ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමෙන් පහළට

796
SL Netball rankings.

2017 අප්‍රේල් 21 වැනිදා යාවත්කාලීන කරන ලද ‘ලෝක දැල්පන්දු සම්මේලන ශ්‍රේණිගත කිරීම්’ වලට අනුව ශ්‍රී ලංකාව 27 වැනි ස්ථානය දක්වා පහළ බැස ඇත. මැලේසියාව, සිංගප්පූරුව පමණක් නොව හොංකොං දේශය ද ශ්‍රී ලංකාවට වඩා ඉහළ ස්ථාන ලැබ තිබීම විශේෂත්වයකි.

දැල්පන්දු නිලවරණය වැට උඩ

විගණන වාර්තාවේ සහතික කරන ලද පිටපත ලබා ගැනීමේ සිදු වූ කිසියම් ප්‍රමාදයක් හේතුවෙන් එළඹෙන 29 වැනිදා පැවැත්වීමට තිබූ ශ්‍රී ලංකා දැල්පන්දු සංගම් නිලවරණය…

2016 ආසියානු දැල්පන්දු ශූරතාවය ලබා ගත් මැලේසියාව 21 වන ස්ථානයේ පසුවෙද්දී සිංගප්පූරුව ශ්‍රේණිගත කිරීමේ 19 වැනි ස්ථානයේ පසුවෙයි. ශ්‍රී ලංකාව පසු කොට ඉදිරියට ගොස් ඇති හොංකොං දේශය 25 වැනි ස්ථානයේ පසුවෙයි.

ශ්‍රේණිගත කිරීම් සඳහා යොදා ගත් කාල පරාසය වන්නේ 2013 ජූලි මාසයේ සිට 2017 මාර්තු මාසය දක්වා කාලයයි. මේ කාලය ඇතුලත දී ශ්‍රී ලංකාවේ පරම ආසියානු ප්‍රතිවාදීන් වන සිංගප්පූරුව, තරග 50කට ක්‍රීඩා කොට ඇති අතර ශ්‍රී ලංකාව ක්‍රීඩා කොට ඇත්තේ තරග 23ක් පමණි. ඉන් අවසන් වසර දෙක තුළ දී පමණක් ඔවුන් තරග 12ක් ක්‍රීඩා කොට ඇති අතර ශ්‍රී ලංකාව ඒ වසර දෙක පුරාවටම ක්‍රීඩා කොට ඇත්තේ තරග 6කි.NR1

NR2

බර තැබීම සිදු වූ ආකාරය

ක්‍රීඩා කරන සෑම ජාත්‍යන්තර තරගයක් සඳහාම කණ්ඩායමකට යම් නිශ්චිත ලකුණු සංඛ්‍යාවක් හිමි වේ. ඒ ලකුණු සංඛ්‍යාව, සහභාගී වූ තරග සංඛ්‍යාවෙන් බෙදා ලබා ගන්නා අගය මෙම ශ්‍රේණිගත කිරීමට ඇතුලත් වේ.

ආසන්නතම තරග සඳහා වැඩි බර තැබීමේ අගයක් ලැබෙන අතර තරගය පැවැත්වුණු කාල ප්‍රාන්තරය පසුපසට යත්ම ඊට ලැබෙන අගය ද අඩුවේ. උක්ත ලැයිස්තුවට අනුව 2015 ජූලි මස දී සහ ඊට පසු පැවැත්වුණු තරගවලට 100%ක බර තැබීමක් ලැබේ. 2015 ජූලි සහ 2013 ජූලි මාසය දක්වා පැවති තරග සඳහා ලැබෙන බර තැබීමේ අගය 50%කි.

සෑම ජුලි මාසයක දී ම බර තැබීම සඳහා යොදා ගත් පැරණිතම වර්ෂයේ දත්ත පිළිගැනීමෙන් ඉවත්වන අතර ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කෙරෙනු ලැබේ. ශ්‍රේණිගත කිරීම සිදුවන එකම කාල පරාසය මෙය වන අතර තරගයෙන් තරගයට ශ්‍රේණිගත කිරීමේ වෙනසක් සිදු නොවේ.

ලකුණු

තරගයක දී කණ්ඩායමක් ලබා ගත් ලකුණු සංඛ්‍යාව කරුණු දෙකක් මත පදනම් වේ.

* තරගයේ ප්‍රතිඵලය (ජය, පරාජය, ජය පරාජයෙන් තොර)

* තරගයේ තීරණය ලද්දේ කුමන කණ්ඩායමකට එරෙහිව ද යන්න

ශ්‍රේණිගත කිරීමේ ඉහළ සිටින කණ්ඩායම් පරාජය කිරීම වෙනුවෙන් වැඩි ලකුණු ප්‍රමාණයක් හිමි වේ. තරගයක් ජයග්‍රහණය කිරීමේ දී පරාජය වන කණ්ඩායමේ ශ්‍රේණිගත කිරීමට වඩා ලකුණු 50ක් ජයග්‍රහණය ලද කණ්ඩායමට ලැබේ. පරාජය වීමේ දී ප්‍රතිවාදීන්ගේ ශ්‍රේණිගත කිරීමට වඩා ලකුණු 50ක් අඩුවෙන් ලැබේ.

ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම් වල පහතට යාම පිළිබඳ ඔබේ අදහස් සහ එහි ඉහළට යාමට ශ්‍රී ලංකාව කුමක් සිදු කළ යුතු දැයි පහතින් දක්වන්න.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට