බොරු ඌව ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ වැඩක් ද? 

477

ඌව ප්‍රිමියර් ලීග් නමැති පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බවට ඇතැම් ඉන්දීය වෙබ් අඩවි විසින් ප්‍රචාරය කරමින් සිටින නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ ඒ හා අනුබද්ධ ආයතනයක් එවැනි ක්‍රිකට් තරගාවලියක් පිළිබඳව කිසිඳු දැනුවත් භාවයක් හෝ කිසිඳු සම්බන්ධයක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. 

ශානකගෙන් ගිනිකෙළි; ධනංජයගේ පිළට ජය

කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම සහ ධනංජය ද සිල්වාගේ කණ්ඩායම අතර අද (01) දින පැවති පුහුණු තරගයේ දී දසුන් …

ඌව ප්‍රිමියර් ලීග් නමැති ක්‍රිකට් තරගාවලියක් බදුල්ල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන බවට සඳහන් කරමින් ඉන්දීය වෙබ් අඩවි කිහිපයක් ඉකුත් ජුනි මස 29 වැනි දින ලකුණු පුවරුවක් පවා ප්‍රචාරය කිරීමට කටයුතු යොදා තිබූ නමුත්, ඒ ආකාරයේ තරගාවලියක් ශ්‍රී ලංකාවේ කිසිම ක්‍රීඩාංගණයක නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වගකීමෙන් යුතුව තහවුරු කර සිටියි. 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා සඳහන් කර සිටියේ මේ සම්බන්ධව වැඩිදුරටත් කරුණු සොයා බලන ලෙස තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්දන ඒකකයට සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ  දූෂණ මර්දන ඒකකයට දැනුම් දුන් බවයි. ඒ අනුව එවැනි තරගාවලියක් ශ්‍රී ලංකාවේ නොපැවෙත්වෙන බව ප්‍රධාන විධායක නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය. 

මෙම තරගාවලිය සම්බන්ධව ප්‍රචාරය ලබා දුන් ඉන්දීය වෙබ් අඩවි ඒ සඳහා කණ්ඩායම් හතරක් සහභාගී වන බවට දක්වා තිබූ අතර එම කණ්ඩායම් නම් කර තිබුනේ මොනරාගල හොනට්ස්, මහියංගණය යුනිලයන්ස්, වැල්ලවාය වයිපර්ස් සහ බදුල්ල සී ඊගල්ස් ලෙසිනි. එහි නායකයින් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සුපිරි ක්‍රීඩකයින් වන තිලකරත්න ඩිල්ශාන්, අජන්ත මෙන්ඩිස්, ෆර්වීස් මහරූෆ් සහ තිලින තුෂාර නම් කර තිබුනි.

එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මෙම තරගාවලිය පිළිබඳව තමන්ට කිසිඳු වගකීමක් දැරිය නොහැකි බවත් තම ආයතනයේ නම අනවසරයෙන් යොදාගෙන කරන මෙවන් තරගාවලි සඳහා නීති මගින් කටයුතු කරන බවයි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<