී. පී. කෞශල්‍ය  තම දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය ද සාර්ථකයි. (14-31)

ඉන් තරමක් පසුබෑමකට ලක්වුණු සුමංගල විදුහල වෙනුවෙන් හුදකලා උත්සාහක දිනුමක් දිනා දුන් එම්. වනිගසිංහ නැවතත් සුමංගල විද්‍යාලය තරගය වෙත අවතීර්ණ කරවිය. එහි ප්‍රවර්තනය ද සාර්ථකයි. (21-31)

ඉන් නොනැවතුණු සුමංගල ක්‍රීඩකයින් තරගයේ ස්වභාවය උඩු යටිකුරු කරමින් තවත් උත්සාහක දිනුම් දෙකක් දිනා ගත්තේ ජේ. විකුම්සර හා  එම්. මන්ත්‍රීගම විසින් වන අතර ඒ සමඟින් තරගය නැවතත් සම ලකුණු තත්වයකට පත්විය. (31-31)

දෙවන ආරක්ෂක වළල්ලෙන් සූක්ෂමව මිඳුණු එම්. වීරකෝන් මීටර 22 සීමාව ද අභිබවා යමින් තරගයේ අවසන් මිනිත්තුවේ ජයග්‍රාහී උත්සාහක වාර්තා කළේ එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගනිමිනි. ඒ සමඟින් ප්‍රබල සුමංගල විද්‍යාලය තියුණු තරගයකින් පසු ආනන්ද විදුහල පරදා අගමැති කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. (38-31)

අවසන් ලකුණු තත්වය: මහනුවර සුමංගල විද්‍යාලය (6T,6C) 38 – 31 (5T,3C) ආනන්ද විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – ඩී. බණ්ඩාර  (සුමංගල  විද්‍යාලය )

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

  • ආනන්ද විද්‍යාලය – පී. කෞශල්‍ය 2T, එම්. කාවින්දන 1T, කේ. බැරී 1T, එස්. තිලකරත්න 1T 3C
  • මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය – ඩී. බණ්ඩාර 2T, එම්. වනිගසිංහ ජේ. විකුම්සර 1T, එම්. මන්ත්‍රීගම 1T, එම්. වීරකෝන් 1T 6C

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<