පසුගිය දා අති සාර්ථකව අවසන් වූ 6 වන හ’බර්ට් කුසලාන පැසිපන්දු ශූරතාවය මඩකලපුව සාන්ත මයිකල් විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විය. පැසිපන්දු ක්‍රීඩාව කොළඹට පමණක් සීමා වීමේ අවදානමක් ඇති සමයක ලංකා සිතියමේ අනෙක් කෙළවරට ක්‍රීඩකයන් රැගෙන ගොස් තරගාවලියක් ක්‍රීඩා කරවීමට හැකි වීම ම භාග්‍යයට කරුණක් බව පසක් කළ යුතුයි.
හර්බර්ට් කුසලානය ගුවන් හමුදාවට
සාන්ත මයිකල්ස් විදුහල් පරිශ්‍රයේ පැවති 6 වන හර්බර්ට් අනුස්මරණ කුසලාන පැසිපන්දු තරගාවලිය අතිඋත්කර්ෂවත්..

තරගාවලිය අතරතුර අපට හිටපු මයිකල්ස් විද්‍යාලයේ හිටපු පැසිපන්දු පුහුණුකරු මැල්කම් ඩෙලීමා මහතා සමඟ පිළිසඳරක යෙදෙන්නට අවස්ථාව හිමි විය. මයිකල්ස් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් මෙන්ම පසුව පොලිස් කණ්ඩයම නියෝජනය කරමින් ජයග්‍රහණ රැසක් දිනා ගත් එතුමා මෙහි දී අප සමඟ සිය මතකය ආවර්ජනය කළේ මෙලෙසයි.
“1948 දී පූජක මිලර් හා පූජක රීමන්ඩ් දෙදෙනා මයිකල්ස් විද්‍යාලයට පැමිණීම අපි ලබපු ලොකු භාග්‍යයක්. රීමන්ඩ් පූජකතුමා මයිකල්ස් විද්‍යාලයේ පුහුණුකරු තනතුර භාර ගැනීම අපට තවත් වැදගත් සිදුවීමක් වුනා. මයිකල්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කළ ක්‍රීඩකයින් දෙදෙනෙකුගෙන් සැදුම් ලත් කණ්ඩායමක් 1950 වසරේ ජාතික ශූරතා පැසිපන්දු තරගාවලියේ අනුශූරතාවයට පත් වීම අපට ඉදිරියට යන්න ලොකු උදව්වක් වුනා, නමුත් කණ්ඩායම ක්‍රීඩා කළේ නැගෙනහිර පළාත නියෝජනය කරමින්.”
තවදුරටත් අදහස් දක්වමින් එතුමා මෙසේ ප්‍රකාශ කළේය.

වර්තමානය තුල ප්‍රධාන පැසිපන්දු කණ්ඩායම් කිහිපයකම මයිකල් ආදී ශිෂ්‍යයින් ක්‍රීඩා කරනු අපට දැක ගත හැකියි. එයිනුත් තිමති නිතුෂන් ශ්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායම නියෝජනයට අවස්ථාව උදා කර ගත් අතර අවසන් වරට පැවති 51 වන ජාතික ජ්‍යේෂ්ඨ පැසිපන්දු ශූරතාවලියේ ශූරතාවය දිනා ගත් ගුවන් හමුදා කණ්ඩායමේ ඇන්තනි වෙනිටෝ හා ශ්රීතසාන් ශ්‍රී යන ක්‍රීඩකයන් ද මයිකල්ස් විද්‍යාලයේ සිප් සතර හැදෑරූ වූවන් බව සිහි කළ යුතුයි.

මෙවර තරගාවලියේ අවසන් තරග නැරඹීම සඳහා ද සැලකිය යුතු ජනකායක් පැමිණ සිටි අතර ප්‍රවේශ පත්‍ර පවා ලබාගෙන මෙම තරග නැරඹීම සඳහා ඔවුන් පැමිණීම අගය කළ යුතුයි.
අවසන් වශයෙන් තරගාවලියේ සංවිධායක කමිටුවේ සාමාජික වල්ලුවන් මහතා අප වෙත මෙසේ අදහස් දැක්විය.

කෙසේ වෙතත් පාසල් පැසිපන්දු ඉතිහාසය උඩු යටිකුරු කළ මයිකල්ස් කණ්ඩායමට නැවත තම දක්ෂතා අතරට එන්නට අවස්ථාව ලැබෙන බව අපට තරගාවලිය තුල දී පෙනෙන්නට වූ කරුණක්. එයට හේතුව මඩකලපු ජනතාව ඔවුන් පසුපසින්ම සිටීමයි.
තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට





















