ශ්‍රී ලංකාව SAFF කුසලානයේ පළමු තරගයට සූදානම්

257

බංගලාදේශයේ පැවැත්වෙන 2018 SAFF සුසුකි කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය ඉන්දියාව සමඟින් පැවැත්වෙන අතර ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (4) පැවැත්වුණා.

සැප්තැම්බර් 5 දා ශ්‍රී ලංකාව හා ඉන්දියාව B කාණ්ඩයේ පළමු තරගය ලෙස බංගබන්ධු ජාතික ක්‍රීඩාංගණයේ දී තරග වදින අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 6.30ට පැවැත්වෙනු ඇත.

SAFF ශූරතාවලියට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

2018 දකුණු ආසියානු පාපන්දු ශූරතාවලිය මෙවර බංගලාදේශයේ දී පැවැත්වෙන අතර ඒ සඳහා…

“ඉන්දියාව හා මාලදිවයින බොහොම ශක්තිමත් කණ්ඩායම්, ක්‍රීඩකයින් 11 දෙනා ක්‍රීඩකයින් 11 දෙනා සමඟින් ක්‍රීඩා කර තරගය ක්‍රීඩා කරාවි, අපි උපරිම උත්සාහය යොදනවා අවසන් පූර්ව තරගයට පැමිණෙන්න” ශ්‍රී ලංකා පුහුණුකරු නිසාම් පකීර් අලි මහතා අදහස් දක්වා පවසා තිබුණි.

“අපිට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් හා තරුණ ක්‍රීඩකයින්ගේ හොඳ සංකලනයක් තිබෙනවා, අපි ජපානයේ හා කොරියාවේ පුහුණු තරගවලට සහභාගී වුනා, ඒ පුහුණු කඳවුරු කණ්ඩායමට හොඳ පෙර සූදානමක් වුනා, අපි බංගලාදේශය සමඟ පුහුණු තරගයක් ක්‍රීඩා කරලා එය ජයග්‍රහණය කළා.”

“ජපානයට යෑමට පෙර අපි ලිතුවේනියාව සමඟ ක්‍රීඩා කරලා තරගය ගෝල 0-0ක් ලෙස අවසන් කරන්නට සමත් වුනා.”

මාලදිවයිනේ ක්ලබ් ඊගල්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන සුජාන් පෙරේරා ගැන ද මෙහි දී අදහස් දැක්වුණා.

“ඔහු බංගලාදේශ ක්‍රීඩකයින් හොඳින් හඳුනනවා, එය අපිට වාසියක්, ඔහු ඉතා හොඳ ගෝල රකින්නෙක්, ශ්‍රී ලංකාව භාර ගැනීමට පෙර මම මාලදිවයිනේ වසර දෙකක් කටයුතු කළ නිසා මමත් මාලදිවයින් ක්‍රීඩකයින් ගැන හොඳින් ගන්නවා”

නායක සුභාෂ් මදුශාන් ද මෙහි දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම පිළිබඳ අදහස් දක්වා තිබුණා.

“සූදානම ඉතා හොඳයි, අපි පුහුණු තරග ක්‍රීඩා කරා, කණ්ඩායම මානසිකව හා ශාරීරිකව සූදානම්.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<