සාන්ත මයිකල්ස් විදුහල් පරිශ්‍රයේ පැවති 6 වන හර්බර්ට් අනුස්මරණ කුසලාන පැසිපන්දු තරගාවලිය අතිඋත්කර්ෂවත් අයුරින් ඊයේ (30) නිමාවට පත්වූයේ ගුවන් හමුදාවට කුසලානය හිමි වෙමිනි.
හර්බර්ට් කුසලානය කා හට ද?
තරගාවලියේ තෙවන හා අවසන් දිනයේ (30) උදෑසන අවසන් පූර්ව වටයේ තරග ක්‍රියාත්මක වූ අතර එම තරග වලින් යුද හමුදාව සහ ගුවන් හමුදාව අවසන් මහා තරගය සඳහා අසුන් වෙන්කර ගැනීමට සමත් විය.
මඩකලපු නගරය කේන්ද්‍ර කර ගනිමින් පුරා දින 3ක් කණ්ඩායම් 7ක් සහභාගී වෙමින් පැවැත්වූ මෙම තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රබල ගුවන් හමුදා කණ්ඩායම සහ යුද හමුදා කණ්ඩායම සමත් විය.

තරගයේ පළමු කාර්තුව අවසන් වූයේ ලකුණු 22-15ක් ලෙස ගුවන් හමුදා කණ්ඩායම ඉදිරියෙන් තබමිනි.

තෙවන කාර්තුව තරමක් වෙනස් මුහුණුවරක් ගත් අතර ගුවන් හමුදා ක්‍රීඩකයින් තම ලකුණු පරතරය 9ක් දක්වා වැඩි කර ගැනීමට සමත් විය. #11 ක්‍රීඩක ඉන්දික මහේෂ් ලකුණු 6ක් රැස් කළේ කණ්ඩායමට තම සේවය අවශ්‍යම අවස්ථාවක දී ය.
Photos : Hebert Memorial Cup Basketball Tournament – Final Day

තරගය අවසන් වීමට විනාඩියක් පමණ තිබිය දී යුද හමුදා කණ්ඩායමේ නිචුල ලියනගේ ලබා ගත් ලකුණු 2ත් සමඟ කණ්ඩායම් 2කම ලකුණු 72 බැගින් ලබාගෙන සම තත්වයේ පසු විය. නමුත් එයට පිළිතුරු සැපයූ ගුවන් හමුදා කණ්ඩායමේ #14 ක්‍රීඩක ඔසඳ උමයංග ලකුණු 2ක් වාර්තා කළේ ලකුණු තත්වය 74-72ක් කරමිනි.

අවසන් මොහොතේ දී යුද හමුදා කණ්ඩායම ලකුණු 3 විසි කිරීමේ අවස්ථාවක් ලබා ගත්ත ද, එය සාර්ථක නොවූ අතර එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත් ගුවන් හමුදා ක්‍රීඩක ඇන්තනි වෙනීටෝ ගුවන් හමුදාවේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමත් විය.
තරගයෙන් පසු ThePapare.com වෙත අදහස් දැක්වූ ගුවන් හමුදා කණ්ඩායමේ පුහුණුකරු සුසිල් උඩුකුඹුර;
“අපිට ලොකු කාලයක් ලැබුණේ නැහැ තරගාවලියට පුහුණුවීම් කරන්න, නමුත් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ එකමුතුකම මෙම තරගයේ ජයග්‍රහණයට බලපෑවා. යුද හමුදා පිල හොඳ තරගයක් ලබා දුන්නත් තරගය ජය ගන්න අපි සමත් වුනා, මෙම තරගාවලිය සංවිධානය කිරීම වෙනුවෙන් මම සංවිධායකයින්ට විශේෂයෙන් ස්තුති වෙනවා.”

තරගාවලියේ දක්ෂතම ආරක්ෂක ක්‍රීඩකයා හා දක්ෂතම ආක්‍රමණශීලි ක්‍රීඩකයාට හිමි සම්මාන පිළිවෙළින් යුද හමුදාවේ ඩිලාන් සම්පත් හා සුරාජ් බාලසුරිය විසින් දිනා ගන්නා ලදි.
තෙවන ස්ථානය සඳහා වූ තරගය
තරගය ආරම්භයේ දී යාපනය කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ දක්ෂතා වඩාත් ඉස්මතු වී පෙනෙන්නට වූ අතර ඔවුන් ලකුණු පුවරුවේ පෙරමුණ ගැනීමට සමත් වීම ද විශේෂ සිදුවීමක් විය. නමුත් තරගයට අවතීර්ණ වූ පොලිස් කණ්ඩායම තරගයේ පෙරමුණ ගැනීමට සමත් වූයේ ලකුණු 21-18ක් වශයෙනි.
මෙහි දී පොලිස් කණ්ඩායමේ #11 ක්‍රීඩක ක්‍රිෂාන් ලකුණු 10ක් රැස් කිරීමට සමත් වීම කැපී පෙනෙන සිදුවීමක් විය. අනෙක් අන්තයෙන් යාපනය කණ්ඩායමේ #7 ක්‍රීඩක සසේන්ත්‍රම් ලකුණු 6ක් රැස් කර ගන්නා ලදි.
පළමු කාර්තුවේ තම අඩුපාඩු මැනවින් හඳුනා ගත් පොලිස් ක්‍රීඩකයින් දෙවන හා තෙවන කාර්තුවල දී පිළිවෙළින් ලකුණු 20ක් හා 23ක් ලබා ගත්තේ ප්‍රතිවාදී කණ්ඩායමට කාර්තු දෙකේ දී ම ලකුණු 26ක් පමණක් ලබා දෙමිනි.
මෙහි දී පොලිස් කණ්ඩායම වෙනුවෙන් #9 ක්‍රීඩක වෙනුජන් ලකුණු 15ක් රැස් කිරීමට සමත් විය. පොලිස් කණ්ඩායම වෙනුවෙන් #4 ක්‍රීඩක සුජීව හා #12 ක්‍රීඩක අරුන් ඉතා ඉහළ ක්‍රීඩා කුසලතාවයක් පෙන්නුම් කළ අතර එය කාගේත් අවධානයට ලක්විය.
අවසානයේ තරගය ලකුණු 21කින් ජයග්‍රහණය කිරීමට පොලිස් කණ්ඩායම සමත් විය.
ජයග්‍රාහී කණ්ඩායමේ පුහුණුකරු බුද්දික කුමුදප්පෙරුම මහතා ThePapare.com වෙත මෙසේ අදහස් දැක්විය.
“තරගාවලිය තුල අපිට අවසන් මහා තරගයට පිවිසෙන්න අවස්ථාව තිබුණා, නමුත් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් තම අත්දැකීම් නිසියාකාරව ප්‍රයෝජනයට ගත්තේ නැහැ. නවක ක්‍රීඩකයින් සමඟ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.”
එසේම පොලිස් කණ්ඩයමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩක සුජීව මෙසේ අදහස් දැක්විය.
“අපේ නවක ක්‍රීඩකයින් මඩකලපුව දිස්ත්‍රික්කයෙන්ම අපට එකතු වුන අය, ඔවුන්ට මේ තරගාවලිය හොඳ අත්දැකීමක්. හුඟ කාලයකට පස්සේ තමයි ලංකාව තුල මෙවැනි තරගාවලියක් පැවැත්වුනේ. එ්කට සංවිධායක කමිටුවට ස්තුතිවන්ත වෙනවා.”
යාපනය කණ්ඩායමේ #6 ක්‍රීඩක හර්ෂන් ThePapare.com වෙත මෙසේ අදහස් දැක්විය. “කණ්ඩායමක් විදිහට ක්‍රීඩා කරන්නට ලැබීම සතුටක්, හොඳ තරගාවලියකට සහභාගි වෙන්න අපිට අවස්ථාව ලැබුණා.”
“මඩකලපුව වගේ ප්‍රදේශයක තරගාවලියක් සංවිධානය කිරීම අපහසු වැඩක්. කොළඹින් දුර නිසා කණ්ඩායම් තරගාවලියට එක්වෙනවා අඩුයි. අපේ කණ්ඩායමක් අවසන් පූර්ව තරගයට වත් එක් නොවුන එක ගැන පොඩි දුකක් තියෙනවා. ThePapare.com වෙත අපි ස්තුති කරනවා තරගාවලියට මාධ්‍ය සහය ලබා දුන්නට, ඒ වගේම සියලුම අනුග්‍රාහකයින්ටත් ස්තුතිවන්ත වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ වසර අවසන් වන්නට පෙර තවත් තරගාවලියක් පවත්වන්නට.” යැයි සංවිධායක කමිටුවේ ප්‍රධානත්වය ගෙන කටයුතු කළ වල්ලුවන් මහතා ප්‍රකාශ කළේය.
තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට





















