මූලික වටයේ මහනුවර කණ්ඩායම ඉදිරියෙන්

425

51 වන ජ්‍යේෂ්ඨ පැසිපන්දු තරගාවලියේ දෙවන දිනයේ උදෑසන කාලයේ තරග ආරම්භ කරමින්, යාපනය දිස්ත්‍රික් කණ්ඩායම හා ගාලු දිස්ත්‍රික් කණ්ඩායම ප්‍රථමයෙන් තරග බිමට පිවිසිණි.  

තරගය ආරම්භයේ දී ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර තරගයේ පළමු අර්ධය ලකුණු 16-15 ලෙස සටහන් විය. යාපනය කණ්ඩායම මෙහි දී, පළපුරුදු ක්‍රීඩකයින්ගෙන් සමන්විත ගාලු දිස්ත්‍රික් කණ්ඩායමට හොඳ අභියෝගයක් එල්ල කිරීමට සමත් වීම තරගය තුල කැපී පෙනෙන්නට විය.

Senior Nationals Basketball Championship 2017 | Vote for your favorite team

With the senior nationals basketball championship…

ආරක්ෂාකාරී අන්තයේදී පන්දුව මෙහෙයවන ක්‍රීඩකයින්ගෙන් ලකුණු රැස් වීම වැළැක්වීමට ඔවුන් වෙහෙස වූ අතර පළමු අර්ධය තුල එම කාර්යය සාර්ථක කරගැනීමට ඔවුන්ට හැකිවිය.

කෙසේ වෙතත් දෙවන අර්ධය ආරම්භ වීමෙන් පසු තරගය තමන්ට නතු කර ගැනීමට ගාලු දිස්ත්‍රික් කණ්ඩායම උත්සහ ගත් අතර අවසන් කාර්තුවේ දී තම සුපුරුදු ක්‍රීඩා රටාවට එළඹීමට ඔවුන්ට හැකි විය.

තම අත්දැකීම් ප්‍රයෝජනයට ගත් ගාලු දිස්ත්‍රික් කණ්ඩායමේ ක්‍රීඩකයින් අවසන් කාර්තුවේ දී ඉතා හොඳින් ක්‍රීඩා කල අතර අවසන් මොහොතේ විසිකිරීම් සාර්ථක කර ගැනීම හේතුවෙනුත් තරගයේ අවසන් ලකුණු සටහන ලකුණු 61-49 ලෙස දැක්විය

තරගයෙන් අනතුරුව අප වෙත අදහස් දැක්වූ ජයග්‍රාහී ගාලු දිස්ත්‍රික් කණ්ඩායමේ පුහුණුකරු පවසා සිටියේ තම කණ්ඩායම පරිණත ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත බව සහ තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීම තම ඊළඟ අරමුණ බවයි.

දවසේ දෙවන තරගය මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම හා කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම අතර පැවැත්විය. පළමු දිනයේ තරග වලින් මහනුවර කණ්ඩායම, සරසවි කණ්ඩායම පරාජය කිරීමට සමත් වූ අතර මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඔවුන් සමත් විය.

තරගය ආරම්භයේ සිටම ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කල මහනුවර කණ්ඩායම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු තත්වය ලකුණු 39-22 ලෙස සටහන් කරන්නට සමත් විය.

ආරක්ෂාකාරී අන්තයේ මානව ක්‍රීඩා කල යොවුන් ක්‍රීඩකයින්ගෙන් සමන්විත මහනුවර කණ්ඩායම ප්‍රතිවාදී කණ්ඩායමට මනා අභියෝගයක් ලබා දීමට සමත් විය.

ඡායාරූප ඇල්බමය: ජ්යෙෂ්ඨ ජාතික පැසිපන්දු ශුරතයාවය  2017 | දෙවැනි දිනය  | II පෙළ  (පිරිමි)

නමුත් දෙවන අර්ධය තුල තරගයට පිවිසීමට කුරුණෑගල ක්‍රීඩකයින් සමත් වූ අතරම තරගය ලකුණු 2ක පරතරයක් දක්වා රැගෙන ගැනීමට සමත් විය.

නමුත් අවසන් මොහොතේ ලද අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් මහනුවර ක්‍රීඩකයින් තියුණු සටනකින් අනතුරුව තරගය ලකුණු 62-59 ලෙස ජය ගැනීමට සමත් විය.

තරගය අවසානයේ මහනුවර කණ්ඩායමේ පුහුණුකරු අප වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, ඉදිරියේ දී පැවැත්වෙන අවසන් පූර්ව තරගය ජය ගෙන, අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට තමා ඇතුළු කණ්ඩායම බලාපොරොත්තු වන බවයි.

තරගාවලිය මහනුවර ගේට්වේ ජාත්‍යන්තර පාසල් පැසිපන්දු ක්‍රීඩා පිටියේ පැවැත්වේ.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට