ශූරයන්ගේ කුසලානයේ කාලසටහන නිකුත්වෙයි

831
Sri lanka cricket will play ICC champions trophy 2017

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය සංවිධානය කරනු ලබන ශූරයන්ගේ කුසලාන තරගාවලියේ තරග කාලසටහන, තරගාවලිය ආරම්භ වීමට වසරකට පෙර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් නිකුත් කොට තිබේ.

ඒ අනුව තරගාවලිය ජුනි 01දා එංගලන්තයේදී ආරම්භවීමට නියමිත අතර තරගාවලිය ආරම්භකරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජුනි 03දා සිය පළමු තරගයට දකුණු අප්‍රිකාවට එරෙහිව මුහුණදෙයි. තරගාවලියේදී ශ්‍රී ලංකාව බීකාණ්ඩයෙන් ක්‍රීඩා කරන අතර ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව එම කාණ්ඩයට ඇතුළත් වෙයි.

පසුගිය ලිපි: කුලසේකර ටෙස්ට් පිටියෙන් සමුගනියි

තරගාවලිය සඳහා සුදුසුකම් බැලූ කාලසීමාවේදී බටහිර ඉන්දීය කොදෙව්වන් අයි.සී.සී. ශ්‍රේණිගත කිරීම්හි මුල් ස්ථාන 8 අතර නොසිටීම හේතුවෙන් ඔවුන්ට තරගාවලිය අහිමි වූ අතර ඒ වෙනුවට බංග්ලාදේශ කණ්ඩායම තරගාවලියට සුදුසුකම් ලැබීය.

බංග්ලාදේශය ‘  කාණ්ඩයෙන් ක්‍රීඩා කරන අතර ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය එම කාණ්ඩය නියෝජනය කරයි.

2013 වසරේදී අවසන් වරට ශූරයන්ගේ කුසලානය පැවැති අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව තරගයේදී තරගාවලියේ ශූරතාව හිමිකරගත් ඉන්දියාව හමුවේ පරාජයට පත්විය. අනූශූරතාව හිමිවූයේ සත්කාරක එංගලන්තයටයි. 2002 වසරේදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව මෙහි සමශූරයන් බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකාවට තරගයට මුහුණ දීමට තවත් අවුරුද්දක්ම ඇත. ඔබ සිතන්නේ කුමක්ද? තවත් වසරකින් ශ්‍රී ලංකාව කෙසේනම් මෙයට මුහුන දේවිද? මතය පහතින් පල කරන්න.

තවත් පුවත් සිංහලෙන් කියවන්න – පිවිසෙන්න