පානදුර ක්‍රීඩකයෝ නැවත ජයග්‍රාහී මාවතට

157

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන පළමු පෙළ Tier B තරගාවලියේ ආසන්තම තරගයේ දී ලැජ්ජා සහගත පරාජයක් ලැබූ පානදුර ක්‍රීඩා සමාජ ක්‍රීඩකයෝ ඒ සියලු දුර්වලතාවන් මග හැර ගනිමින් අද (21) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අවසන් වූ ගාල්ල ක්‍රිකට් සමාජය හා සමඟ තරගයේ දී ඉනිමක සහ ලකුණු 25ක අගනා ජයග්‍රහණයක් ලබා ගත්තේය.  

ශ්‍රී ලංකා – පාකිස්තාන සුසංයෝගය ගාලු ක්‍රීඩකයෝ අඩපණ කරයි

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දෙවැනි දිනයට බේල්ස් එසවුණ ගාල්ල ක්‍රිකට් සමාජය සහ පානදුර ක්‍රීඩා සමාජය අතර තරගයේ දී පානදුර ක්‍රීඩා…

ගාල්ල සහ පානදුර අතර තරගය

පානදුර ක්‍රීඩකයෝ ගොඩනැගූ දැවැන්ත ඉනිමෙන් අනතුරුව ලකුණු 216ක් පිටුපසින් සිටිමින් තෙවැනි දිනයේ දෙවැනි ඉනිමට පිටියට පිවිසි සත්කාරක ගාලු ක්‍රීඩකයෝ තේ විවේකයට පෙරම තම ඉනිම ලකුණු 191කට සීමා කර ගත්හ. එම ඉනිම බේරා ගැනීමට නායක දමිත හුණුකුඹුර උත්සාහ කළ ද ඔහුගේ ඉනිම ලකුණු 70ක් ව තිබිය දී නිමා වීමත් සමඟ ගාලු ක්‍රීඩා ඉනිම ද කඩා වැටුණේය.

පන්දු යැවීමේ දී දනුශික බණ්ඩාර සහ සමීන්ද්‍ර මධුශාන් කඩුලු 4 බැගින් දවා ගත්හ.  

ගාල්ල ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 217 (62.1) දමිත හුණුකුඹුර 22, චානක විජේසිංහ 20, හසන්ත ප්‍රනාන්දු 55, චරිත බුද්ධික 42 , ගයාන් සිරිසෝම 30, මොහොමඩ් රමීස් 2/31, සමීන්ද්‍ර මධුශාන් 2/43, විනෝද් පෙරේරා 4/44

පානදුර ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 433 (112.1) අශේන් කාවින්ද 42, කාෂිෆ් නවීඩ් 159, රසික ප්‍රනාන්දු 68, සුරේෂ් පීරිසි 84, දනුශික බණ්ඩාර නොදැවී 24, ගයාන් සිරිසෝම 4/102, ගොහාර් ෆායිස් 3/135

ගාල්ල ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 191 (44.2) චරිත බුද්ධික 27, දමිත හුණුකුඹුර 70, සමීන්ද්‍ර මධුශාන් 4/59, දනුශික බණ්ඩාර 4/41


කළුතර සහ ලන්කන් අතර තරගය

මග්ගොන සරේ විලේජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ මෙම තරගයේ දී ලන්කන් ක්‍රිකට් සමාජය වැඩි වාසි දිනා ගත්ත ද තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට සත්කාරක කළුතර ටවුන් ක්ලබ් ක්‍රීඩකයෝ සමත් වූහ.

ලන්කන් ක්‍රිකට් ක්‍රීඩකයෝ පළමු ඉනිම රැස් කළ ලකුණු 534ට පිළිතුරු ලෙසින් කළුතර ක්‍රීඩකයෝ පළමු ඉනිමට රැස් කළේ ලකුණු 296ක් පමණි. එම ඉනිමේ දී එරංග රත්නායක පන්දු 177ක දී හතරේ පහර 21ක් සමඟින් ලකුණු 130ක් ලබා ගැනීමට සමත් විය.

ලකුණු 238ක් පිටුපස සිටිමින් පිට පිට දෙවැනි වරටත් පිටිය පිවිසි කළුතර ක්‍රීඩකයෝ තම ඉනිම දවස ද නිමා කරමින් නිමා කළේ කඩුලු 5ක් දැවී ලකුණු 263ක් ව තිබිය දී ය.

එම ඉනිමේ දී නායක නිලූශාන් නෝනිස් පන්දු 158කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 117ක් ලබා ගනිමින් කැපී පෙණෙන ඉනිමක් ක්‍රීඩා කළේය. ඔහුට අමතරව 22 හැවිරිදි වමත් පිතිකරු නිපුණ ගමගේ පන්දු 170කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 97ක් ලබා ගත්තේය.

ලන්කන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 534 (111.1) ශෂීන් ප්‍රනාන්දු 122, ලක්ෂාන් රොද්‍රිගෝ 121, මධුරංග සොයිසා 29, ගීත් කුමාර 81, තුෂිර මදනායක 64, නවින් කවිකාර නොදැවී 25, එම්. නිමේෂ් 2/77, මතීෂ පෙරේරා 2/82, රවිඳු තිලකරත්න 2/120

කළුතර ටවුන් කල්බ්; පළමු ඉනිම සියලුම දෙනා දැවී 296 (82.3) ගීත් පෙරේරා 35, එරංග රත්නායක 130 , එම්. නිමේෂ් 32, නිපුන කාරියවසම් 32, රජීව වීරසිංහ 2/54, නවින් කවිකාර 3/91, ගීත් කුමාර 4/34

සහ දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 263 (71.0) නිපුණ ගමගේ 97, නිලූශාන් නෝනිස් 117, රජීව වීරසිංහ 2/45, තුෂිර මදනායක 2/34

මීගමුව සහ පොලිසිය අතර තරගය

කදිරානේ දී නිමා වූ මෙම තරගය ජයග්‍රහණය පෙනි පෙනී තිබියදීත් ප්‍රතිවාදීන්ගේ වාසනාව හේතුවෙන්ම පමණක් පළමු ඉනිමේ ජයග්‍රහණයෙන් සෑහීමට මීගමුව ක්‍රීඩකයන්ට සිදු විය.

දිනයේ වැඩි පන්දුවාර ප්‍රමාණයක් පොලිස් ක්‍රීඩකයන්ගේ ගැලවීම වෙනුවෙන් වෙන් වුන අතර ලකුණු 355ක ඉලක්කයක් පසු පස ගිය ඔවුන් දිනය අවසානයේ ලබා ගත්තේ කඩුලු 9ක් දැවී ලකුණු 288ක් පමණි.

ඉලක්කය පසු පස යන ඉනිමේ දී ආරම්භක වමත් පිතිකරු තරිඳු ඩිල්ශාන් පන්දු 124ක දී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 102ක් ලබා ගත්තේය. ඔහු සමඟ එක් වූ දකුණත් පිතිකරු සමිත් දුශාන්ත පන්දු 80ක දී හතරේ පහර 3ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 80ක් ලබා ගත්තේය. ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 116කි.

මීට අමතරව නායක දිනූෂ ප්‍රනාන්දු ද නැවත ලකුණු අතරට පිවිසෙමින් පන්දු 108ක දී හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 52ක් ලබා ගත්තේය. පොලිස් අවසන් කඩුල්ල ආරක්ෂා කර ගනිමින් දිනූෂ අවසන් පිතිකරුවා වූ කළ්‍යාණ රත්නප්‍රිය සමඟ එක්ව පන්දු වාර 13ක් ගෙවා දැම්මේ ලකුණු 10ක් පමණක් ලබා ගනිමිනි.

මීගමුව ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 178 (63.2) ලසිත් කෘෘස්පුල්ලේ 22, අකීල් ඉන්හාම් 22, උමේග චතුරංග 56, තරිඳු වීරසිංහ 19, නිමේෂ් විමුක්ති 5/66, කළ්‍යාණ රත්නප්‍රිය 5/79

පොලිස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 100 (51.4) දිනූෂ ප්‍රනාන්දු 41, සඳුන් ඩයස් 2/43, ෂෙහාන් වීරසිංහ 2/16, උමේග චතුරංග 5/33

මීගමුව ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 276 (84.4)  ප්‍රවීන් ප්‍රනාන්දු 70, අකිල් ඉන්හාම් 50, රවින්ද්‍ර කරුණාරත්න 21, ශෙහාන් වීරසිංහ 53, සඳුන් ඩයස් 55, නිමේෂ් විමුක්ති 4/95, කළ්‍යාණ රත්නප්‍රිය 5/98

පොලිස් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 288 (80.0) තරිඳු ඩිල්ශාන් 102, සමිත් දුශාන්ත 80, දිනූෂ ප්‍රනාන්දු 52, ශෙහාන් වීරසිංහ 3/39, උමේග චතුරංග 2/104, රවින්ද්‍ර කරුණාරත්න 2/82

ශ්‍රී ලාංකිකයින් 18ක් IPL වෙන්දේසියට; මැතිව්ස්ට කෝටි 2යි!

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන 27 සහ 28 දෙදින ඉන්දියාවේ බෙන්ගලූරු නුවර දී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ….

කුරුණෑගල යොවුන් සහ ගුවන් හමුදාව අතර තරගය

කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය අද නිමාව දුටුවේ ජය පරාජයෙන් තොරවය. දිනයේ ආරම්භක කාර්තුවේ දී කුරුණෑගල යොවුන් ක්‍රීඩකයෝ දෙවැනි ඉනිමට ලකුණු 196කට දවා ගැනීමට සංචාරක ක්‍රීඩකයෝ සමත් වූහ. එහි දී අද දැවී ගිය කඩුලු 8න් 6කම හිමිකාරීත්වය ලබා ගැනීමට වමතින් දඟපන්දු යවන 30 හැවිරිදි චතුර සමන්ත සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 325ක ඉලක්කයක් පිටුපස ගිය ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩකයෝ තරගය නතර කරන විට රැස් කරගෙන සිටියේ කඩුලු 8ක් දැවී ලකුණු 261ක් පමණි. එම ඉනිමේ දී 20 හැවිරිදි දකුණත් පිතිකරු සුමින්ද ලක්ෂාන් පන්දු 98ක දී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 75ක් ලබා ගනිමින් අදාළ ඉලක්කය කරා යෑමට උත්සාහ කළ ද, එය ඔහුගේ දුවද්දී දැවී යෑමත් සමඟින් නිමා විය. ඔහුට අමතර ව රොස්කෝ තටිල් (46) කළ උත්සාහය ද ඉනිමේ පැසසුමට ලක්විය.

කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 286 (90.0) තරින්ද දසනායක 63, හෂාන් ප්‍රභාත් 56, චරිත් මෙන්ඩිස් 40, හෂාන් ජේම්ස් 3/29, මිලාන් ප්‍රියනාත් 3/61, ලක්ෂාන් ප්‍රනාන්දු 2/75

ශ්‍රී ලංකා ගුවන් හමුදාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 158 (52.5) හෂාන් ජේම්ස් 34, ලියම් චාමිකර 45, රොස්කො තටිල් 29, කේශාන් විජේරත්න 3/34, ෂිවකුමාර් ටිරෝන් 4/29

කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 196 (54.5) මලිත් කුරේ 48, ධනුෂ්ක ධර්මසිරි 23, කේශාන් විජේරත්න 62, චතුර සමන්ත 6/57, හෂාන් ජේම්ස් 2/50

ශ්‍රී ලංකා ගුවන් හමුදාව; දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 261 (54.0) හෂාන් ජේම්ස් 37, දුලාශ් උදයංග 39, සුමින්ද ලක්ෂාන් 75, රොස්කෝ තටිල් 46, සරින්ද දසනායක 2/36

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<