51 වන ජ්‍යේෂ්ඨ පැසිපන්දු ශූරතාවයෙහි පළමු මට්ටමේ තරග ආරම්භ වීමත් සමඟින් මේ විමසා බැලීම, තරගාවලියේ ප්‍රබල කණ්ඩායමක් වන හම්බන්තොට දිස්ත්‍රික් පැසිපන්දු කණ්ඩායම දෙසයි.

Senior Nationals Basketball Championship 2017 | Vote for your favorite team

With the senior nationals basketball championship commencing on the 3rd of February to 18th February we give you a chance to select your favorite team.

තරගාවලියේ පළමු මට්ටමේ පිරිමි අංශය සඳහා පමණක් එක්වන හම්බන්තොට කණ්ඩායම දක්ෂ ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත වේ. අවසන් කාල වකවානුව තුල ඉහල දක්ෂතා පෙන්නුම් කල ක්‍රීඩකයින් රැසකගේ දායකත්වය හිමිව ඇති හම්බන්තොට කණ්ඩායමෙහි පසුගිය තරගාවලීන් දෙස බලු විට එය මනාව පසක් වේ.

අවසන් වරට පැවති ජ්‍යේෂ්ඨ පැසිපන්දු ශූරතා ත්‍රිත්වයෙහිම තෙවන ස්ථානයෙන් පමණක් සෑහීමට පත්වන්නට ඔවුන්ට සිදුවිය. මෙවර තරගාවලියට එක්වන හම්බන්තොට කණ්ඩායමේ ප්‍රධානතම අරමුණ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම බව නොරහසකි.

තම කණ්ඩායමේ දක්ෂ යොවුන් ක්‍රීඩකයින් රැසකගේ දායකත්වය මෙවර කණ්ඩායමට අහිමි වන්නේ එම ක්‍රීඩකයින් වෙළඳසේවා කණ්ඩායම ඔස්සේ තරගාවලියට එක්වීම හේතුවෙනි.

මෙවර තරගාවලියට එක්වන කණ්ඩායමේ නායකත්වය හිමිව තිබෙන හිරාන් විජේසූරිය අප වෙත අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කර සිටියේය.

Hiran Wijesuriya“අපි තරගාවලියට පිවිසෙන කොට ප්‍රශ්න කිහිපයකට මුහුණ දෙන්න වුනා. අපේ කණ්ඩායමේ ක්‍රීඩකයින් 7 දෙනෙකු වෙළඳසේවා කණ්ඩායම නියෝජනය කිරීම අපට සතුටක්. කණ්ඩායමක් වශයෙන් අපි හොඳ ස්ථාවරයක ඉන්නවා, ඒවගේම අත්දැකීම් වලින් පරිනත මිතිල, සිදත්, රශ්මික, ඉසුරු වැනි ක්‍රීඩකයින් සිටීම අපට ශක්තියක්. ඒවගේම සමීර හා ටෙරන්ස් තවමත් ආබාධ වලින් සුවය ලබමින් සිටිනවා. අපි බලාපොරොත්තු වෙනවා ඔවුන්වත් කණ්ඩායමට එක් කර ගන්න.”

තවදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ,

“තරගාවලිය ආරම්භයේදීම MOLTON පැසිපන්දු යොදාගෙන තරගාවලිය පවත්වන්නට සැලසුම් කර තිබුනත් අවසන් මොහොතේ එය වෙනස් කරන්නට සංවිධායකයින් තීරණය කර තිබෙනවා. අපි පුහුණු වීම් කටයුතු වලට භාවිතා කලේ MOLTON පන්දු වීම තරගාවලියට එක්වීමේ දී අපහසුවක් වේවි. අපි බලාපොරොත්තු වෙනවා බාධක ජය ගෙන තරගාවලිය ජයග්‍රහණය කරන්න.”

මෙවර කණ්ඩායමේ පුහුණුකරු වන ප්‍රසන්න ජයසිංහ අප වෙත මෙසේ අදහස් දැක්විය.

Prasanna Jayasinghe“තරගාවලියට එක් වන විට තරමක් අභියෝග වලට මුහුණ දෙන්නට සිදු වුනත්, අපට පුළුවන් තරගාවලිය ජය ගන්න. සමීර චානකගේ එක් වීම නිශ්චිත නොවීම කණ්ඩායමක් වශයෙන් අපට විශාල පාඩුවක් වේවි. අපි බලාපොරොත්තු වෙනවා එම අවස්ථාව ප්‍රසන්න වෙත්තසිංහට ලබා දෙන්න”

තරගාවලියට එක් වන කණ්ඩායමේ ප්‍රධානතම අවිය ලෙස රොෂාන් රන්දිම හඳුන්වා දිය හැකියි. මෙවර තරගාවලියේ පාසල් කණ්ඩායම (පිරිමි) හා යුධ හමුදා (කාන්තා) කණ්ඩායමෙහි පුහුණුකරු ලෙස කටයුතු කිරීමට රොෂාන් රන්දිමට අවස්ථාව හිමිව තිබේ.

ක්‍රීඩකයින් බොහෝදෙනෙක් ආබාධ වලට ලක්වීම මෙන්ම වේගයෙන් ලකුණු රැස්කිරීමේ අපහසු බව කණ්ඩායමට සෘජුවම බලපානු ඇත.

තරගාවලියට එක් වන කණ්ඩායම මෙසේය,

හම්බන්තොට පැසිපන්දු කණ්ඩායමේ ඡායාරූප ඇල්බමය

හිරාන් විජේසුරිය (නායක), මිතිල අබේසේකර, සිදත් සේනානායක, සමීර චානක, ප්‍රසංග වෙත්තසිංහ, ඇන්ද්‍රෙව් අපොන්සු, ටෙරන්ස් නේද්‍රෝෆ්, ඉසුරු පෙරේරා, රොෂාන් රන්දිම, අනුෂ්ක විශ්වනාත්, තිවංක පෙරේරා, ප්‍රසන්න ජයසිංහ (ප්‍රධාන පුහුණුකරු), තරිඳු ප්‍රනාන්දු (සහය පුහුණුකරු)